Artwork for Better Parenting Top Banner 1
Artwork for Better Parenting Top Banner 2

4/5

Currymuch

57/2 Braybrooke Place, Colombo 2


If you're working around Slave Island or Fort, Curry Much does a decent buth packet with better packaging.



චයිනීස්, ඉතාලි, ජැපනීස්, ඉන්දියන් ගගා නා නා ප්‍රකාර කෑම තියෙන රෙස්ටෝරන්ට් දැන් ඕනේ තරම්. ඒ වුණාට ලංකාවේ අපේ හුඟක් අයට රයිස් ඇන්ඩ් කරි තරම් අල්ලලා යන තවත් කෑමක් නැහැනේ. වෙන මොන කෑම කෑවත් ඒ අයගේ බඩවල් නෙවෙයි ඔය කෑමවලින් පිරෙන්නේ. අන්න එහෙම අයට යන්න පුළුවන් තවත් බත් කඩයක් ගැන කියන්නයි මේ ලෑස්තිය. මේ “කරි මච්”.

තැන

මේක තියෙන්නේ බේබ්රූක් වීදියේ. ඔය ගංගාරාම පන්සල හරිය පහු කරගෙන යද්දී මුණගැහෙන පාර. මේක බොහොම පොඩි තැනක්. මෙතන ඉඳන් කනවනම් එහෙමයි, ටේක්අවේ නම් ඒත් එහෙමයි. හැබැයි අපි නම් කියන්නේ ටේක් අවේ ගන්න කියලා. මොකද දවල්ට මෙතැන යුද්ධයක් වගේ. සෙනඟ පිරිලා. නිවී සැනසිල්ලේ කෑම ගන්න පුළුවන් තැනක් නෙවෙයි. අනික ඉස්සර තිබුණු තරම් පිළිවෙල ගතියක් හෝ පිරිසිදු පෙනුමක් දැන් මෙතැන නැහැ. සමහරවිට මේ දවස්වල කඩේ අලුත්වැඩියා කරන නිසාද දන්නෙත් නැහැ.

කෑම බීම

මෙතැන රුපියල් 200 වගේ ඉඳන් උඩ ගණන්වලට බත් තියෙනවා. පෝක් ඇරෙන්න චිකන්, බීෆ්, සීෆුඩ් වර්ග එක්ක මේ බත් ගන්න පුළුවන්. ඉතින් අපි ඕඩර් කළේ ඉස්සෝ දාපු කහ බත් (රු.250) එකකුයි, ඩෙවිල්ඩ් චිකන් රයිස් (රු.200) එකකුයි.

බෝංචි, පරිප්පු කරි එක්ක, අල බැදුමක් සහ මැල්ලුමක් මේ ඩෙවිල්ඩ් චිකන් රයිස් එකේ තිබුණා. ඒ විතරක්යැ, තඩි ඩෙවිල්ඩ් චිකන් කෑල්ලකුත්. පට්ට රසයි මේ චිකන් එක. සෝස්, කුළුබඩුවලින් මැරිනේට් වෙච්ච රස හොඳට ම ආවා. ස්පයිසි ගතියට බතට එකතු වෙද්දී තවත් රසයි. කිරට හදපු බෝංචි කරියත් නියමයි. පරිප්පු හොද්දෙත් කියන්න තරම් අවුලක් නැහැ. අල බැදුමත් හොඳ රසට තිබුණා.

ෂහ්! කාලෙකට පස්සේ කෑව සුපිරි ඉස්සෝ කරියක් තමයි අපට මේ කරි මච් එකෙන් කන්න ලැබුණේ. නිකනුත් නෙවෙයි මේක ඩෙවිල් කරලනේ. හරි ම ෆ්‍රෙෂ්. චිකන් එක වගේ ම තමයි හොඳට මැරිනේට් කරලා ස්පයිසි ගතියට තිබුණා. සිරාවට බතට විතරක් නෙවෙයි, බයිට් එකට වුණත් මරු කියලයි අපට නම් හිතුනේ.

සර්විස් එක

කඩේ සෙනඟ ගොඩක් හිටියා වුණත් මෙයාලගේ සර්විස් එක ෆාස්ට්. බත් ටික ලෑස්ති කරලා දෙන්නේ සටපට ගාලා.

අවසාන වශයෙන්

හැමදාම එකම තැනින් කාලා එපා වෙලා නම්, පොඩ්ඩක් කරි මච් එකට ඔළුව දාලා එන්නකෝ. වෙනසකටත් එක්ක හොඳයිනේ. අහ්! අර ඩෙවිල්ඩ් ප්‍රෝන් එක ගන්න අමතක කරන්න එපා හොඳේ.


TIP

They also serve breakfast. Not open for dinner.
All Reviews

New and improved Currymuch serving a decent rice pack with a killer prawn curry.

If you're working around Slave Island or Fort, Curry Much does a decent buth packet with better packaging.

Currymuch isn't really your average kade. Bright, clean and manned by excellent, friendly staff, CM offers the healthier, feel-good alternative to the average buth packet. Serving a rotation of rice-based lunches (different meals on different days, only one of which is available per day), you can pop into to the little store on Staple St to procure a box of rice for just Rs. 200

සිංහල හැමදාම එකම තැනින් කාලා එපා වෙලා නම්, පොඩ්ඩක් කරි මච් එකට ඔළුව දාලා එන්නකෝ.

සිංහල කරිමච් සාමාන්‍ය බත් කඩයක් නොවෙයි. එය බත් කඩේකට වඩා පොෂ් කඩයක්. දීප්තිමත්, පිරිසිදු ස්ථානයක් වන එහි මිත්‍රශීලී සේවක පිරිසකුත් ඉන්නවා. කෑමත් සෞඛ්‍යාරක්ෂිතයි. එහි සතියේ දින හතේ මාරුවෙන් මාරුවට බත් වර්ග පිරිනැමෙනවා. එක් දිනෙක එක් බත් වර්ගයක් පමණයි. බත් පෙට්ටියක් රු. 200ක් පමණයි.

Address

57/2 Braybrooke Place, Colombo 2

Directions

From Union Place, go past the JAIC onto Braybrooke Street. From Gangarama, go down Muttiah.

Contacts

Website Facebook

Report Inaccuracy

Open until 04:00 PM

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Rice And Curry

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4
User Reviews
K
1

5/5

0

killersward

The food is wonderful, lime and mind juice, chicken wrap, coriander rice… to name a few. They are worth the money and the people are also very friendly

K
1

5/5

0

killersward

The food is wonderful, lime and mind juice, chicken wrap, coriander rice… to name a few. They are worth the money and the people are also very friendly

See 23 Comments