Artwork for Brew-at-Hatch-Top Banner 2 new landing page
Artwork for The Garden top banner 2 - temp
Artwork for Marketplace Sathi-Pola SDBBNR 1 Artwork for Coffee post sidebar 1-1959 new

4/5

1979 Coco Hut

1/2, 201 Kesbewa - Kindelpitiya - Bandaragama Road, Boralesgamuwa


A buth kadey by 1979, serving up some superb Lankan rice and curry spread.



ආයෙ අමතක වෙලායැ!

හප්පොච්චියෝ.. 1979 එකේ කරපු පිස්සුවක්. ඊට පස්සෙ එක දවසයි ගියෙත්. ඇයි ඉතින් ලැජ්ජාවටමනෙ. පහුගිය දවසක යාළුවෙක් කිව්ව ඒකෙ සුපිරි බත් කඩයකුත් දාලා කියල. ඒත්.. යන්න තියා, හිතක්වත් නෑ හොඳේ. හැබැයි ඒක අහපු වෙලාවෙ ඉඳන් නම් නිකම් මොකක්ද මොකක්ද වගේ. ඇයි ඉතින් කෑමවල රසත් දන්නවා..

කනකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ.

ම්ම්.. මොකද කරන්නේ.. කියල කල්පනා කරල, කල්පනා කරලම කොහොම හරි එදා දවස ඔන්න මිස් වුණා.

ඒකට, ඊයෙ පත්තු වුණා කියන්නකො ‘කොකෝ හට්’ ලෙසටම. ගෙදර කට්ටියත් දුරක ගිහින්, කෑම උයන්නත් කම්මැලියි වගේ තියෙද්දි, නිකමට ගියා ඇප් එක පැත්තට ඕඩරයක් දාන්න කියල. ඒ ගිහින්, තරු 5ට රේටින් දාලා කඩ දෙකයි පහලට යන්න හම්බවුනේ, අඹ ගහේ ජම්බු කියන්න, මෙන්න ‘කොකෝ’ එතන!

ආයෙ ඉතින් වෙන කඩයක් බලයිද ඈ.. ගත්ත ගමන් යාළු මට්න් රයිස් ඇන්ඩ් කරි එකක් (රු 370). දැම්ම මට. දාලා පොඩ්ඩක් කල්පනා කරල, ටිකකින් පොඩ්ඩක් සෙට් වෙන්න අපේ ගෙවල් පැත්තට එනව කියපු යාළුවො දන්නටත් දැම්ම පෝර්ක් කහබත් එකකුයි (රු. 320), දැල්ලො රයිස් ඇන්ඩ් කරි එකකුයි (රු. 340).

දාලා ඉතින්, ඉන්න අතරට වැස්සක් එහෙමත් වැහැලා, වටපිටාව කූල් වෙලා.. යාළුවො දෙන්නත් ඇවිල්ල!

දෙකයි..! තණකොළ කාගෙන ගියේ. ඊට පස්සෙ බඩගිනියි කියන්නේ..

ඩිලිවරි මල්ලි ගේට්ටුව ළඟට එනකම් ෆෝන් එකේ ඩිස්ප්ලේ එක නිවෙන්න දුන්නෙ නෑ කියන්නකො.

“මගදි වැස්සකට අහුවුණා සර්. ට්‍රැෆික් එකයි.. පොඩ්ඩක් පරක්කු වුණා ඉතින්”

“අයියෝ.. ඕවා මොනවද මල්ලි. මෙන්න මේක තියාගන්න. තැන්ක්යූ ඈ..” මල්ලි ගේට්ටුව ලඟ, මම පියාඹල යනව ඇතුලට. ගිහිල්ල කෙලින්ම කුස්සියට, පිඟානක් ගන්න හම්බවුණේ  නෑනෙ අතට. අර බහිරවයො දෙන්න ආවා.. ‘මෙහෙ ගනින්’ කිව්වා..

එච්චරයි ඉතින්. වැඳල වගේ අමාරුවෙන් පොටෝ දෙකතුනක් කොටා ගත්තෙ ඔයාලට පෙන්නන්න.

ඕං.. පහළින් බලන්නකො.

බත් තියා එක කෙහෙල් කොළ කෑල්ලක්වත් ඉතුරු නෑ මගෙහිතේ.

