Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

4/5

Crossroads

292 Nawala Road, Nawala


Crossroads, run by Tasty Caterers, is a good restaurant. With a funny menu dancing across a variety of cuisines (Thai, Western, Mexican, Italian, Sri Lankan) the food, while not authentic, lives up to the name of its proprietors and actually is quite tasty.



ජෝන් - ගාර්..ෆී...ල්ඩ් !

ගාර්ෆීල්ඩ් - ජෝන්ට හොඳටම තද වෙලා. ෆ්‍රිජ් එකේ තිබ්බ ලසඤ්ඤා දෙකට මම උදෙන්ම වැඩේ දුන්නනෙ. හිහිහි...

(පින්තූරය - Paille)

කටට කෙළත් උනණව. ගාර්ෆීල්ඩ්ට නම් වීටෝගෙ පීසායි ලසඤ්ඤායි තියෙනව. ජෝන්ගෙ ගාණෙ කන්නත් පුළුවන්. ඒත් අපිට කොහෙන්ද පූසො මාළු.

ඉඳපන්කො, හෙට උදේ වැඩට ගියපු ගමන් අපේ YAMU එකේ හොඳ කෑම කඩවල් පිළිබඳ විශේෂඥ භාග්‍යගෙන් අහගන්නව හොඳ ලසඤ්ඤ පාරක් කන්න පුළුවන් තැනක් ගැන. දවල්ට කනව බඩ පැලෙන්න ලසඤ්ඤා! එහෙම හිතාගත්තු මම උදේ වැඩට ගියපු ගමන් කලේ හොඳ ලසඤ්ඤා එකක් කන්න පුළුවන් තැනක් ගැන භාග්‍යගෙන් අහගන්න එක. ඊට පස්සෙ ඉතින් මගේ වැඩ ටික කර ගෙන ගියා. දවල් 12ට විතර පොඩි බඩගින්නක් ආවත් ගාර්ෆීල්ඩ්ට එනව වගේ ලොකු බඩගින්නක් එනකන්ම ඉඳල කන්න යනව කියල හිතා ගත්ත මම වැඩ ටික කර ගෙන ගියා. ඔන්න දවල් 2ක විතර වෙද්දි නම් මට නියම බඩගින්නක් ආවා. භාග්‍ය කියපු නාවල Crossroads අවන්හලට යන්න දැන්නම් වෙලාව හරි වගේ. YAMU කාර්යාලයෙන් එළියට බහින ගමන් නාවල විවෘත විශ්වවිද්‍යාලයෙ ඉන්න යාළුවෙක්ටත් කෝල් කරපු මම පැය භාගෙකින් වගේ Crossroads එක ලඟට එන්න කියල තමයි වීල් එකකට නැග්ගෙ.

වාතාවරණය

Crossroads අවන්හල තියෙන්නෙ නාවල ඉඳන් රාජගිරිය පැත්තට මීටර 100ක් විතර යනකොට දකුණු අත පැත්තෙ. ඇත්තම කියනවනම් වෑන් එකකින් ගිහින් බැස්සත් අවන්හල ඉස්සරහ තියෙන ලොකු අංගනයෙ ඉඩ තියෙනවා. අවන්හලටම අල්ලලා තියෙන කුස්සියෙ වැඩේ යන විදිය එළියට පේන්න වීදුරු දාලා තමයි හදල තියෙන්න. ලී වලින් හදල තියෙන දොරවලුයි මේස පුටු ටිකයි නම් අවන්හලට ගේන්නෙ අමතු ගතියක්. ඇතුලෙ භෝජනාගාර දෙකක් තියෙනව. අපි යද්දි ප්‍රධාන එක නම් වහල තිබුනෙ. ඒ වුනාට මට ඕන ලසඤ්ඤා නම් තියෙනවා. ඇතුලට ගියපු ගමන් මම කුකුල් මස් ලසඤ්ඤා (රු. 450) එකක් ඇණවුම් කලා. යාළුව නම් ගත්තෙ කුකුල් මස් ෆ්‍රෙෂ් නූඩ්ල්ස් (රු. 450) එකක්.

ආහාර සහ සේවාව

කලින්ම හදලා රත්වෙන තැටි වල දාලා තියෙන නිසා අපේ කෑම ටික මේසෙට එන්න ව්නාඩි 2ක් වත් ගියේ නෑ. මම ගාර්ෆීල්ඩ්ටත් වැඩිය කෑදර වෙලා. මේසෙට ආපු ලසඤ්ඤා එක කන්න පටන් ගත්තෙ යාළුවෙක් මාත් එක්ක ආව වගක් වත් නැතුව. යම්ම්... රස නම් උපරිමයි. අඟල් එක හමාරක් විතර ඝනකම ලසඤ්ඤා එකේ උඩින්ම දාලා තිබුනෙ ටිකක් දියාරු චීස් වර්ගයක්. ඊට පස්සෙ හීනියට කපලා කුළු බඩු රසක් එක්ක සැර ගතියකුත් එන්න හදපු කුකුල් මස් තට්ටු 2කුයි චීස් තට්ටු 2කුයි මාරුවෙන් මාරුවට දාලා තිබුනෙ තට්ටු හතරක් සෙට් වෙන්න. යටින්ම තිබුනෙ තුනී රොටියක් වගේ එකක්. අඟල් 6ක් විතර දිග 4ක් විතර පළල ලසඤ්ඤා කෑල්ල කාගෙන කාගෙන ගියපු මම භගෙකටත් වැඩිය ඉවර වුනාට පස්සෙ තමයි ඔළුව ඉස්සුවෙ. චීස් රස මැද්දෙන් කුකුල් මස් රස පදමට ගැලපිලා දිවට ගේන සුපිරි රස මාව පිස්සු වට්ටලා. මට හිතෙන්නෙ ඒක තමයි ගාර්ෆීල්ඩුත් ලසඤ්ඤම කන්නෙ.

