Artwork for New PickMe Flash banner 15 June 2021
Artwork for PickMe marketplace sidebar banner -temp Artwork for Coffee post sidebar 1-Aga coffee

4/5

Clove Bistro

96, B345, Sri Jayawardenepura Kotte


A restaurant down Pagoda Road with a menu that doesn't leave a dent in your wallet.



පිටකෝට්ටේ හන්දියෙන් පාගොඩ පාරට හැරිලා පොඩි දුරක් ගියාම හම්බෙන ක්ලව් බිස්ට්‍රෝ එක ළඟින් යන එන ගමනෙදි ගිහින් තිබුණට මොකද, ගොඩ වෙලා බලන්න පුළුවන් වුණේ ඊයෙ පෙරේද දවසක. මේ තියෙන්නෙ ඒ ගමනෙ විස්තරේ.

තැන

මේක පාර අයිනෙ ම තියන තට්ටු දෙකක බිල්ඩින් එකක්. එක පාර ලොකු පිරිසකට සුවපහසුවෙන් අසුන් ගන්න, කන්න බොන්න, සතුටු සාමීචියෙ යෙදෙන්න, ඕන තරං ඉඩකඩ තියනවා. ලී පුටු, කුෂන් පුටු, ලී බංකු, ලී මේස ගොඩක් පිළිවෙළට ඇරේන්ජ් කරලා. තැන හරිම පිරිසිදුයි වගේ ම පිළිවෙළයි කියන එක තමයි අපේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක.

අපි වාඩි වෙන්න තෝරගත්තෙ උඩ තට්ටුව. උඩ තට්ටුවට නඟින්න දෙපැත්තකින් පඩිපෙළවල් දෙකක් තියනවා. ඒ වගේ ම පුංචි බැල්කනි එකක අවුට්ඩෝ සීටිං එහෙමත් ඇරේන්ජ් කරල තියනවා. මේගොල්ලො BYOB පහසුකම එහෙමත් ලබා දෙනව ලු.

කෑම

මෙතන මෙනු එකේ ෆ්‍රයිඩ් රයිස්, සැන්ඩ්විච්, බර්ගර්ස්, රැප්ස්, ග්‍රිල්ඩ් මීට් වගේ ජාති ගොඩක් තියනවා. අපේ ඕඩර් එක මෙන්න මෙහෙමයි. රෙගියුලර් සීෆුඩ් රයිස් එකයි (රු. 760), ෆිෂ් පෙපර් ස්ටු එකයි (රු. 790), චිකන් ඇන්ඩ් චීස් ෂවර්මා එකයි (රු. 750).

සීෆුඩ් රයිස් එකට හීනියට ලියපු කැරට්, ලීක්ස්වලට අමතරව ඇති පදමට මාළු, ඉස්සො එහෙම දාල තිබුණා. බත හොඳට සුමුදුවට සහ රසට තිබුණා. මේකට ඉස්සො ෆ්ලේවර් එකක් තියන චිලි පේස්ට් පොඩ්ඩකුත් ආවා. චිලි පේස්ට් එකේ තෙල් ගතිය නං පොඩ්ඩක් වැඩියි. ඒත් සාමාන්‍යයෙන් ෆ්‍රයිඩ් රයිස්, සීෆුඩ් රයිස්වල තියන ලුණු සහ තෙල් ගතිය මේගොල්ලන්ගෙ රයිස් එකේ තිබුණෙ නෑ. ඒක හොඳ ලකුණක්!

කටට සොෆ්ට් මාළු කෑලිවලට, ලොකුවට කපපු අල, ලූනු, තක්කාලි, අමුමිරිස් අඩුමකුඩුම යහමින් දාලා, යන්තමින් ග්‍රේවි එක්ක හොඳ ගම්මිරිස් සැරට තමයි ෆිෂ් පෙපර් ස්ටු එක හදල තිබුණෙ. මේක ඇත්තට ම කටට රසයි. පෙනුමෙනුත් රස පාටයි නේ. සීෆුඩ් රයිස් එකත් එක්ක මේක මරුවට ගැලපුණා.

