Artwork for New PickMe Flash banner 15 June 2021
Artwork for PickMe marketplace sidebar banner -temp Artwork for Coffee post sidebar 1-Aga coffee

3/5

Coco Veranda

Ward Place, Colombo 00700, Sri Lanka


At the start, Coco Verandah was a huge hit amongst the local scene. They've steadily declined in terms of quality over time, though.



“ඇවිල්ලා ඇවිල්ලා ෂොපින් කරන කාලේ ඇවිල්ලා”

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී අපි අලුත් ඇඳුම් අරගන්නේ මොකටද කියලනම් එච්චර පැහැදිලි නැහැ. හැබැයි ඉතින් මේ කාලෙට කොහේ හරි ඩිස්කවුන්ට් එකක් දැක්කත් සනීපයි. නැත්තන් ඉතින් ඕවයේ ගණන්වල හැටියට ඇඳුමක් තියා ඇඳුම් කෑල්ලක්වත් ගන්න බැහැනේ.

ඔන්න ඔය වගේ ඩිස්කවුන්ට් ටිකක් පස්සේ ගිහින් අපි අන්තිමට නැවතුණේ කොළඹ විජේරාම හරියේ. පට්ට බඩගිනි. හොඳ කෑම ටිකක් කන ගමන් පොඩ්ඩක් සැපට වාඩිවෙලා ඉන්න තමයි අපට ඕනේ වෙලා තිබුණේ. මොකද ඉරත් මේ දවස්වල අලි ගෑස්නේ දාන්නේ. ඒ කිට්ටුව තියෙන කොකෝ වැරැන්ඩා එක මගේ ඔළුවට ආවේ ඔන්න ඔය වෙලාවේ.

තැන සහ වාතාවරණය

කොකෝ වැරැන්ඩා එක තියෙන්නේ කොළඹ හතේ. හරියට ම කිව්වොත් වෝඩ් ප්ලේස් පාරේ කොමර්ෂල් බැංකුව පහු කරලා මීටර් 20ක් විතර දුරින් තමයි මේක තියෙන්නේ. අපරාදේ කියන්න බෑ හරි අපූරු කඩ පොඩිත්ත. හරි ම නිදහස් ගතියක් තියෙනවා. පත කුෂන් පුටු මේස තියෙන නිසා හොඳ සැප පහසුවට වාඩිවෙලා ඉන්න පුළුවන්.

කෑම බීම

අමුතුවෙන් කියන්න දෙයක් නෑ, අපේ ඔය කැෆේවල තියෙන පැස්ටා, සැන්විච්, බර්ගර් වගේ ජාති තමයි මෙහෙ කෑමට තියෙන්නේ. බීම වර්ග විදියට හොට් චොකලට්, කෝපි, ෆ්‍රැපේ ජාති. අහ්! තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මොක්ටේල් එහෙමත් කොකෝ වැරැන්ඩා මෙනුවේ දැකගන්න පුළුවන්.

හෙම්බිරිස්සාව නිසා මගේ නහයත් බෙරි වෙලා. ඔය අස්සේ සීතල දෙයක් බිව්වොත් පහුවෙනිදට වෙන දේ මැවිලා පේන නිසා මං “හොට් චොකලට්” (රු.590) එකක් ඕඩර් කළා. යාළුවා ගත්තේ “කිවි ඇන්ඩ් ලයිම්” (රු.660) මොක්ටේල් එකක්.

බොනවනම් ඔන්න හොට් චොකලට්! නියම උකු ගතියට තිබුණු මේ හොට් චොකලට් එකේ පට්ට ඩාක් චොකලට් රසක් තිබුණා. සීනිත් නියම ගානට. ඒ නිසාමයි චොකලට් රස වැඩියත් එක්ක ම දැනුණේ. මේකේ ක්‍රීමි ගතිය තමයි මට හොඳට ම අල්ලලා ගියේ.

කිවි ඇන්ඩ් ලයිම් එකේ තිබුණේ අමුතු කේස් එකක්. මේකේ උඩ හරියෙන් බිව්වා ම එන්නේ ඇඹුල් රසක් විතරයි. අර දාලා තියෙන ලයිම් රස තමයි ඒ සැරට දැනෙන්නේ. ඒත් අඩිය හරියෙන් බොද්දී කිවීවල පැණි රස මිශ්‍රවෙලා මේ ඇඹුල් ගතිය ගානට බැලන්ස් වෙනවා. ඒ නිසා හරියට මික්ස් කරගෙන බොන්න ඕනේ.

