Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for dominos top banners 2
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

3/5

Confucius Institute: Chinese Classes

Lumbini College, Skelton Gardens, Colombo 5


For those with no prior knowledge of Chinese they offer beginners classes - Saturdays 11.30- 1 PM, Rs 6000 for six months. Judging by the standard of the intermediate class this is probably the most accessible and best value introduction to Chinese available in Colombo.



'යමු' හා එක්වීමට පෙර මම කලක් මධ්‍ය රාජධානියේ කාර්යයක නියැලී උන්නෙමි. එකල මම මැංඩරින් පොඩ්ඩක් කට ගා ගත්තෙම්. මට යන්තමින් මැංඩරින් කතාකරන්නට පුළුවන.

දිවයිනට ආපසු පැමිණි පසු මට තිබුණු බියක් වන්නේ මට 21වන සියවසේ බලයේ භාෂාව පිළිබඳ සුළු දැනුම අමතක වේය කියාය. එහෙයින් මම භාෂා සහායකයන් හා පංති පිළිබඳ සොයාබැලුවෙමි. එහෙත්, එතරම් දුර නොගොස් මට මගේ සෙනසුරාදා අන්තර්මාධ්‍ය චීන භාෂා පංතිය ලුම්බිනි විද්‍යාලයේදී හමුවිය. එය බවත්වාගෙන යනු ලබන්නේ චීනයේ ඇති ගෝතෙ ඉන්ස්ටිටියුට් හා සම වන ආයතනය වන කොන්ෆියුසියස් ආයතනය විසිනි. පංතිය පැවැත්වෙන්නේ කොළඹ 5 ලුම්බිනි විද්‍යාලයේ සුවපහසු වායුසමනය කරන ලද පංති කාමරයකය. මාස හයක උපදේශක ගාස්තු රු. 6000කි. ගුරුවරු දෙවන භාෂාවක් ලෙස චීන බස ඉගැන්වීමේ පළපුරුදු චීන ජාතිකයෝය.

ඔවුහු ඉවසිලිවන්ත, උනන්දු, ඔබ වෙත අභ්‍යාස පොත ආපසු විසි නොකරන ගුරුවරු පිරිසකි. ඔවුහු දැඩි මතධාරියෝද නොවෙති. (මම කිසිදිනෙක ගෙදරවැඩ නොකරනමුත් ඔවුහු ගණන් නොගනිති.)

සතියකට පැය දෙකක් කියවීම, ලිවීම හා උච්චාරණය උගනින මේ දෙපැය වෙනුවෙන් මාස හයකට ගෙවන රු. 6000 ඉතා සාධාරණය. චීන බස ගැන අන්දෝසංසාරයක් නොදන්නා‍ අයට ඔවුහු සෙනසුරාදා පෙරවරු 11.30 සිට පස්වරු 1.00 දක්වා ආරම්භක පංති පවත්වති. මාස හයට රු. 6000කි. අන්තර්මාධ්‍ය පංතියේ සිට කළ තක්සේරුව අනුව මේ වනාහි කොළඹ හොඳම වටිනාකමක් ඇති චීන භාෂා පංතියයි. පංතිය ළමයි, වැඩිහිටියන්, සිසුන්, වෘත්තිකයන් වැනි ඕනෑම කෙනෙකුට යෝග්‍ය බව පෙනේ. ඔබ සෙනසුරාදා ඉන්නේ නිකම්නම් මෙය ඔබේ කාලය වෙනුවෙන් වටිනා ආයෝජනයකි. චීන බස එතරම් අමාරු නැත. (කතාකරන චීන බසට කිසිදු ව්‍යාකාරණයක් නැත. එහෙත් කියවීම සඳහා අවශ්‍ය දහස්ගණනක් අක්ෂර ඉගෙනීම දුෂ්කරය.) චීන බස හැදෑරීමෙන් ඔබට ලොව ජනගහණයෙන් පහෙන් එකකගේ සිත් තුළට එබී බැලීමට දොරටුවක් විවර වේ.

අමතන්න - 2589747, 0779213368

TIP

Classes are in English/Chinese but a couple of the instructors are fluent in Sinhala too so the classes are Sinhala friendly.
All Reviews

For those with no prior knowledge of Chinese they offer beginners classes - Saturdays 11.30- 1 PM, Rs 6000 for six months. Judging by the standard of the intermediate class this is probably the most accessible and best value introduction to Chinese available in Colombo.

සිංහල චීන බස ගැන අන්දෝසංසාරයක් නොදන්නා‍ අයට ඔවුහු සෙනසුරාදා පෙරවරු 11.30 සිට පස්වරු 1.00 දක්වා ආරම්භක පංති පවත්වති. මාස හයට රු. 6000කි. අන්තර්මාධ්‍ය පංතියේ සිට කළ තක්සේරුව අනුව මේ වනාහි කොළඹ හොඳම වටිනාකමක් ඇති චීන භාෂා පංතියයි.

தமிழ் சீன மொழியில் முன் அறிவற்ற மாணவர்களுக்காக ஆரம்ப நிலை வகுப்புக்கள் சனிக்கிழமைகளில் 11.30 முதல் 1 வரை நடாத்தப்படுகின்றன. அதேபோல் முன் அறிவுள்ளவர்களுக்கான வகுப்புக்கள் இரண்டு மணித்தியாலங்களுக்கு நடாத்தப்படுகின்றது. 6 மாத கால எல்லையை கொண்ட இவ்வகுப்புக்கள் அனைத்திற்கும் கட்டணமாக ரூபா 6,000 அறவிடப்படுகின்றது. வகுப்புகளுக்கு வயதெல்லை கிடையாது. சிறுவர்கள், மாணவர்கள், வயதுவந்தோர்கள், தொழில் புரிவோர் என எல்லோரும் கலந்துகொள்ளலாம்.

Address

Lumbini College, Skelton Gardens, Colombo 5

Contacts

Report Inaccuracy

Open Saturdays 11:30- 1 PM

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 4 Comments