Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

CocoFuzz (Colombo 6)

296/18, Shanthi Mw, Highlevel Rd, Colombo 06


Varieties of delicious chocolate biscuit pudding!



එක එක රහට චොක්ලට් බිස්කට් පුඩිං හදන කොකෝ ෆස් කොළඹ 3 බ්‍රාන්ච් එකෙන් අපි මීට කලින් චොක්ලට් බිස්කට් පුඩිං කාල තියෙනවා. මේ පාර අපි ට්‍රයි කළේ එයාලගේ කොළඹ 6 බ්‍රාන්ච් එක.

මෙතන සාමාන්‍ය චොක්ලට් බිස්කට් පුඩිංවලට අමතර ව වයිට් චොක්ලට් බිස්කට් පුඩිං, ස්ට්‍රෝබෙරි ක්‍රන්ච් වයිට් චොක්ලට් බිස්කට් පුඩිං, ස්මෝස් බිස්කට් පුඩිං, සෝල්ටඩ් කැරමල් බිස්කට් පුඩිං වගේ පුඩිං වර්ග ගොඩක් තියනවා. පොඩි කප්ස්වලින් වගේ ම ලාජ් පෝෂන් විදිහටත් ගන්න පුළුවන්. අපි ඕඩර් කළා පොඩි කප්ස්වලින් නෝමල් චොක්ලට් බිස්කට් පුඩිං එකයි (රු. 500), ස්ට්‍රෝබෙරි ක්‍රන්ච් වයිට් චොක්ලට් බිස්කට් පුඩිං එකයි (රු. 675), ස්මෝස් බිස්කට් පුඩිං එකයි (රු. 525).

සුපුරුදු ඔරිජිනල් චොක්ලට් බිස්කට් පුඩිං එක උඩ චොක්ලට් චිප්ස් එක්ක කජු කෑලි ගොඩක් විසුරුවලා තිබුණා. කටක් කාල බැලුවම තමයි තේරුණේ ඊට යටින් තියන පුඩිම මාර උකුයි සහ ක්‍රීමි ගතියයි කියලා. ටෙක්ස්චර් එක හොඳ ස්මූත්. නියම චොක්ලට් රසෙන් අනූනයි. මාරි බිස්කට් ලේයර්ස් ටිකත් හොඳ කිරි රහට පෙඟිලා තිබුණා. 

මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි ක්‍රන්ච් වයිට් චොක්ලට් බිස්කට් පුඩිං එක. මේකේ උඩට දාල තිබුණෙ වයිට් චොක්ලට් චිප්ස් එක්ක කජු. ඊට යටින් තිබ්බා හොඳ උකු ස්ට්‍රෝබෙරි ජෑම් ලේයර් එකක්. මාරි බිස්කට් අතරට කිරි රසයි වයිට් චොක්ලට් රසයි මික්ස් වෙලා පුඩිං එකේ ෆ්ලේවර් එක සෑහෙන රසවත් වෙලා තිබුණට, මේකෙන් පොඩී පැණි රස වැඩි ගතියකුත් තේරුණා. ඒ ස්ට්‍රෝබෙරි ජෑම් එක නිසා වෙන්න ඕන.

ස්මෝස් බිස්කට් පුඩිං කියන්නෙ මාරි බිස්කට් සහ චොක්ලට් ක්‍රීම් මික්ස්චර් එක උඩට ලොකු මාෂ්මෙලෝස් ලේයර් එකක් දාල හදන පුඩිමක්. ස්මූත් චොක්ලට් ටෙක්ස්චර් එකයි මාෂ්මෙලෝස්වල සොෆ්ට් ගතියයි එකතු වෙලා දිව්‍යලෝක රහක් හැදිලා තිබ්බා. මදි පාඩුවට චොක්ලට් චිප්ස් එක්ක ඇති තරං කජු එහෙමත් හැපුණා නේ.

අවසන් වශයෙන්

ස්ට්‍රෝබෙරි පුඩිං එකේ පොඩ්ඩක් පැණි රස වැඩි ගතිය ඇරුණම ආයේ ඉතින් කොකෝ ෆස් එකේ චොක්ලට් බිස්කට් පුඩිං ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මාර රහයි.

Address

296/18, Shanthi Mw, Highlevel Rd, Colombo 06

Contacts

Facebook Instagram

Report Inaccuracy

Open until 11:00 PM

Cuisine

Sri Lankan

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Chocolate Biscuit Pudding

Ratings Breakdown

Overall Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment