37/3, Pedris Road, Colombo 03
Open until 11:00 PM
The perfect coffee shop to bring your date, a bunch of friends or just a book.
දවල්ට කරකුට්ටං වෙන්න පායලා, හැන්දෑවට දෙනව රඹටි හැලෙන්න!
හැබැයි එක අතකින් ඒකෙත් අමුතු ආතල් එකක් නැතුවම නෙවේ.. අර වැඩේ තියෙන්නෙ අපි එළිබහිද්දිම වැස්ස සෙට් කරන එකනෙ.
ඊයෙත් එහෙමයි අප්පා.. දෙයියනේ කියලා අතපසු වෙලා තිබ්බ වැඩ ටික බැලන්ස් කරගෙන බම්බා පැත්තට යන්න වීල් එකක් දැම්මා විතරයි.
මේං..
ඉතින්.. දවස් ගාණක් ඔය විදියට වෙච්ච නිසාම, මායි යාළුවයි ඊයෙ කල්පනා කලා ඔක්කොම කතාබස් පැත්තකින් තියලා නිදහසේ කෝපියක් රස බලන්න යන්න. ඒ කල්පනා කරලා තමයි ‘යමු’ සයිට් එකෙත් බලලා, කෝපි කොම්පැනියට කෝල් එකක් දීලා ඒ පැත්තට ගැලපුනේ.
ඒ යද්දි.. එළිමහන් කොටසෙ නම් පොඩි පිරිසක් හිටියා. හැබැයි ඇතුල ෆුල් නිදහස්. ආයෙ හෙවිලි බැලිලි මොකටද කියල ඔන්න අපි දෙන්න තිබ්බ හොඳම, නිදහස්ම ප්ලේස් එකට!
වාඩිවෙලා කරල හිටං පොඩ්ඩක් හරිබරි ගැහිලා.. බැලුවා කැෂියර් එක පැත්ත.
ආයෙ.. බලන්න දෙයක් නෑ. මෙන්න සේවක මිත්‍රයා මෙනුවත් එක්කම අපි ලඟ. ඒත් ඒකෙ කෝපි ජාති මුකුත්ම තිබ්බෙ නෑ. ඒ නිසා මට සිද්ධ වුනා ගිහිල්ලා ඉස්සරහ කලු ලෑල්ලෙ ලියලා තිබ්බ කෝපි ලැයිස්තුවෙන් කෝපියක් බලලා තෝරගෙන එන්න..
“මල්ලි, මොකා මේනියා එකක් (රු. 540) ගේන්න”
“හරි සර්. එතකොට.. මේ මිස් කිව්වා ප්‍රෝන් මොන්ගෝලියන් එකයි (රු. 750), පැස්ටා විත් චිකන් ඇන්ඩ් මෂ්රූම් (රු. 750) එකයි. ඒ හැරුනාම වෙන මුකුත් ඔ්නද?”
“ආ..
මොනවද ඔයාලගෙ තියෙන බර්ගර්, සබ්මැරීන් හොඳ ඒවා?”
“සර් බීෆ් කනව නම් අපේ ක්ලැසික් බීෆ් බර්ගර් එක නියමයි. එහෙම නැත්නම්.. ස්පයිසි චිකන් සබ් එහෙමත් තියෙනවා”
“නෑ නෑ.. බීෆ් බර්ගර් (රු. 700) එකක් ගේන්න. ඒක හොඳයි”
ඔ්ඩරෙන් පස්සෙ ඉතින් ඒසී. එකේ සීතලට වෙලා අපි පුංචි කතාබහක. හැබැයි වැඩි වෙලා යන්න හම්බවුනේ නම් නෑ. හරි හරියට මොකා මේනියා මේසෙ උඩට.
යාළුවා තමයි ඇත්තටම මුලින්ම වැඩ ඇල්ලුවෙ. හැබැයි ඒකා බීපු පළවෙනි උගුරෙන්ම මූණෙ ආපු ගැම්මට මම හිතා ගත්ත බඩු ටොප්ම තමා කියලා. ඊට පස්සෙ මම බීලා බැලින්නම්නෙ!
ෂැහ්, පංකාදු පහයි ආ.. මිල්ක්, ක්‍රීම් ගතිය බැලන්ස් එකේ වැඩ උඩ වගේ. කෝපි රසත් තිතටම. ඊටත් හිතා ගන්න බෑ, සාමාන්‍යයෙන් මම බොන්නෙ අඩු සීනිනෙ. ඒත් ඒ කෝපියෙ තිබ්බ සීනි ප්‍රමාණය හරියටම හරි. අවුලක් නෑ අහලවත් ගියා නම්. එහෙමත් නෑනෙ.
කොහොමහරි ඔය විදියට පංකාදු මොකා එකට දෙන්න හොඳ හැටියට පෙම් බැඳ බැඳ ඉන්නකොට.. මෙන්න මේසෙට උණු උණු පැස්ටාවයි, බර්ගර් එකයි.
එතනින් එහාට කතාව යාළු..