චිකන් ඇන්ඩ් චීස් ෂවර්මා එකත් එක්ක ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සහ සෝස් එහෙමත් ආවා. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික හොඳ රන්වන් පාටට බැදිල තිබුණා. කර වෙලත් නෑ පෙඟිලත් නෑ. හොඳ ෆ්‍රෙෂ් සලාද කොළ, තක්කාලි, ලූනු, ගෝවා එහෙම හීනියට ලියලා, චිකන් සහ චීස් ගොඩක් එක්ක ෂවර්මා එක ස්ටෆ් කරලා. පිටා රොටියත් හපන්න අමාරු නැතිව සුමුදුවට සෑහෙන හොඳ තත්ත්වෙක තිබුණා. හැබැයි පොඩ්ඩක් වේලිලා වගේ.

බීම

මොහිටෝ, ස්මූදීස්, මිල්ක්ෂේක් වගේ බීම ජාති ක්ලව් බිස්ට්‍රෝ එකේ ඩ්‍රින්ක්ස් මෙනු එකේ තියනවා. අපි මොහිටෝ එකකුයි ස්මූදි එකකුයි ගත්තා.

මේ තියෙන්නෙ ජින්ජර් කූලර් එක. (රු. 390) කතා දෙකක් නෑ කාලෙකින් බීපු හොඳ ම, රිෆ්‍රෙෂිං ම ඩ්‍රින්ක් එක. කඩේ තියන ජින්ජර් බියර් ජාති කැලේ. මේකේ තද ඉඟුරු රස විතරක් නෙමේ, චොප් කරපු ඉඟුරු කෑලිත් හැපෙනවා. යන්තම් පැණි රහයි, මින්ට් සහ දෙහි රහයි එක්ක ඉඟුරු රහ එකතු වෙලා මාර ස්ට්‍රෝං ෆ්ලේවර් එකක් හැදිලා තිබුණා. මිංචි කොළයක් උඩින් දාලා පෙනුමත් ලස්සන කරලා. ඉතිං මේක නං සුපිරි.

අපි ගත්ත ස්මූදි එක නම් කරලා තිබුණෙ ‘කිරා’ කියල (රු. 420). මේක අඹ, ස්ට්‍රෝබෙරි වගේ පලතුරු වර්ග ගොඩක් වැනිලා කිරි එක්ක ගලපලා හදන ස්මූදි එකක්. පුදුම තරං උකුයි. ඩ්‍රින්කිං යෝගට් එකක් වගේ. ඒ වගේමයි රහත්. හොඳට ඉදුණු අඹ සහ ස්ට්‍රෝබෙරි රස, දෙහි ඇඹුල් එක්ක හොඳහැටි මික්ස් වෙලා මාර රසක්. ගාණේ හැටියට පොඩ්ඩක්වත් පාඩු නෑ. මොකද ග්ලාස් එක හෙන ලොකුයි. ඉවර කරගන්නත් බැරි තරං.

සර්විස් එක

ස්ටාෆ් එකේ කට්ටිය හරිම ෆ්‍රෙන්ඩ්ලි. මෙනු එකේ තියන කෑමබීම ගැන වැඩිදුර විස්තර කියල දෙන්නත් ඒගොල්ලො අමතක කරන්නෙ නෑ. ඒ වගේ ම කෑමබීම ඔක්කොම මේසෙට එන්න ගියේ විනාඩි දහයක් විතර. ඉතින් සර්විස් එක උපරිමයි කියන්න පුළුවන්.

අවසන් වශයෙන්

ගෙවන ගාණට පාඩු නැතිව බඩ පුරවගන්න හොඳ ම තැනක් විදිහට ක්ලව් බිස්ට්‍රෝ එක හඳුන්වන්න පුළුවන්. තැනත් හොඳයි, කෑමත් රසයි, සර්විස් එකත් උපරිමයි. ඒ මොනා නැතත් බීම ජාති ටික ඔක්කොටම වඩා සුපිරියි නේ! ඉතින් යන එන ගමන් මෙතෙන්ට ගොඩ වෙලා බලන්නකො..


Similar Places

User Reviews
C
1

5/5

0

ChannaGun

Their mixed grill is pretty awesome!

C
1

5/5

0

ChannaGun

Their mixed grill is pretty awesome!

See 3 Comments