Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

Colombo Courtyard

32 Alfred House Avenue, Colombo 3

  • Call 114645333
  • Open Restaurant is open from 12-3 PM and 7-10PM. Bar is open from 11AM-3PM and 5PM to 12AM. Roof is open from 6-12PM


Colombo Courtyard is a business hotel which also serves as one of the city's hippest new bars.



කොළඹ අංගනය හෙවත් Colombo Courtyard ව්‍යාපාරික‍ හෝටලයක්. එය පුරවරයේ ඉහළම පෙළේ බාර් එකක් ලෙසත් සේවය සලසනවා. ඇත්තෙන්ම බාර් දෙකයි. ඒ Loft Lounge සහ Cloud Cafe. දෙකම සපයන්නේ එකම සේවාවන්. එකක් තිබෙන්නේ මතක හැටියට තුන්වන මහලේ ඇතුළත. අනෙක වහල් තලය මත තල දෙකක අවකාශයේ. මේ විවරණය නගරයේ ඇඳන් හිමි කොළඹ වැසියන් පිණිසයි. ඒ කියන්නේ බාර් ගැන පමණයි.

පිහිටීම

ලන්දේසි රෝහලේ හෙවත් Dutch Hospitalහි O Bar වෙන්න පුළුවන් මේ වන විට නගරයේ උණුසුම්ම ස්ථානය. කොළඹ වාසල අංගනය හෙවත් Colombo Courtyardට තිබෙන වාසිය තමයි, මිනිසුන් ඇත්තෙන්ම ජීවත් වෙන පෙදෙස් මැදට වන්නට එය පිහිටා තිබීම. සිතියම බලන්න. එය පිහිටා තිබෙන්නේ බෞද්ධාලෝක මාවත හා ඩුප්ලිකේෂන් පාර හමුවන මුල්ලේ තුන්මුල්ල හංදියට ආසන්නව.

මුදුන් මහලට ගියාම ඔබට පෙනෙනවා ඩයලොග් අනාගත මධ්‍යස්ථානය හෙවත් Dialog Future Center.  මේ බාර් එක හරි හොඳයි. රාත්‍රියට මහා සද්දයකුත් නැහැ. මෙතැන සාමාන්‍යයෙන් සෙනග ඉතා අඩු තැනක්. මහ සෙනගක් මැද ඉන්නවා වගේ නොදැනුනාට මෙහි සිටීම අපූරු දෙයක්.

බීම සහ කෑම

Colombo Courtyard මිළ අධික තැනක්. මට මිළ ගණන් හරියටම මතක නැහැ. මම තවත් තිදෙනෙකු සමග වරක් එහි ගියා. මට මතක හැටියට වයින් බෝතල තුනකට, පීසා හා උණු බටර් යෙදූ බ්‍රොකොලිවලට රු. 10,000ක බිලක් ලැබුණා. අප සමග සිටි අනෙක් ජෝඩුව වියදම දැරුවා. අපි දෙන්නා තෑගිවලින් ඒ ගාන පියෙව්වා. කෙසේ වෙත්, හොඳ රාත්‍රියක්.

මම ආපසු ගිය වි‍ටෙක මෙනු පත පිරික්සන්නම්. බලාපොරොත්තු වෙනවා වයින් බෝතලයක් රු. 3000ක් හා බීම රු. 700ට ඉහළය කියා. කටගැස්මත් රු. 500න් ඉහළයි.  මිළ අධික වුණත් ඒවා හොඳයි.

සේවා

එහි සේවාවන් ඉතා අවධානයෙන් යුක්ත හා විශිෂ්ට ඒවා. ඔවුන් විනීතයි. විදෙස් අමුත්තන්ට වගේ ඔබට කතා කරනවා. කොළඹ අනෙකුත් බාර්වල‍ මේ ලක්ෂණය දුලබ බව කියන්නේ කණගාටුවෙන්.

TIP

Try the hot buttered broccoli. Go with rich friends

Address

32 Alfred House Avenue, Colombo 3

Directions

Go down Duplication Road past Queen's Road, the Colombo Courtyard is across from the Dialog Arcade, before the junction.

Contacts

E-Mail Facebook Website Twitter

Report Inaccuracy

Open Restaurant is open from 12-3 PM and 7-10PM. Bar is open from 11AM-3PM and 5PM to 12AM. Roof is open from 6-12PM

Price Range

Between Rs. 1000 - Rs. 1500

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
See 8 Comments