මම වැඩ ඇල්ලුවෙ බර්ගර් එකෙන්. ගත්ත ගමන් රස්නෙ පිටින්ම. ෆ්‍රෙෂ්ම ෆ්‍රෙෂ් ෆ්‍රෙන්ච් ෆ්රයිස් ටිකක් කාලා.. තඩි බර්ගර් කෑල්ලක් ඇල්ලුවා කටට..
හප්පේ.. ඒක හැපෙද්දි, රස නහර නිකම් පිස්සු නටනවා වගේ. බීෆ් රසින් අනූනයි විතරක් නෙවෙයි, හොඳහැටි මිරිස්, ගම්මිරිස්, ලුණුත් දාලා.. පදමට ඩීප් ෆ්‍රයි කරලා. ඒ හැරුනාම මොකක්දෝ ලා ස්පයිස් රසකුත් එනවා. ඔක්කොමත් හරි ඊට උඩින් චීස් පෙත්තකුත් තියලනෙ. ම්.. තක්කාලි පෙති ටික නම් මම අයින් කරලා කෑවෙ. හැබැයි සලාද, ලූණු එක්ක බන් එකේ රසයි, පැටි කටයි..
නොම්මර එකයි ආ, නොම්මර එකයි!
වැඩේ වුනේ බර්ගර් එක එච්චර රසට කාලා තොලකට නිකම් පොපියන ලෙවල් එකේ තියෙද්දි මැද්දෙන් ආපු මොන්ගෝලියන් එකෙන් කාපු කටනෙ..
අනේ.. ඒක නම් හරිම කණගාටුදායකයි. මොන්ගෝලියන් ගතියකුත් නෑ හරියට. අනික බත නිකම් ඇලෙනවා ඇලෙනවා වගේ. ඒ කියන්නෙ පරණ වෙලා නෙවෙයි. මොනවාහරි දාපු සෝස් එකක් හරියට කුක් වෙලා නෑ. දෙයියනේ කියලා ලෝබ නැතුව කැරට්, ලීක්ස්, ගෝවා, ෆ්‍රයිඩ් ඉස්සො දාලා තිබ්බ නිසා පොඩ්ඩක් කන්න පුලුවන් ලෙවල් එකක් තිබ්බා.
ඒත්..?
ඒ එකක් අවුල් ගියාට මොකද.. කියලා හිතෙන්නෙ පැස්ටා කටක් කෑවට පස්සෙනෙ. මල් හතයි යාළු ඒක! තම්බලා බැදපු පොඩි පොඩි චිකන් කෑලි තොගයක් එක්ක.. බට්න් මෂ්රූම් පෑන් ෆ්‍රයි කරලා වගේ ඒවත් පොඩි පොඩියට කපලා.. ක්‍රීම් චීසුයි, පාස්ලි, මින්චි කොලයි..
සත්තයි ඒක නම් කාලම බලන්න ඔ්න ඈ..
An excellent place to get your coffee on with some good company.
Stylish and quiet café located in a lane down Pedris Mawatha.
Located down a quiet lane on 30th Lane via Pedris Mawatha, Coffee & Co is the newest addition to Colombo's multitude of coffeeshops.
සිංහල ෂැහ්, පංකාදු පහයි ආ.. මිල්ක්, ක්‍රීම් ගතිය බැලන්ස් එකේ වැඩ උඩ වගේ. කෝපි රසත් තිතටම. ඊටත් හිතා ගන්න බෑ, සාමාන්‍යයෙන් මම බොන්නෙ අඩු සීනිනෙ. ඒත් ඒ කෝපියෙ තිබ්බ සීනි ප්‍රමාණය හරියටම හරි. අවුලක් නෑ අහලවත් ගියා නම්. එහෙමත් නෑනෙ.
සිංහල ඔයාලත් හවස් වරුවක ගෙදර යන ගමන් පොඩ්ඩක් මේකට ගොඩ වෙලා බලන්නකෝ. මහන්සිය කොහේ ගියා ද නැති වේවි.
The warm reception we received on arriving at Earl's was…
Navro Beach is one of the most popular restaurants in Panadura…
If you're reviewing any coffee place, can you please include the following
1) What type of coffee beans do they use?
2) What's the grinder?
3) What's the espresso machine
And then do the following
1) Comment on the freshness of the espresso
2 Comment on the temperature/texture of the latte stuff
3) Comment on the seating arrangement, music and vibe
You can also add,
1) Power outlets/sofas that might help people who lounge for longer
2) Food/Speediness of service
And being Sri Lanka, it's good to talk about things like Parking facilities and reservations etc. But these go with any establishment.
But I guess your coffee connoisseur already knew about the above but got red-taped or edited out by the writer
Agreed! I would add the roast (light, med, dark) to the list of things you want to ask Yamu. Most might not find any of this info necessary but given you chaps cater to all, might as well include those who are super serious about their coffee.
Tried hard but could not find it
Agree with the others that type of Coffee and type of roast as well as texture of milk is important
1/5
harshanas
Ordered via Uber eats
Too much yeast in the bun of the sub and very little filling. Should have provided creamer for the teas. Not worth the price for the mediocre food
4/5
Tallsue
Rated 4/5