Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2
Artwork for Coffee post sidebar 1

3/5

Curve

1 Park Street, Colombo 2


Curve, at Park Street Mews, is a tapas bar that's been around for a couple of years. While the purple-white theme is looking a bit old now, their tapas and drinks are still pretty good.



කර්ව් කියන්නේ පාර්ක් ස්ට්‍රීට් මිව්ස් එකට එහා පැත්තේ තියෙන ටපැස් බාර් එකට. ඒකෙ මිල අඩු නෑ. ඒත් කොක්ටේල් සහ ටපැස් හොඳයි. මේ දවස්වල ඒක ටිකක් ජනප්‍රියයි.

අපි සිකුරාදා කලින්ම කර්ව් එකට යද්දී හැම මේසයක්ම වෙන්කරලා තිබුණේ. අළුත් බාර් එකකට මේක හොඳ දෙයක්. අපි දේවල් රාශියකම රස බැලුවා. ඒවගේ මිල වැඩි වුණත් කොක්ටේල් ඥානවන්ත ලෙස මිශ්‍ර කරලා තිබුණා. ඒවා රසයි. ටපැස් නරක නෑ. මෙනූ එකේ එක දෙයක් තියෙනවා. ඒක කොළඹ තියෙන රසවත්ම වගේම මිල අඩුම දේ වෙන්න පුළුවන්.

බීම

මේක ප්‍රධාන වශයෙන්ම බර එකක් නිසා බීම වලින්ම පටන්ගමු. එයාල ළඟ මොජිටෝස් , මාටිනි සහ කයිපිරින්හා/කොලාඩා වගේ කොක්ටේල් රුපියල් 700කට විතර තියෙනවා. අපි කර්වි මොජිටෝ (රම්, පැනිපුහුල්, මින්ට්, දුඹුරු සීනි, දෙහි) ගත්තා. ඒක ආවේ අයිසුත් එක්ක. අයිස් දිය වෙනවත් එක්ක ඒක කදිම බිමක් බවට පත්වුණා. ඒත් ඒක එච්චර ලොකු බීමක් නම් නෙවෙයි.

අපි හවුස් වයින් එකකුත් ඇණවුම් කළා. ඒක හොඳ බවත් කියන්න ඕනේ.

බීම ගැනනම් අපි සන්තෝෂ වුණා අසන්තෝෂයට වඩා. (හැබැයි අපි ගොඩක් ජාති බිව්වේ නෑ.) මිල ගණන් නම් නගරයේ අනිත් තැන්වල මිළමයි. එයාලා මිශ්‍රණය ගැන ගොඩක් හිතනවා වගෙයි.

කෑම

ටපැස් බාර් එකක් නිසා මෙහිදී බීම බයිට් එක්කයි ගන්න ඕනේ. අපි උත්සාහ කළා ඉක්මනට කෑම එකක් ගන්න. ඒ නිසා මෙනූ එකේ තිබුණ ලාභම එක, (සලාද වලට අමතරව) පිමෙන්ටෝස් පාර්ඩොන් (රුපියල් 250යි) එකක් ඇණවුම් කළා. මේක පුදුමාකාර සැර මාළුමිරිස් වගේ පෙනෙන මිරිස් ජාතියක් දාපු කන්න තියා හිතන්නවත් බැරි පිඟානක්. මම හිතුවේ ඔලිව් වල දාන දේවල් වගේ මේවත් රතු සහ සැර අඩු ජාතියක් කියලයි. ඒත් එහෙම වුණේ නෑ. මේක හරිම සැරයි.

අපි තරමක් මිල වැඩි Grilled Prawns With Paprika and Garlic (රුපියල් 900) එකක් කාල බැලුවා. ඒක හරි ෂෝක්. හොඳට පදම් කළ, පුංචි වුණත් සෑහෙන තරමේ ඉස්සෝ එක්ක කදිම විස්කෝතු පැත්තක තියල තිබ්බා. කදිම කෑමක්.

අපි මොළොක් සහ ෆ්ලේවර්ස් නැති Crab Croquettes (රුපියල් 800) කාල බැලුවා. ඒවගේ තිබුණ මස්ටර්ඩ් සෝස් එකෙනුත් කෑම එකට වැඩිමනක් රසක් ඇවිල්ල තිබුණේ නැහැ.

අන්තිමට අපි සුදුළූණු වල තිබුණ බිම්මල් (Mushrooms In Garlic - රුපියල් 400) කාල බැලුවා. සරල කෑම එකක්. පදම්කළ බිම්මල් එක්ක පුංචිවට කැපූ සුදුළූණු දැමූ එළවළු. ඒත් ඒක ගොඩක් හොඳයි.

ඊළඟට තියෙන්නේ බීමයි අතුරුපසයි අතර තියෙනේ දේ. ඒක තමයි මෙතන තියෙන හොඳම දේ.

