Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2
Artwork for NYE 2020 at the Paradise Beach Mount - sidebar Artwork for Coffee post sidebar 1

4/5

Cloud Lounge

53/A/1, Allen Avenue Dehiwala-Mount Lavinia

  • Closed right now


Located on the rooftop of the building where Habibiz Sri Lanka, they serve shisha as well as some good food.



ක්ලවුඩ් ලෝන්ජ් එක තියෙන්නෙ රූෆ්ටොප් එකක. පෙනුමත් හරියට රූෆ්ටොප් බාර් එකක් වගේ. එකම වෙනස ඇල්කොහොල් වෙනුවට මෙතන තියෙන්නෙ ශීෂා. මුස්ලිම් අය ඇල්කොහොල් බොන්නෙ නැති නිසා ඒ ආතල් එක ම වෙන විදියකට ගන්න තමයි මේ වගේ ශිෂා බාර් තියෙන්නෙ. එහෙම බැලුවොත් මේක ‘හලාල් බාර් එකක්’ කියන්නත් පුළුවන්.

අපි ක්ලවුඩ් ලෝජ්න් එකට යද්දි හවස පහට විතර ඇති. ඒ වෙලාවට නම් බලු බල්ලෙක් නෑ; වැඩකරන සෙට් එක විතරයි. කොහොමත් මේක අරින්නෙත් හවස හතරට නෙ. රෑ වෙද්දි තමයි කට්ටිය සෙට්වෙන්නෙ.

මේගොල්ලො ගාව එක එක ජාතියේ ෆ්ලේවර්වල  ශිෂා ‍තියෙනවා. අපිත් වාඩිවෙලා මෙනු එක අතට ගත්ත ගමන් ම අපේ වේටර් මල්ලි අපෙන් ඇහුවේ ෆ්ලේවර් එක මොකක්ද ඕන කියලා. ඒත් එදා ගියපු අපි දෙන්නගෙන් එකෙක්වත් ශිෂා බොන්නෙ නෑනේ. 

“ශිෂා බාර් එකකට ඇවිල්ල කන්නයි බොන්නයි විතරක් ඕඩර් කරන්න මුන් දෙන්නට පිස්සුද”’ කියලා වේටර් මල්ලිට හිතුණද දන්නෙ නෑ. හැබැයි මිනිහා ඒ බවක් පෙන්නුවෙ නම් නෑ. 

කෑම බීම

අපි කන්න ඕඩර් කළේ චිකන් වින්ග්ස් (රු. 450) එකකුයි ස්ට්‍රෝබෙරි චොකලට් වෆල් (රු. 500) එකකුයි; බොන්න ගත්තා බ්ලූ වින්ක් මොක්ටේල් (රු. 590) එකයි පැෂන් ඇන්ඩ් මින්ට් (රු. 380) එකයි. සාමාන්‍යයෙන් මෙතනට එන කට්ටිය ශිෂා එක ඇදඇද පැය ගාණක් ඉන්න නිසාද කොහෙද කෑම බීමත් ඒ වේගෙන් තමයි එන්නෙ. කොහොම හරි විනාඩි පහළොවක් විස්සක් යද්දි බීම දෙක මේසෙට ආවා. කෑම ටික එන්න තවත් විනාඩි දහයක් විතර ගියා.

දෙහි, ස්ටොබෙරි, බ්ලූ කුරසාවා එක්ක රෙඩ්බුල් දාලා හදනව කීවට බ්ලූ වින්ක් එකේ වැඩිපුර ආවේ රෙඩ්බුල් රස තමයි. බ්ලූ කුරසාවා රසත් ළාවට වගේ ආවා. අනිත් දේවල්වල රස නම් දැනුණේ නැති තරම්.

පැෂන් ඇන්ඩ් මින්ට් එක කොළම කොළ පාටට එද්දි අපි හිතුවේ පැෂන් රහ කැපෙන්න තනිකර මින්ට් රසට ඇති කියල. හැබැයි එහෙම නෑ. පැෂන් රසත් එක්ක ගානට වගේ තමයි මින්ට් රසත් ආවේ. පොඩ්ඩක් විතර පැණිරස පැත්තට බර වුණත් කට ඇලෙන ගානට සීනි දාලා නම් නෑ. මම හිතන්නෙ මේගොල්ලන්ගෙ බීම වර්ග හදන්නෙත් ශිෂා එකේ කික් එකත් එක්ක සෙට්වෙන්න.

වේලිච්චි පාටට තිබුණට මොකද මේ චිකන් වින්ග්ස්වල ඇතුළ හොඳ ජූසි ගතියට තිබුණා. ලුණු, ගම්මිරිසුත් හොඳට අල්ලලා තිබුණු නිසා සෝස් නැතුව කන්න පුළුවන්. ඇත්තට ම මේකත් එක්ක එන කෙචප් සෝස් එක නම් නැති තරමට හොඳයි; චිකන් එකේ රසක් දැනෙන්නෙ නෑ ඒක ගාගත්තම.

මේ වෆල් එක ‍අපිට ගොඩක් තැන්වල හම්බවෙන වෆල්වල‍ට වඩා ටිකක් ඩෙන්ස්. නටෙලා ඉතිං කොහොමත් නටෙලා නෙ. හැබැයි වැනිලා අයිස් ක්‍රීම් එකත් එකතුවුණාම මේ තුන මරැවට යනවා. වෆල් එක තව ටිකක් උණුවට තිබ්බ නම් තවත් හොඳයි හැබැයි. 

සර්විස් එක

කලින් කීවා වගේ කෑම බීම මේසෙට එන්න ටික වෙලාවක් යනවා. හැබැයි සර්විස් එක නම් පට්ට. අපේ වේටර් මල්ලිට අමතර ව එතන හිටපු තව මැනේජර් වගේ කෙනෙකුත් ඇවිත් අඩුපාඩු මොනවත් තියෙනවද කියල බලල ගියා. 

අවසාන වශයෙන්

ශිෂා ගහන්න තමයි ඉතිං මෙතන හදලා තියෙන්නෙ. මේකට ගිහිං නිකං කාලා බීල එනවා කියන්නෙ නිකං බාර් එකකට ගිහිං බොන්නෙ නැතුව කාලා බීලා ආව වගේ තමයි (අපිත් ඉතිං කළේ ඒක ම තමයි). හැබැයි එක දෙයක්: ශිෂා එක ගහන අතර මොනව හරි කන්න බොන්න හිතුණොත් මේගොල්ලෙන්ගෙ කෑම බීම නම් උඩින් ම රෙකමන්ඩ් කරන්න පුළුවන්. 

Address

53/A/1, Allen Avenue Dehiwala-Mount Lavinia

Report Inaccuracy
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment