Udawalawa junction
Closed right now
Serving up a range of delicious Sri Lankan Chinese fare, their menu is all improved and affordable.
ප්රශ්න කියන්නේ.. කන පැලෙන්න. එහෙම තියෙද්දි ඉතින් කොහොම කන්නද බඩ පැලෙන්න කිව්වලු!
ඒත් උදේට කෑවට පස්සෙ එක වතුර උගුරක්වත් බොන්න බැරි වුණ නිසා හැන්දැ වෙද්දි ඔන්න කට්ටියටම බඩගිනියි. වැඩේ තිබ්බෙ කිසිම කෙනෙක් ඒ ගැන කතා නොකරපු එකනෙ. ඩෑම් එකත් පහුකරගෙන වාහනේ උඩවලව හංදියට කිට්ටු කරනකම්ම කාගෙන්වත් වචනයක් ආවෙ නැති තැන, මම දැම්ම කතාව එළියට.
“මේ.. මෙහෙම ගියොත් එහෙම මැරෙන්න වෙන්න. කොහේ හරි කඩයකට දාලා හොඳ හැටි කාලා යමු. අනික ප්රශ්න කියන්නෙ කාට කාටත් එන දේවල්නෙ. ඔය නැට්ට පිටින් අලි මැරෙන්නේ...!”
“මගෙන් කුණුහරප අහගන්න එපා. මෙතන වැඩෙත් කාලා…
මල්ලි, දාන්න වාහනේ හොඳ කඩයක් අල්ලල. බත් ටිකක් කන්න”
පණ්ඩිතකම් කියවන්න ගිහිල්ල තව පොඩ්ඩෙන් අහගන්නව තාත්ගෙන්, හොඳ එකෙන්.
කොහොම හරි එතනින් එහාට වචනයක්වත් නොකිව්ව නිසා ඔන්න මට පාඩුවෙ ඉන්න ලැබුණා. නැත්නම්…
කිව්වට විශ්වාස කරන්න යාළු, බය වෙච්ච පාරට උඩවලව හංදියෙන් හරවල ෆැමිලි රෙස්ටුරන්ට් එකකට දාලා ඇතුළට ගිහින් වාඩි වෙනකම්ම.. මම නෙවේ එක වචනයක් කතා කලේ, සත්තයි. එතනින් එහාටත් ආයෙ, මෙනුව බලල කන දේ කිව්ව මිසක්…
නැත්නම් අම්බානක කන සීන් එකක් තිබ්බෙ. ඇයි ඉතින් මමනෙ ප්රශ්නෙට මුල්වුණේ.. හී…
කරුමෙ කියන්නෙ මම ඉල්ලපු මික්ස් නූඩ්ල්ස් එකත් (රු. 750) එන්න වෙලා ගියානෙ. අන්තිම සවුත්තු දවසක් ආ.. වෙලාවට අක්කයි, අයියයි ඉල්ලපු සීෆුඩ් චොප්සිය (රු. 880) එන්නත් පොඩ්ඩක් වෙලා ගියේ. නැත්නම් ඉතින්, ඒකෙ ඉඳන් තරහ පිරිමැහෙන්න ඉඩ තිබ්බා.
ලී පුටු මේස දාලා හදපු කඩේ, කට්ටියත් එක්ක වාඩි වෙලා හිටියට මගේ ඔලුව තිබ්බෙ ලොකු ප්රශ්නෙක. හැබැයි ටික වෙලාවක් යද්දි ඊටත් වඩා ලොකු ප්රශ්නයක් ආවා, ඒසී. එක වැඩි වෙලා ඉන්න බැරි සීතලක් අැල්ලුව කියන්නකො. කරන්න දෙයක් නැතිම තැන වටපිට බල ල, ලතවෙවී හිටියෙ. එතකොට තමයි දෙයියනේ කියල කෑම ටික මේසෙට ආවෙ.
හප්පේ! කප්පරක් පහළ වුණා වගේ.
ගත්ත ගමන් මම බෙදාගත්ත නූඩ්ල්ස් තොගයක් පිඟානට. බෙදාගෙන, දාගත්ත චිලි චිකන් (රු. 750) හැඳි 2, 3කුත් ඒ උඩටම. දාගෙන ඔන්න පටන් ගත්ත වැඩේ.
