Artwork for dominos top banners 2 test dummy
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Shiwu Chinese - sidebar banner temp

4/5

Darley Road Pub & Restaurant

338 T. B. Jayah Mawatha, Colombo 10


The new pub at Excel World that replaces the good old Keg.



ඔය උදේ ප්ලෑන් කරලා හවස යන ගමන් වලත් ගොඩක් දුරට අමුතුම ආතල් එකක් නැත්තෙමත් නෑ..

එදාත් එහෙමනෙ. කට්ටියට පඩි ආවා, බොමු කීවා, විශ්වි තැනක් බැලුවා..

මේං 6 වෙද්දි වෑන් එකකින් අදාළ ස්ථානයටම!

ම්.. ඒක තිබ්බෙ ජයා පාර, එක්සෙල් වර්ල්ඩ් එකේ. දන්නවත් ඇති බාග වෙලාවට ඔයාලා.. ඉස්සර තිබ්බ ‘ද කෙග්’ එකම තමයි. දැන් ක්ලබ් එක කරලා, නම වෙනස් කරලා..

කාන්තාවන්ට ෆ්‍රී එන්ට්‍රන්ස්. අපිට රු. 1000යි. හැබැයි ඒ දාහා ඇතුලෙ වියදම් කරන්න පුලුවන්. 

කොහොම කොහොමින් හරි ඉතින්.. විශ්වි ඔන්න පැන්න ගමන් ඇතුලෙ. ඊට පස්සෙ අපි ටික.. ටිකට් එහෙම අරගෙන හෙමින් සැරේ ගිහිල්ලා වාඩිවුනා ටිකක් අයිනටම වෙන්න තිබුනු ප්ලේස් එකකින්. වාඩි වෙලා එහෙ බලලා මෙහෙ බලන්න හම්බවුනේ නෑ මෙන්න සේවක මිත්‍රයෙක් එතන!

“සර් තව විනාඩි 5යි තියෙන්නෙ හැපි අවර් එක ඉවර වෙන්න. ඊට කලින් පුලුවන් නම් සර්ලගෙ ඔ්ඩරේ දාන්න! නැත්නම් 50% ඔෆර් එක නැතිවෙනවා ඇල්කොහොල් වලට.. අපරාදෙනෙ”

ඇහුණත් හරි අපේ කට්ටිය සනික ගත්තෙ මෙනු ටික අතට.

අරගෙන හැරෙන තැපෑලෙන්..

“වැට් 9 එකක් (රු. 3090) ගේන්න” කූගන් දැම්මා ඔ්ඩරේ.

“මට ‘අච්චාරු’ එකයි, වෝටර්මෙලන්ටීනි එකයි” විශ්විගෙන් කොක්ටේල් 2ක්.

“ම්.. බයිට් එකට පෙපර් පෝර්ක් එකයි (රු. 790), බ්ලැස්මික් චිකන් එකයි (රු. 1190), සීෆුඩ් රයිස් එකකුයි (රු. 890) ගේන්නකො?” ඉතුරු සියළු දෙනාම කතාවෙලා ඔන්න ඩයට් ටිකත්.

ඔ්ඩරේ දාලා ඉතින්.. අපි අපි පොඩි කයියකට සෙට්වෙලා හිටියෙ. හැබැයි ඒ අතර අඛණ්ඩවම.. අරක්කු, සැන්ඩි, වීදුරු.. ඊට පස්සෙ කොක්ටේල්, ඊටත් පස්සෙ පොඩි වෙලාවක් යද්දි බයිට්, ඩයට් සියල්ලමත්.. මේසෙට!

මේසෙට අඩුම කුඩුම ටික ආවට පස්සෙ නම් යාළු කතාව අහන්න එපා. බෝතලේ කැඩුණා, පළවෙනි වටේ ගියා..

අනේ.. මෙන්න පෝර්ක් ඉවරයි කියන්නකො!

ඔව්.. ආයෙ බලාගෙන ඉඳිද්දි වාශ්පවුනේ ඈ. එච්චරම ලොකු පෝෂන් එකකුත් නෙවෙයි. හැබැයි රස තිබ්බ ලෙසටම. නූලට ගම්මිරිස් මදිපාඩු දාලා. සෝස් රසත් හොඳහැටි තියෙන්නෙ. විශේෂයෙන්ම ඒකට රස පදමට මාලුමිරිස්, අමුමිරිස්, ලූණු ටිකත් වැටිලා නිසා..

ඊටත් අර ඔක්කොම වගේ මස් කෑලිනෙ. ඒකනෙ වුනේ..

කොහොමහරි ඒ සෙතේම තමයි, බෝතලේ 3වෙනි වටේ යනකොට රයිස් එකත් ඉවරයි. ඒක නම් අපේවුන් බඩගින්නටම කාලා. කීරිසම්බා හාලෙ බත, පොඩි පොඩියට කපපු කැරට්, ලීක්ස් ඇතිවෙන්න දාලා, බිත්තරත් මදි නොකියන්න.. දෙයියනේ කියලා කන කන කටක් කටක් ගාණෙ ඉස්සෙක් හරි, දැල්ලො, මාළු මොනවම හරි. ඊටත් උඩින්ම තඩි බුල්සායි එකකුත්නෙ.

ඔය විදියට ගිහින් අන්තිමට ඉතුරු වුනේ බැල්ස්මික් චිකන් එක. ඒකෙත් පොටැටෝ වෙජස් එහෙම ආගිය අතක් නෑ. අර චිකන් එකේ සෝස් පදම ටිකක් වැඩි නිසා තමයි ඒක කන එක පරක්කු වුනේ. ඇත්තටම.. ඒකත් ටොප් ග්‍රිල්ඩ් චිකන් එක. හැබැයි බයිට් එකට හරියන්නෙ නෑ. රයිස් එකක් කන්න වගේ නම් මරු.

ඔය අතරෙ මට චාන්ස් එකක් ආවනෙ විශ්වි ගත්ත කොක්ටේල් දෙක රස බලන්න.

ඉස්සෙල්ලාම ‘අච්චාරු’!

ම්.. හොඳයි. හැබැයි අච්චාරුම රසක් එන්නෙ නෑ. නිකම්.. අන්නාසි රස උඩ එනවා තව තව පළතුරු කීපයක ලා රසවල් එක්ක. එතකොට.. ලුණු, මිරිසුත් සෑහෙන්න අඩුවෙන්. අරක්කුත් දාපු නොදාපු ගානටම වගේ..

අනේ මන්දා!

ඒ වුනාට වෝටර්මෙලන්ටීනි එක පට්ට. ෆ්‍රෙෂ් වෝටර්මෙලන් ජූස් දාලා, රස උඩ ගන්න සිරප් ටිකකුත් දාලා, වොඩ්කා සහ මාටිනි දාලා..

ලාවට වගේ වදිනවත් ඇති මං හිතන්නෙ.

කොහොම වුනත් අන්තිමට අපේ බෝතලේ බාගයක් එහෙම්මම ඉතුරුයි. ඇයි බයිට් නෑනෙ!

මොනවා කරන්නද?

“අරං යමං බං.. පස්සෙ බොමු” කිව්වා.


Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment