Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1 Artwork for Coffee post sidebar 1

4/5

Cup Café

6 C. W. W. Kannangara Mawatha (Baptist Chapel Road), Colombo 7, opposite ODEL


Cup Cafe is a simple and charming coffee shop with good food, drink and a pretty chill atmosphere.



ඔන්න තවත් කෝපිහලක් කොළඹ. ඇත්තම කීවොත් අපි එතැනින් එතරම් විශේෂත්වයක් බලාපොරොත්තු වන්නේ නැහැ. ඒත්, කප් කැෆේ ඉතා හොඳ තැනක්. බැප්ටිස්ට් චැපල් පාරේ දිරා යන කඩ මුහුණත් පසුපස මෙතරම් සොඳුරු අවකාශයක් ඉතිරි වී ඇතැයි කිසිවෙක් සිතන්න නැතිව ඇති. ඒත්, නිල් හා සුදු වර්ණ ‍තේමාවෙන් යුත් මේ කෝපිහලනම් හරිම නැවුම් පෙනුමයි. අති පිරිසිදුයි.

කප් කැෆේ පවත්වාගෙන යන ආකර්ශනීය, ප්‍රසන්න චීන යුවල පාරිභෝගිකයන්ට තමන්ගේ මූඩ් එකට ගැලපෙන ආහාර පාන තෝරා දීම කෙරෙහි ඉතා උනන්දුයි. මේ උප මහාද්වීපයේ ගිනියම් දහවලකදී ඔබ තෝරාගත යුතු  වන්නේ චීස් කේක් වෙනුවට සීතකළ දෙහි පයි හා කැපුසිනෝ වෙනුවට අයිස් කෝපි බව ඔවුන් උපකාරශීලී ලෙස යෝජනා කරනවා.

අනර්ඝ අතුරුපස, කෝපි හා ආහාර ඇති කප් කැෆේ සාමාන්‍ය කෝපිහලකට වඩා හොඳයි. කොළඹ බොහෝ කෝපිහල් පෙනුමින් හොඳයි. සුන්දර පෙනුමැති ඇපල් පයි, ඝනකම චොකලට් කේක් ත්‍රිකෝණ, අලංකාර වර්ණ මුසු මෙරිංගු ආදිය පිරවූ වීදුරු ප්‍රදර්ශන කුටි ඒවායේ තිබුණත්, අවසානයේදී ඒවා බලාපොරොත්තු සුන්කරනසුළුයි. මම මේ කියන්නේ හැම කෝපිහලක්ම නරකයි කියලා නොවෙයි. ඒත් අපි කේක් කෑල්ලක් කාලා එය හරිම හොඳ බව හිතන්නේ කලාතුරකින්. ඒත්, කප් කැෆේහිදී අපි කාලා බැලූ හැම දෙයක්ම වගේ ඉස්තරම්.

මම Twin Peaks බලනවිට එහි FBI විශේෂ නිලධාරියකු ලෙස රඟපාන Kyle MacLachlan කෝපිහල්වලදි නිතර කන ඒ ගෙදර හැදූ පයි කන්න සිහින මැව්වා. කප් කැෆේහි අසුන්ගෙන ඇත්තෙන්ම රසවත් සීත කළ ලයිම් ටාට් පෙත්තක් රස බලනවිට මටහොහොතකට හෝ මාත් ට්වින් පීක්හි ජීවත් වනවා වගේ හිතුණා. ලයිම් ටාට් කියන්නේ ඩබල් ආර් චෙරි පයි එකක් නොවෙයි. ඇමරිකානු භෝජන විලාසිතාවේ පැණිරස ආහාරවලට කිට්ටු විශිෂ්ට අතුරුපසක්. එහි සරළ, තිරසාර විස්කෝතු පදනම අයිස්මුසු දෙහිවල තියුණු රසයත් සමග මුසුවෙලා. ඒ සමග පිරිනැමෙන විප්ඩ් ක්‍රීම් ගුලියත් එක්ක එය ගත සිසිල් කරන රසවත් ව‍ගේම සිත් පුබුදුවන කදිම අතුරුපසක්.

තවම ඔවුන් සැර හා ලුණු රස ආහාර එතරම් පිරිනමන්නේ නැහැ. ඒත් කප් කැෆේ විශිෂ්ට ෆ්‍රයිඩ් රයිස් හා චිකන්නම් පිරිනමනවා. මේ පුංචි කඩයේ තිබෙන මේ ශ්‍රී ලාංකික චීන විලාසිතාවේ බත තවත් විස්මයක්. සම්බා බතෙහි ඇටවල රස තැවරිලා. චිකන් මෘදුයි. සැර රසින් යුතුයි. ඇති තරම් සූ වෙජ් චොප් හා චිලී පේස්ට් ඔබට ලැබෙනවා.

ඉතින් ඔබ ඉන්නේ කිට්ටුව පාතනම් කප් කැෆේ කියන්නේ ඇවිත් කෑම වේලක් කාලා යන්න වටින තැනක්. ඒ අසල පිහිටි අප සූරාකන බ්‍රෙඩ්ටෝක්ට වඩා එය බෙහෙවින් උසස්.

TIP

Try the frozen lime tart.

Address

6 C. W. W. Kannangara Mawatha (Baptist Chapel Road), Colombo 7, opposite ODEL

Directions

It's at the ODEL roundabout, opposite ODEL and next to the mosque.

Contacts

E-Mail Facebook

Report Inaccuracy

This place has closed down

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Pies Coffee

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3
Similar Places

User Reviews
A
1

5/5

0

AmilaRuwan

This place was a real gem. Reasonable prices and very good service.

Avatar for janith
9

4/5

0

janith

Went there on Thursday (poya) with a bunch of friends. One of the cleanest, friendliest restaurants I've been to in Colombo.

They serve a bunch of really nice food, but my favourite at the moment is their Strawberry Yoghurt Tart. :D Love it.

A
1

5/5

0

AmilaRuwan

This place was a real gem. Reasonable prices and very good service.

Avatar for janith
9

4/5

0

janith

Went there on Thursday (poya) with a bunch of friends. One of the cleanest, friendliest restaurants I've been to in Colombo.

They serve a bunch of really nice food, but my favourite at the moment is their Strawberry Yoghurt Tart. :D Love it.

See 55 Comments