''ඒ නූඩ්ල්ස් එක කොහොමද ?'' මම යාළුවගෙන් ඇහුවෙ පිඟානෙන් භාගයක් විතර ඉතුරු කරන් බලන් ඉන්නව දැකපු නිසා.

'' අවුලක් නෑ. ඒ වුනාට රස අමුතුයි බන්. මට සෙට් වෙන්නෑ.''

''මගේ ලසඤ්ඤ එකට වැඩේ දෙන්න ආසාවෙන් මූ බොරු කියනවද මන්දා. දැන් මොකද කරන්නෙ? ඉඳපන්කො හොඳ වැඩක් කරන්න'' කියල හිතපු මම යාළුවගෙ නූඩ්ල්ස් පිඟානම අතට ගන්නෙ නැතුව නූඩ්ල්ස් ටිකක් විතරක් ගෑරුප්පුවට අරන් රස බැලුවා. කථාව ඇත්ත වගේ. ඔක්කොම හොඳයි. ඒත් මොකක්ද මන්දා අමු රසක් එනවා. මට හිතෙන්නෙ මින්චි කොළ වලද මන්දා. නැත්තම් මොනව හරි සෝස් එකක වෙන්න ඇති. සැර ගතියත් ලාවට තියෙන නූඩ්ල්ස් එකේ බැදපු බිත්තර කෑලියි පොඩියට කපපු කුකුල් මස් කෑලියි නම් අඩු නැතුව තියෙනවා. අපරාදෙ කියල හිතෙන්නෙ අන්න ඒව ටික දැක්කාම. ෂිහ්, නූඩ්ල්ස් එකෙත් තිබුන නම් කාගෙන කාගෙන යන්න පුළුවන් රසක්. මගෙ ලසඤ්ඤ එකත් බේරෙනව. මොනව කරන්නද ඉතින්? කෑමට වැඩිය යාළුකම වටිනවනෙ.

''ඒ උඹ මේක කාපන්, මම ඩෙසට් එකට මොනවහරි අරන් එන්නම්'' මගේ ඉතිරි ලසඤ්ඤ කෑල්ල යාළුවගෙ පැත්තට තල්ලු කරපු මම වතුර ටිකක් බීලම ගියා අතුරු කෑම වර්ග තියෙන ෂෝ කේස් එක ලඟට.

චොකලට් චොකලට් චොකලට්. ආ හරි, මේ තියෙන්නෙ බඩු!

''මට... චොකලට් ඉක්ලියාස් (1ක් රු.80) 2කයි මේ... බ්‍රවුනි (රු. 80) එකකුයි දෙන්න කෑමට.''

සේවක මිත්‍රයා පොඩි දීසියකට දාලා දුන්න ඉක්ලියාස්‍ දෙකයි බ්‍රවුනි කෑල්ලයි අරන් මම මේසෙ ලඟට එන කොට ලසඤ්ඤා පිඟාන හිස්. කමක් නෑ, බලමු ඉක්ලියාස් එකේ රස කොහොමද කියල. යාළුවටත් එකක් දෙන ගමන්ම මම රස බලන්න පටන් ගත්තා. ෂහ්, මරුනෙ. මැද්දෙ චොක්ලට් ක්‍රීම් පුරවලා මදිවට උඩටත් ටිකක් දාලා. චොක්ලට් රස නම් උපරිමයි.

''ඒ මරු ආ...'', යාළුවටත් ඉක්ලියාස් එක අල්ලල ගිහින් වගේ. ඉක්ලියාස් එක කටවල් දෙක තුනට ඉවර කරපු මම බ්‍රවුනි කෑල්ලෙන් භාගයක් කඩාගෙන කටේ දාගත්තා. පිස්සු හැදෙනවනෙ Crossroads එකේ අතුරු පස වල රසට. චොක්ලට් නම් අන්න චොක්ලට්. ටිකක් මෘදු වෙන්න නියමම චොක්ලට් වලින් හදල තිබුන බ්‍රවුනි එකේ රස මම මීට කලින් කාපු කිසිම බ්‍රවුනි එකක තිබිල නෑ.

අනුමිතිය

ඒක නෙවෙයි, ගාර්ෆීල්ඩ් කාටූන් එක බලලා ලසඤ්ඤා කන්න ආසාවෙන් ඉන්න නංගිලා මල්ලිලා එහෙම ඉන්නවනම් ඔන්න අම්මටයි තාත්තටයි කියන්න මේ සති අන්තෙ නාවල Crossroads අවන්හලට ඔයාලව එක්කන් යන්න කියල හොඳේ?

 


TIP

The drinks at Crossroads are more exciting than your usual Fanta-Coke-EGB selection. We'd recommend the berry and berry smoothie (Rs. 230), this is thick and yoghurty with just a hint of banana and lots and lots of berries. Also good is the St. Clements, a fizzy blackcurrant cordial and sprite (?) concoction (Rs. 175). They don't serve alcohol.

Address

292 Nawala Road, Nawala

Contacts

Facebook

Report Inaccuracy

Open 11:30 AM – 02:30 PM, 06:30 PM – 10:30 PM

Cuisine

Western Sri Lankan

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Fish And Chips

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4
Similar Places

Have you visited this place?

Write your own review!
See 14 Comments