ඇත්තටම, ඒක කෑවට පස්සෙ නම් හිතාගත්ත ලැජ්ජාව පැත්තකින් තියල, ළඟදිම ආයෙත් ගිහිල්ල, කනව බඩ පැලෙන්න කියල. ඇයි යාළු මටින් කරිය එහෙම සුපිරි ඈ.. අවංකයෙන්ම කාලෙකට පස්සෙ කෑවෙ අපේ රහට මට්න් කරියක්. හොඳ හැටි මිරිස් තුනපහ, රම්පෙ කරපිංච, ගොරක සුදුළූණු, ඇඹුල් ගතිය තියෙන්න හදල තියෙනවා.. මට්න් කෑලිත් පොඩි පොඩියට කපල නිසා ඒවටත් රස පදම අල්ලල නියමෙටම. හැරත් ඒකට හින්දපු පරිප්පුත් එකතු වුණාමනෙ. මං කිව්වෙ අර ගෙදර හදනව වගේ හින්දල නෙවෙයි, ඒත්.. තරමකට හින්දල. එකම අවුල තිබ්බෙ පරිප්පුවට මිරිස්, අමුතුනපහ පොඩ්ඩක් මදි එක තමයි.

අන්න ඒකට බෝංචිය! ෆ්‍රෙෂ් රසින් පිනායනව. මම වැඩිය බෝංචි කන්නෙත් නෑ. ඒත් ඒ බෝංචි එක නම් කෑවා ලෙසටම. මොකද කිරි රස හොඳටම හොද්දෙ, ෆ්‍රෙෂ් රස බෝංචිවල මැද්දෙ. ම්ම්.. කල්පනා කරල බලද්දි පොල්සම්බෝලෙත් නොම්මර එකයි ඈ.. අර වැඩේ තිබ්බෙ ඒකට දෙහි වෙනුවට තක්කාලි දාලා තිබ්බ එක තමයි. නැත්නම් මිරිස් අඩුම කුඩුමවල එහෙම නම් අඩුපාඩුවක් නෑ.

ඒත් යාළු, පොලොස් එක නම් මුල ඉඳන්ම හැදෙන්න ඕන. විශේෂයෙන්ම පොලොස් කෑලි තැම්බිලත් නෑනෙ හරියට. බැදපු තුනපහ අඩුම කුඩුම ටික නූලට දාල තිබ්බට අර බාගෙට තැම්බිච්ච ගතිය නිසා, කෑලි වලට ඒක අල්ලලත් නෑ.

ඔය අතරට ඉතින් දන්නැද්ද. මම වෙනද පුරුද්දට, දැම්ම යාළුවගෙ බත් එකට අත. දාලා ගත්ත, එකෙක්ගෙන් දැල්ලො කෑලි 2කුයි, අනිකගෙන් කහ බතුයි, පෝර්කුයි, හතු බැදපුවයි.

අරගෙන ඔන්න ආයෙත්.. 

වැඩේට බැස්ස විතරයි, ඉස්ඉස්සෙල්ලාම කියල කෑවෙ දැල්ලො කෑල්ලක්, පංකාදු පහයි කියන්නකො. අනේ මංදා ඒකට වැඩි දෙයක් දාලත් නෑ. හැබැයි රසයි.. ඔක්කොටමත් වැඩිය දැල්ලගෙ රස හොඳ ෆ්‍රෙෂ් එකට එනවනෙ. බැදපු තුනපහ, මිරිස් අඩුමු කුඩුමත් එක්ක.. ෂැහ් ටොප් ආ.. මගෙ හිතේ ඒකෙ හොද්දත් ලෙසටම තියෙන්න ඇති. චැහ්, ඒක මිස් වුණානෙ.

කමක් නෑ ඉතින් කියල, ඊට පස්සෙ කෑවා පෝර්ක් එක්ක කහබත්.

අන්න.. ඒකෙ තියෙනව පොඩි අවුලක්. ම් ම්.. ම්… පෝර්ක් තැම්බිලා මදි. අනික ඒකට හොද්දෙ තිබ්බ තුනපහ අඩුම කුඩුම අල්ලත් නෑ. හදිස්සියට බාලා වගේ. කහබතට එනසාල්, කරාබුනැටි පවා දාලා, රහට හදල, හතු බැදුමත් සුපිරියටම අරගෙන..

ඇයි දෙයියෝ.. පෝර්ක් එක විතරක් අවුල් කලේ!

ඔන්න මං එන දවසට නම් එහෙම කරන්න එපා..

කුක් අයියට එච්චරයි කියන්න තියෙන්නෙ. 


TIP

Try Mutton Rice & Curry


Have you visited this place?

Write your own review!
Leave a comment