කොඤ්ඤැක් එක්ක ඇපල් අයිස් ක්‍රීම් එක රුපියල් 150යි. මේක තමයි මෙනූ එකේ තියෙන මිල අඩුම, ඒත් හොඳම එක. ඒක ලස්සන පුංචි අයිස්ක්‍රීම් පිඬු සැර මිහිරි මත්පැන් එකක තියෙන එකක්. ඒක රසයි වගේම හරියටම ගැලපෙන එකතුවක්. එයාල පාවිච්චි කරන්නෙත් වැදගත් අයිස්ක්‍රීම් වර්ග. (කොඤ්ඤැක්, බකාර්ඩි, බේලීස්, කහ්ලුවා වගේ දේවල්.) ඒ නිසා මේ නගරයේ තියෙන ‘ෂොට් එකකට’ ප්‍රසන්නම සහ මිල අඩුම තැන.

බිල

කෑම සහ බිම්වල මිල රුපියල් 3,600ක් වුණා. සේවා ගාස්තු සහ බදුත් එක්ක මිල රුපියල් 4,600යි. ටපැස් වල මිල මීට එකතු වෙන හින්දයි ගාන වැඩි. මිරිස් එක්ක අයිස්ක්‍රීම් කන්න අකමැති නම් මෙතන මිල අඩු නැහැ. ඇත්තටම ඒක නරක අදහසක් නෙවෙයි.

වටපිටාව

කොළඹ ඇවිදින කලාපයකට ආසන්න  තැනකට තියෙන්නේ පාර්ක් ස්ට්‍රීට්. එහි සාප්පුවක්, උත්සව ශාලාවක්, අවන්හලක් සහ දැන් මේ බාර් එක තියෙනවා. මේවා මහ ලොකු දේවල් නෙවෙයි. ඒත් මේ දැනට තියෙන ඒවා. ඒවා අතරට කර්ව් එක අලුත්ම එකතුවක්. කොළඹ ඛේදජනක විදිහට හොඳ බාර් අඩුයි. අලුතින් බාර් දානවා වෙනුවට අයිතිකාරයෝ එකම දේ අලුතින් නම් කරමින් ඉන්නවා.

කර්ව් කියන්නේ සම්පුර්ණයෙන්ම අළුත් බාර් එකක්. ඒක කොටසක් හදලා තියෙන්නේ පරණ මිව්ස් අවන්හලෙන් කොටසක. එහි ජීවයෙන් පිරුන ලස්සන අලංකරණයන් තියෙනවා. බාර් එක දීප්තිමත් වුණත් ඒක ඇතුළේ ආලෝකය අඳුරු කරලා තියෙන්නේ. ඇතුළේ සජීවී සංගීතය තියෙනවා. (ඒත් ඔබේ සංගීත රසය අනුව ඒක හොඳක් හෝ නරකක් වේවි.) අපි ඉඳගත්ත පැත්තේ, එළියේ ඉඳගන්න තැන් ගොඩක් තියෙනවා. ස්ටේබල්ස් එකේ උත්සවයක් තියෙනවනම් එහාට මිනිස්සු යනවා එනවා පේනවා. ඒ වගේම ඔවුන්ගේ සද්දෙත් ඇහෙනවා. ඒක කරදරයක් වෙන්නත් පුළුවන්.

සමස්තයක් විදිහට බැලුවම මේක හොඳ තැනක්. මෙතන ඉන්නකොට නියම නගරෙක ඉන්නවා වගේ දැනෙනවා.

සේවාව

සේවාව හොඳයි. කෑම ඇණවුම් ගන්න එකයි කෑම ලබා දෙන එකයි දෙකම හරි වේගවත්. හැබැයි චෙක් එක්කනම් ටිකක් හෙමින්. ඇණවුම ගන්නකන් එයාලා ටිකක් අපි වටේ කැරකෙනවා. ඒත් අපිව ගණන් නොගෙන ඉන්නවට වඩා ඒක හොඳයි.

නිගමනය

කර්ව් කොළඹ නිශාචර ජිවිතයට හොඳ එකතුවක්. එයාල හොඳ ටපැස්, කදිම කොක්ටේල්, අති විශේෂ අයිස්ක්‍රීම් හදනවා. හැබැයි ඔබ ගොඩක් දේවල් කනවනම් කර්ව් ලාභ තැනක්නම් නෙවෙයි.

TIP

Try the ice cream liqueur shots.

Address

1 Park Street, Colombo 2

Directions

From Dharmapala Mawatha, turn down Park Street, past Cotton Collection if you're heading east. Also accessible from Hyde Park Corner, or through Hunupitiya. To Park you pass the Mews, turn left on the next main road, then left again on Lake Crescent, doubling back to the parking lot behind.

Contacts

Facebook

Report Inaccuracy

Open until 12:00 AM

Price Range

More than Rs.1500

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3
Similar Places

Have you visited this place?

Write your own review!
See 8 Comments