සැහ්! කොළඹවත් නැති රසක්නෙ බොලේ උඩවලවෙ.. මගෙ හිතේ ටුවරිස්ට්ල නිසා වෙන්න ඕන. සත්තයි, නූඩ්ල්ස් එකේ රසේ ඉඳන් සයිස් එක වෙනකම්ම සුපිරි. තුන්දෙනෙක්ට බඩ පැලෙන්න කන්න පුළුවන්. හොඳ පදමට තැම්බිලා ලුණු, ගම්මිරිස් පදමත් නියමෙට සෙට් වෙලා. කැරට්, ලීක්ස්, ගෝවා, බෝංචිත් අඩු නැතුව… අනික නූඩ්ල්ස්වල ළා ෆ්රයි රසකුත් තියෙනව. ඒ ඔක්කොමත් හරි ඒකෙ මික්ස් කරල තිබ්බ මස් මාළු තොගේ? හපෙ හප්පෝ… අඟලෙ අඟලෙ විතර ෆ්රයි කරපු චිකන්, මාළු, ඉස්සො, සොසේජස්, බිත්තර...කොටින්ම කියතොත් කන කන කටක් ගාණෙ මස්, මාළු මොනවම හරි සෙට්!
නූඩ්ල්ස් එකේ රස නිසා ම මට චිලි චිකන් අමතක වෙලා තිබ්බෙ. වෙලාවෙට ඒක ඇහට කණට හොඳ හැටි පෙනුණෙ. අමාරුවෙන් වුණත් අසාධාරණයක් කරන්න බෑනෙ කියල මම ගත්ත චිලි චිකන් කෑල්ලකුත් ගෑරුප්පුවට. අරගෙන ඔබාගත්ත එක පාරම කට ඇතුළට.
යම්ම්… ඒකත්! දෙවනි නෑ කියන්නකො නූඩ්ල්ස් එකට. සෝස් රසයි, සැර ගතියයි හොඳ හැටියට. ඊටත් ලොකු චිකන් කෑලිත් 7, 8ක් ම පිඟානෙනෙ. නූඩ්ල්ස්වලට විතරක් නෙවෙයි, ෆ්රයිඩ් රයිස්, නාසිගුරාන්වලට වුණත් පංකාදු චිකන් එක. හැබැයි ටිකක් කාගෙන යද්දි තමයි මට තේරුණේ තව පොඩ්ඩක් සැර වැඩි වුණා නම් තවත් මරු කියල.
ඔය අතරට අක්කල කාලා ඉවරයි වගේ පෙනුණ නිසා චොප්සි බාගයක්ම ඉතුරු වෙලා තිබ්බ පිඟානෙනුත් මම එක හැන්දක් බෙදාගත්ත. මොකද ඒකෙ ඉස්සො හිටියනෙ එළිපිටම, උණු උණුවෙ. කාගන්නත් බෑ ඉතින්, ඒත් කෑදර කමනෙ. අමාරුවෙන් ඔන්න ඉස්සෙකුයි, මාළු කෑල්ලකුයි සෙට් වෙන්න කැරට්, අල, ලීක්ස්, ගෝවා, බෝංචි පිරිච්ච චොප්සි රයිස් කටක් ගත්ත කන්න. අරගෙන කටට ළං කළා විතරයි… සුවඳ? ඉවසිල්ලක් තා මොකටෙයි! ගත්ත ගමන් දැම්මා කාලා.
සත්තයි, ඒකත් දෙවනි නෑ කලින් කාපු කිසි එකකට. මොකද එළවළු, බත් ගාණටම මාළු, ඉස්සො, දැල්ලො පිරිලනෙ. අර නූඩ්ල්ස් එකේ වගේම කන කටකට අනිවා සීෆුඩ් කෑල්ලක්.
ඒකෙන් කටක් දෙකක් කෑවා විතරයි ඉතින්… එතනින් එහාට නෝ හෙල්ලුම්. කොටින්ම කියතොත් ප්රශ්න තියෙනව කියලත් මතක නෑ කියන්නකො. වැල කාපු රිලව වගේ එතනමයි… තාත්තගෙ වචනෙ දෙක බහිනකම්, හී…!
Closed right now
Cuisine
Asian Western Chinese Sri Lankan Thai Sri Lankan Chinese
Price Range
Dish Types
Noodles Eggs Pasta Vegetarian Biriyani Rice And Curry Fried Rice Chicken Tandoori Fried Chicken Fish Crab Cuttlefish Fruit Juice
Ratings Breakdown
'O Leaf' is one of the best restaurant in Maharagama…
Navro Beach is one of the most popular restaurants in Panadura…
Delete Comment