Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

3/5

Coco Citrine

80 Pannipitiya Road, Battaramulla


The setting is nice and for Rajagiriya, Pelawatte, Battaramulla, Thalwathugoda dwellers looking for some isaraha kema (literally forward food-aka western food) and loathe to leave the hood this is a definitely an option (well it's the only option). The place is definitely well set up for dessert, coffee, wifi and chilling in the burbs.



කොකෝ සිට්‍රීන් කියන්නේ බත්තරමුල්ලේ පන්නිපිටිය පාරේ පිහිටි අවන්හලක්. මේ හරියේ ඉන්නේ ධනවත් අය වුණාට රාජගිරියෙන් ඔබ්බට අවන්හල් හිඟයි.

පැරණි බංගලාවක පිහිටි එය ඒ උපනාගරික ප්‍රදේශයට හොඳට ගැලපෙනවා. එහි පිරිනමන්නේ මධ්‍යධරනී කලාපයේ කෑම. වැඩි බරක් තබන්නේ බටහිර සම්භාව්‍ය ග්‍රීක ශිෂ්ටාචා‍රයේ කෑමවලට.

බටහිර ලෝකයේ සෙසු රටවලට වඩා වෙනස් ග්‍රීසිය හා සම්බන්ධ තර්ක කෙසේවෙතත්, තර්කයකින් තොරව පිළිගැනෙන කරුණක් තමයි, ග්‍රීසියේ කෑමවල හොඳකම. ඒ නිසා අපි ඒ කදිම ගෙවත්තේ හිඳගෙන මෙනූපත පිරික්සුවේ ලොකු බලාපොරොත්තු ඇතිව.

බලාපොරොත්තු වූ moussaka, souvlaki ව‍ගේම ආරම්භක ආහාර වූ bruschetta, බැදපු හතු, ග්‍රිල් කරපු චීස් වැනි ආහාරත් තිබුණා. ඒත්, dips hummus, tirokafeteri හෝ taramasalata වැනි ග්‍රීක් ආහාර තිබුණේ නැහැ. ප්‍රධාන ආහාර වර්ග රු. 700-1000 අතර. බත්තරමුල්ලේ ප්‍රමිතීන් අනුව ගොඩක් මිළ වැඩිවුණාට මේ දවස්වල කොළම ඉහළ මධ්‍යම පංතික තැන්වල මිළ.

මධ්‍යධරණී ආහාර සමග සම්බන්ධයක් නැති කෝඩන් බ්ලූ, ෆිෂ් ඇන් චිප්ස්, වොඩ්කා සෝස් සමග පෙන් වැනි ආහාරවලින් පෙන්නුම් කෙරුණේ සියලු බටහිර ආහාර එකට ගොඩගැසිය හැකි යයි සිතන පොදු අවන්හල් දුබලකම.

අපි ඇණවුම් කළේ රු. 900ක් වූ කුඩා ආරම්භක ආහාරයක් වූ මුසාකා හා ඌරුමස්වලින් සාදන ලද ලොකු සව්ලැකි. එය ප්‍රමාණයෙන් ලොකු වුණත්, කිසිවක් කැපී පෙනුණේ නැහැ. බ්‍රෂෙටා තෙත් වැඩියි. චිප්ස් හා බැදපු හතු හොඳයි. මුසාකා ඇත්තෙන්ම රසයි. එතරම් බර නැහැ. වම්බටු, අඹරපු මස් මහ බෙච‍මල් හොඳයි. ඌරුමස් ‍සව්ලැකිය ගන්න දෙයක් නැහැ. ඒ සමග පිරිනමන ලද පිටා පාන් සමග කන්න බැරි තරමට ඒවා වියළියි. අපි ඒ දීසි අවසන් කරමින් සිටියදී ප්‍රධාන ආහාර අවා. අපි තුන්දෙනෙක් දෙදෙනෙකුගේ කෑම බෙදාහදාගෙන කෑවා. කෑම තව ඉල්ලන්න තරම් රස නැතිවුණාට ඔවුන්ගේ අතුරුපස කදිමයි. චීස් කේක්, චොක්ලට් කේක්, ස්ට්‍රෝබෙරි පැනකොටා (රු. 300 - 400) ආදිය ප්‍රධාන ආහාරවලට වඩා හොඳයි. සුවිශේෂ නැති වුණාට එහි මේද සහ සීනි තුලනය කර තිබුණු ආකාරය නිසා තව කන්න හිතෙනවා.

බිල රු. 5300යි, අයිස් තේත් එක්ක. අපට අප ගෙවූ මිළට වටිනාකමක් ලැබුණේ නැහැ. ඒත්, ඔවුන්ගේ පිහිටීම හා ගෙවත්ත ලස්සනයි.  බටහිර ආහාර සොයා යන රාජගිරිය, පැලවත්ත, බත්තරමුල්ල, තලවතුගොඩ පදිංචිකරුවන්ට මෙතැන හොඳ තැනක්.  වයිෆයි පහසුකමුත් තිබෙනවා.

TIP

Moussaka was good on the day though we've heard a few complaints regarding consistency. The giant wedge of chocolate cake for Rs 300 was pleasing. Lots and lots of plug points in the shaded rear dining area- so very good for coffee and wifi.

Address

80 Pannipitiya Road, Battaramulla

Contacts

E-Mail Facebook Website

Report Inaccuracy

This place has closed down

Cuisine

Greek

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 7 Comments