කෑම විදියට අපි ගත්තේ “ස්පගැටි කාබෝනාරා” (රු.670) එකකුයි, චීස් දාපු “ලෑම්බ් බර්ගර්” (රු.860, චීස් නැතුව රු.740) එකකුයි.

ෂහ්! ස්පගැටි කාබෝනාරා එක පිරෙන්න පාමේසන් චීස් කුඩු කියන්නකෝ. පිඟානේ අඩියට යන්න යන්න පැස්ටා එකේ තියෙන උණු ගතිය රැඳිලා තිබුණෙත් මේ චීස් තොගේ ට පිං සිද්ධ වෙන්න. නියම ම රසයි. මේකට දාලා තිබුණු චිකන් හැම්වලින් ඒ රස තව දෙගුණ තෙගුණ වුණා. ඇත්ත ම කිව්වොත් බාගයක් කාගෙන යද්දී මගේ බඩ ෆුල්. ඒත් ඉතින් අපේ  පෙරේතකම ලේසියකට ඉවර වෙන්නේ නැහැනේ. මුළු පිඟාන ම හිස් කරලා තමයි ඔන්න මං ඔළුව ඉස්සුවේ.

යාළුවා ගත්ත ලෑම්බ් බර්ගර් එකත් මීට නොදෙවෙනි නැහැ. හොඳ ෆ්‍රෙෂ් ගතියට තිබුණු ලෑම්බ් පැටි එක හරිම ක්‍රන්චි. මේකට උඩින් අඹරැල්ලා රසට හුරු චට්නි වගේ ජාතියකුත් දාලා තිබුණා. චීස් එකත් එක්ක එකතුවෙලා එද්දී ඉතින් කාටද කන්න බැරි? මේකත් එක්ක ලැබුණු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටිකත් බර්ගර් එකට ම කියාපු කෑම.

සර්විස් එක  

සර්විස් එකේ වරදක් නැහැ. අපේ කෑම බීම ටික මේසෙට එන්න ගියේ විනාඩි දහයක්, පහළොවක් වගේ. ඕඩරේ දෙන්න කවුන්ටරේ ට ගියා ම නම් පොඩ්ඩක් බලාගෙන ඉන්න වුණා. මොකද එවෙලේ එයාලා සල්ලි වගයක් ගැනගැන හිටියේ. හැබැයි ඒ ඇරෙන්න සර්විස් එකේ වෙන අවුලක් නම් තේරුණේ නැහැ.

අවසාන වශයෙන්

කොකෝ වැරැන්ඩා කියන්නේ කූල් එකේ ඉන්න පුළුවන් අපූරු තැනක්. කෑම බීමත් හොඳයි. ගණනුත් ෂේප්. තමන්ගේ පාඩුවේ මොනවහරි වැඩක් කරන්න වුණත් පුළුවන් විදියේ වාතාවරණයක් මෙතැන තියෙනවා.


TIP

Their Fish and Chips are pretty good.

Address

Ward Place, Colombo 00700, Sri Lanka

Directions

Turn into Ward Place from the De Soysa Roundabout at the Town Hall Junction. Coming down Ward Place past the University Grants Commission, Coco Veranda is on the right, opposite the Kynsey Place turn off.

Contacts

Facebook

Report Inaccuracy

Open until 11:30 PM

Price Range

Between Rs. 500 - Rs. 1000

Ratings Breakdown

Overall Rating
2
Quality Rating
2
Service Rating
3
Ambience Rating
2

Similar Places

User Reviews
B
1

5/5

0

Binuri Yesara

I was over at Coco Veranda today and I must say the food was quite good. Whilst the death by chocolate was a tad bit dry, the icing was on point. As I am not much of a dessert person, this cake hit me right in the spot with just the right amount of bitterness and sweetness. The Big friendly burger was very filling and worth the amount charged. Whilst I wasn't mindblows away with the lime and mint crusher, my friend loves the cappuccino. Staff were quite friendly and the lounge music was perfect! Loud enough to block out other's conversations but perfect for two people to talk in private.

Extremely pleased and will definitely visit soon♡

B
1

5/5

0

Binuri Yesara

I was over at Coco Veranda today and I must say the food was quite good. Whilst the death by chocolate was a tad bit dry, the icing was on point. As I am not much of a dessert person, this cake hit me right in the spot with just the right amount of bitterness and sweetness. The Big friendly burger was very filling and worth the amount charged. Whilst I wasn't mindblows away with the lime and mint crusher, my friend loves the cappuccino. Staff were quite friendly and the lounge music was perfect! Loud enough to block out other's conversations but perfect for two people to talk in private.

Extremely pleased and will definitely visit soon♡

See 28 Comments