Artwork for TEMP_Yamu Promo Top Banner
Artwork for Yamu Promo Top Banner
Artwork for TEMP_sidebar Artwork for Excel restaurants sidebar banner 2

4/5

CP's Grill

211D, Stanley Thilakarathne Mawatha, Nugegoda


CP's Grill at Nugegoda does some delicious grilled and non-grilled dishes for a decent price tag. We loved their Cheese Kottu.



නත්තලුත් කිට්ටුයිනේ. ඒ නිසා මේ ටිකේ ගොඩක් කඩවල්වල දිගට හරහට සේල්. අපිත් ඉතින් නුගේගොඩ පැත්තේ රවුමක් ගියා ඔය සේල් පොළවල් දෙක තුනක් වන්දනා මාන කරගෙන එන්න.

ඔය වැඩේ ඉවර වෙද්දී දවල් 1 විතර වෙලා ඇති. තද බඩගින්නක් දැනුණ නිසා අපි ඊළඟට කල්පනා කළේ ඒ අවශ්‍යතාවය සංසිඳුව ගන්නේ කොහෙන්ද කියලා. නුගේගොඩ හන්දියේ කඩවල් නම් ඕනේ තරම්. ඒ වුණාට අපට ඕනෙකම තිබුණේ හොඳ චීස් කොත්තුවක රස බලන්න. ඕකට තැනක් හොයද්දී තමයි මට පහුගිය දවසක යාළුවෙක් කිව්ව “සීපී’ස් ග්‍රිල්” එක ගැන මතක් වුණේ. ඒ ආරංචියේ හැටියට නම් ඒ වගේ චීස් කොත්තුවක් ලොවෙත් නැති තරම්. එච්චරට රසයිලු. “එහෙනම් ගිහින් ම බලමුකෝ” කියලා හිතාගත්ත අපි ටුක් එකකට නැග ගත්තා. විනාඩි 3න් ඔන්න අපි සීපී’ස් ග්‍රිල් එක ළඟ.

තැන

නුගේගොඩ නිරෝමි බිල්ඩිම දන්නවනේ? ඔන්න ඔය නිරෝමි බිල්ඩින් එක එහා පැත්තේ තමයි මේ සීපී’ස් ග්‍රිල් එක තියෙන්නේ. හැබැයි පාගොඩ පාරේ නෙවෙයි, ස්ටැන්ලි තිලකරත්න මාවතෙන් යන්න ඕනේ. බැලූ බැල්මට ස්ට්‍රීට් ජොයින්ට් එකක් කියලා හිතුණට, මේක මේ අපට හැමදාම මුණගැහෙන ටයිප් එකේ ස්ට්‍රීට් ෆුඩ් කඩයක් නෙවෙයි. ඊට වඩා පොඩ්ඩක් නීට් එකට තියෙන තැනක්. තැඹිලි පාටින් බිත්ති සරසිලා, කහ පාටින් පුටු තියලා; හරි හැඩයි.

එක සැරේ 15දෙනෙක්ට විතර මෙතැන වාඩි වෙලා කෑම ගන්න පුළුවන්. ඒ නැතත් ටේක් අවේ ගන්නත් ඇහැකි.

කෑම බීම

ප්‍රධාන වශයෙන් මෙතැන තියෙන්නේ ග්‍රිල්ඩ් ෆුඩ්. ඒ හැරුණා ම කොත්තු, පැස්ටා, බිරියානි වගේ ම පීසා වගේ කෑම වර්ග කීපයකුත් මේ අය ළඟ තියෙනවා.

අපි කෑම වේල පටන් ගත්තේ බාබෙකියු චිකන් වින්ග්ස්වලින් (රු.300). ආයේ කතා දෙකක් නෑ කාලෙකින් කෑව සුපිරි ම චිකන් වින්ග්ස් තමයි මේ. බාබෙකියු සෝස්වලින් නෑවිලා තිබුණට මොකද, මේවයේ මතුපිටින් පොඩි ක්‍රිස්පි ගතියකුත් තිබුණා. ඇතුළෙන් මස සෑහෙන්න සොෆ්ට්. අනික කන කටක් කටක් ගාණේ දුම් පිටවෙන තරමට රස්නෙට තිබුණනේ. මේක නම් සිරාවට බයිට් එකකට වුණත් මරු. මොකද රු.300ට වින්ග්ස් පහක් වගේ ලැබෙනවා.

