Artwork for pat pat lk temp top banner 1 with blog post
Artwork for GOURMET GROCERS top banner 2 test
Artwork for PMF Dinner-Promo-July-Yamu-Side-Bar Artwork for providore.shop sbb 2

3/5

The Coffee Bean & Tea Leaf (Liberty Plaza Podium)

First Floor, Liberty Plaza Podium, Colombo 3


Coffee Bean is slowly turning into Colombo's next Barista - this is the third branch to pop up in the city at another very central location. The coffee and food here taste alright and are pricey as usual, and it's a comfy quiet place to chill out at.



පහුගිය දවසක සති අන්තෙක මම කොල්ලුපිටිය හරියේ කැරකුණේ ගෙදර ඉන්න බැරිකමට ම නෙවෙයි; කාලෙකින් ඇඳුමක් කැඩුමක් ගන්න බැරි වෙච්ච නිසා. කොල්ලුපිටියේ 990/= කලිසම් කඩෙන් ඩෙනිමක් ගත්ත මම වෙලාව බැලුවා. කෝච්චියට තව පැයක් ම තියෙනවා. ඉස්ටේසමේ ලුණු රස හුළඟට වඩා ඒ/සී එකේ ඉන්න එක මොනවා වුණත් සැපයි නේ කියලා හිතුණු නිසාමයි මම ලිබර්ටි ප්ලාසා එක ඇතුළේ ඉබාගාතේ ඇවිදින්න ගත්තේ.

“මචං, මෙහෙ කොහෙද?”

හුරුපුරුදු කටහඬක් ඇහුණේ මම දෙවැනි තට්ටුවට පය තියනකොටමයි. ඉස්කෝලෙ එකට ඉඳපු කෙනෙක් ව මෙහෙම අහම්බෙන් දකින්න හම්බෙනවා තරම් සතුටක් වෙන කොයින් ද? වෙලාවත් තිබුණු එකේ මම ඌවත් ඇදගෙන ඒ ළඟ ම තිබුණු කොෆි බීන් එකට ගියේ ලොකු කයියකට මුල පුරන ගමන්.

තැන

ලිබර්ටි ප්ලාසා එකේ දෙවැනි තට්ටුවේ තියෙන කොෆි බීන් එක ගොඩක් සුවපහසු තැනක්. කට්ටි ගැහිලා වගේ ම, තනියෙන් වුණත් පාඩුවේ කෝපි කෝප්පයක් තොල ගාන්න පුළුවන් විදියේ වාතාවරණයක් මෙතැන තියෙනවා. මට නම් සේරට ම වඩා අල්ලලා ගියේ මෙතැන තිබුණු කෝපි සුවඳ. නිකන් ම බඩ කට පිරෙනවා ඒකට.

කෑම බීම

නමත් කොෆි බීන් නේ. ඉතින් මෙනුවේ වැඩිපුර ම තියෙන්නෙත් නා නා ප්‍රකාර කෝපි වර්ග. ඒ වගේ ම හොට් චොකලට්, අයිස් ටී වගේ  බීම වර්ගත් දැකගන්න පුළුවන්. කෑම විදියට තියෙන්නේ පැස්ටා, ව්රැප්, සැන්විච් වගේ ජාති.

මම ගත්තේ Mocha Latte (රු.690) එකකුයි, Roast chicken and mushroom pasta (රු.990) එකකුයි. යාළුවට ඕනේ කිව්වේ පැණි රස ජාතියක්. ඒ නිසා එයා ඕඩර් කළේ Blueberry Cheesecake (රු.770) එකකුයි, Pure Chocolate (රු.690) එකකුයි.

මෝකා ලටේ එක නම් පංකාදුයි. උණුවෙන් තිබුණු නිසා සීතල දවසකට නියමෙට ම හරියන බීම. සුපිරි කෝපි රසක් තිබුණා. මොකද සීනි, කිරි එහෙමත් හරි බැලන්ස් එකටනේ දාලා තිබුණේ.

යාළුවා ගත්ත Pure Chocolate එකේ තිබුණේ තද චොකලට් රසක්. හරියට ම කිව්වොත් ඩාක් චොකලට් දාපු රසක් තමයි මේකෙන් දැනුණේ. උගුර සීතල වෙන ගානට කූල් කරලා තිබුණු නිසා එක දිගට බීගෙන යන්න නම් අමාරුයි. හැබැයි මොනවහරි කෑමක් කන ගමන්, ටිකෙන් ටික තොල ගගා ඉන්න මරු.

හොඳ චීසි ගතියට පැස්ටා කන්න කැමති උදවියට හොඳට ම ගැලපෙන පැස්ටා එක තමයි මේ රෝස්ට් චිකන් ඇන්ඩ් මෂ්රූම් පැස්ටා එක. හප්පේ! මේකේ තිබුණු චීස් තොගේ! මදි නොකියන්න රෝස්ට් කරපු චිකනුත් දාලා. මේක නම් මල් හතයි ඈ! දුම් දදා මේසෙට ආව ම කන්න බැරියැ ගමකට!

බ්ලූබෙරි චීස්කේක් එකේ කියන්න තරම් වරදක් නැහැ. පත කේක් කෑල්ලක් ලැබුණු නිසා බඩ පිරෙන්න කන්න පුළුවන්. ඒත් යාළුවා කිව්වේ මේකේ බේස් එක විදියට තියෙන බිස්කට් කුඩු තට්ටුව හරි නැහැලු. මටත් තේරුණු විදියට පොඩ්ඩක් පෙඟිච්ච ගතියක් තමයි තිබුණේ. හැබැයි උඩ තියෙන බ්ලූබෙරි තට්ටුවේ ඇඹුල් රහ, චීස්කේක් එකේ කිරි රසට නියම ගානට කැපිලා යනවා. ඒ නිසා අවුලක් නැතුව එක දිගට කාගෙන යන්න පුළුවන්.

සර්විස් එක

ටොප් සර්විස් එකක් තිබුණා. කෑම බීම ගැන හොඳ අවබෝධෙකින් ඉන්න කොෆි බීන් එකේ සේවක මිත්‍රයන් අපේ ඕඩර් අයිතම තෝරලා දුන්නේ හරිම සුහදශීලී විදියට. කෑම බීම ටික මේසෙට එන්න ගියෙත් විනාඩි 10කටත් අඩුවෙන්.

අවසාන වශයෙන්

සාමාන්‍ය කෝපි කඩේකට වඩා කොෆි බීන් එකේ ගණන් හිලව් වැඩි බව අකමැත්තෙන් වුණත් කියන්න වෙනවා. ඒත් කෑම බීම කොලිටිය සෑහෙන්න උසස් මට්ටමක තිබුණා. අතේ මිටේ සල්ලි ගැවසෙන වෙලාවක කෝපි කෝප්පයක් බීලා එන්න මේ පැත්තට ගියාට නම් කමක් නැහැ කියලයි අපේ අදහස. අනේ මතක් කරලා අර පැස්ටා එක කාලා එන්න හොඳේ. අම්මපා ඒකෙ රහ මතක් වෙද්දී දැනටත් කටට කෙළ උනනවා.  


TIP

The washroom is outside, through the glass doors that lead directly to the old Liberty Plaza building.

Address

First Floor, Liberty Plaza Podium, Colombo 3

Directions

This is on the 1st floor of the Liberty Plaza Podium - you can get here directly via escalator. The Podium is a big glass extension of the old Liberty Plaza building, which is right opposite Liberty Cinema. You need to turn right from Galle Road at the Kollupitiya junction to get here.

Contacts

Facebook

Report Inaccuracy

Open 9.00AM to 7.00PM

Cuisine

Western Italian American

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Cakes Sandwiches Coffee Tea Bites

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3

Similar Places

User Reviews
W
2

2/5

0

walkingdead

Prices for coffee are probably the most expensive in the world and very average coffee. It's a shame as the location decor etc are great. Good wifi - maybe that's why coffee price so high. Food is run of the mill - nothing to rave about and expensive. U definitely pay for the atmosphere.

W
2

2/5

0

walkingdead

Prices for coffee are probably the most expensive in the world and very average coffee. It's a shame as the location decor etc are great. Good wifi - maybe that's why coffee price so high. Food is run of the mill - nothing to rave about and expensive. U definitely pay for the atmosphere.

See 7 Comments