ඊටපස්සේ අපි රස බැලුවේ රෝස්ට් පෝක් පීසා (රු.550) එකේ. මේක ඩොමිනොස් එකේ මීඩියම් පීසා එක වගේ සයිස් ඇති. හැබැයි හෙන තින් ක්‍රස්ට් එකක් තිබුණේ. ක්‍රස්ට් එක පොඩ්ඩක් වගේ කර වුණු ගතියක් තිබුණත්, උඩින් දාලා තියෙන ටොපින්ග් තොගේ රස නිසා අපට ඒක ඒ හැටි අවුලක් වුණේ නැහැ. හැම කටකට ම ෂුවර් එකට ම රෝස්ට් කරපු පෝක් හැපෙන තරමට මේකට පෝක් දාලා කියන්නකෝ. ඒ විතරක්යැ, ලූණු, පාට පාට බෙල් පෙපර් එහෙමත් තොගයක් එකතු කරලා. ඒ නිසා ස්පයිසි ගතියත් හොඳට ම තිබුණා. හැබැයි චීස් පොඩ්ඩක් වැඩියෙන් දාලා, මේක චීසි කළා නම් තමයි තවත් නියම.

විශ්වාස කරන්න මහත්තයෝ, අර චිකන් චීස් කොත්තුවේ රස ගැන ලැබුණු පණිවිඩේ නම් හරියට ම හරි. ඔය එක චීස් කෑල්ලක් දාලා, ඉතුරු ටික මුදවපු කිරිවලින් ෂේප් කරපු කොත්තුවක් නෙවෙයි මේ. මේකේ තනිකරම තිබුණේ චීස්! තඩි රෝස්ට් චිකන් තොගේකුත් එකතු කරලා තිබුණා. කොටින්ම කිව්වොත් බාගයක් කාගෙන යද්දී බඩ පිරෙනවා. ඒ තරමට චිකනුයි, චීසුයි. රු.450ට කිසිම පාඩුවක් නැහැ.

බීම කියලා විශේෂයකට මෙතැන තියෙන්නේ ලයිම් ජූස් සහ අයිස්ඩ් පීච් ටී විතරයි. අපි ගිය වෙලාවේ අයිස්ඩ් ටී එක ඉවරයි කිව්ව නිසා අපි ලයිම් ජූස් (රු.200) එකක් ගත්තා. ඒ හැටි වරදක් කියන්න නැතත් මේකේ අපි හිතුව තරම් රීෆ්‍රෙෂින් ගතියක් තිබුණේ නැහැ. කූල් මදි නිසා වෙන්න ඕනේ. ඒ හැරුණා ම නම් සීනි රසයි, ලයිම්වල ඇඹුල් රසයි ගානට බැලන්ස් වෙලා තිබුණා.

සර්විස් එක

සීපී’ස් ග්‍රිල් එක පටන් අරගෙන දැන් මාස පහක් විතර ඇති. ඒ වුණාට සෙනඟ හරියට. විශේෂයෙන් ම දවල් කෑම වෙලාව එද්දී සති අන්තෙක වුණත් රෙස්ටෝරන්ට් එකේ කට්ටිය පිරෙනවා. ඒ නිසා සර්විස් එකේ පොඩි ස්ලෝ ගතියක් එන්නත් පුළුවන්. අපි කෑම බීම සේරම ටික මේසෙට එන්න විනාඩි 20ක් වගේ ගියා. හැබැයි කෑමවල රසේ හැටියට නම් පැයක් බලාගෙන ඉන්න වුණත් කමක් නෑ කියලයි අපට හිතුණේ. අනික මෙතැන ස්ටාෆ් එකේ අයත් හරි ම මිත්‍රශීලියිනේ.

අවසාන වශයෙන්

සීපී’ස් ග්‍රිල් එකේ මෙනුවේ තියෙන හුඟක් කෑම රු.700ට අඩුයි. ඒ නිසා අඩු බජට් එකක ඉන්න වෙලාවක යන්න පුළුවන් නියම ම තැනක් තමයි මේ. මොකද ගෙවන ගාණට උපරිම වටිනාකමක් මේකේ කෑමවලින් ලැබෙනවා. ඔන්න එහෙනම් මේ පැත්තට ගියාට කමක් නෑ, අර චිකන් චීස් කොත්තුව එහෙම නොකා එනවා නෙවෙයි ඕං!


TIP

Chicken Cheese Kottu here is the bomb!

Have you visited this place?

Write your own review!
See 2 Comments