බොහේමියන් ගමකට ගියා වගේ...
සිවිලිම පුරාම, අපූරු හැඩතලවලට ගස් අතු, වැල්, මල්, කොළ, කොහුලණු එකතු කරලා හදපු ලස්සන ලස්සන ඩ්‍රීම් කැචර්ස්. ඊට පස්සෙ බිත්ති පුරා... කොළ පාටට වැල්, අතරින්පතර බල්බ් වැල් එහෙමත්. ඒ හැරුණාම පුංචි පුංචි ලී මේස බංකු ඔක්කොම වටවෙන්න අමුතුම කලාවකට ශේෂ වුණු ඇන්ටික් බඩු තොගයක්...
ඔක්කොමත් හරි කැෆේ එකේ පාට ගැලපිල්ලනෙ... ඇස් දෙකට කිසිම අමාරුවක් නැතිවෙන්න, සියල්ල අර්ත් කල්ර්ස්වලින්!
බොරු කියන්න ඕන නෑනෙ. අහම්බෙන් ගොඩවුණාට මොකද අපිත් ලත් තැනම ලොප් ඒ පෙනුමට...
“ගුඩ් ආෆ්ටනූන් සර්. ටේක් අ සීට්. මොනවද බැලුවෙ. මේ අපේ මෙනු එක සර්!”
“ආහ්... නෑ මං මේ බැලුවේ...
මේ ප්ලේස් එක ඔයාගෙද, නැත්නම්...?”
“ඔව් සර් මායි මගේ වයිෆුයි පටන් ගත්තෙ. තාම ලොකු කාලයක් නම් නෑ”
“ආහ්, නෑ මං මේ ඉන්ටීරියර් එක දැකලා ඇහුවෙ. ඔයාලගෙම ඩිසයින්ද?”
“ඔව් සර්. අපිම තමයි. කාලයක් තිස්සෙ ආසාවක් තිබ්බා මේ වගේ කැෆේ එකක් දාන්න. ඉතින් කොහොම හරි වැඩේ පටන් ගත්තා. තව පොඩි පොඩි අඩුපාඩු නම් තියෙනවා. ඒත් සතුටුයි ඉතින්”
“සතුටුයි කියන්නෙ යාළු, මටත් සතුටුයි අහම්බෙන් හරි මේ වගේ තැනකට ගොඩවෙන්න ලැබිච්ච එක ගැන. ඇත්තටම මං මේ වගේ තැනක් ලංකාවෙ කොහෙවත් දැකලා නෑ ආ... ළඟින් යන ප්ලේස් 2-3ක් තියෙනව ඇල්ල, ගාල්ලෙ එහෙම. ඒ හැරුණාම කොළඹවත් නෑ හොඳේ...
නියමයි වැඩේ. සුපිරි. හැබැයි ඒසී. එකක් දාගන්න අනිවා. මේන් රෝඩ් එක අයිනෙ නිසා එකක් රස්නෙයි, අනික දූවිල්ලත්නෙ”
“ඔව් සර්. අනේ ඒක නම් ළඟදිම දාගන්න ඕන”
“හ්ම්... එළ එළ. ඒනම් මට ගේන්නකො චොකො මිල්ක් ෂේක් එකක් (රු. 280) බොන්න. ඒකයි කෑමට... මට නාසි එකක් (රු. 680)”
“මට පෝර්ක් ඩොල්පින් කොත්තුවක් (රු. 550) ගන්න පුළුවන්ද?” එච්චර වෙලා වටපිටාවට වහ වැටිලා ඉඳපු යාළුවත් කට ඇරියා.
“පුළුවන් සර්. මම ගේන්නම්. විනාඩී... 10ක් වගේ”
“නෝ ප්‍රොබ්ලම්”
අයෙත්... අමුතුම ලෝකයෙ හුදකලාවෙ ඉමටම... ඒ තිබ්බ කලාවත් එක්ක මම මාරම මනෝ පාරකට ගියේ. කිව්වට විශ්වාස කරන්න කවදාවත් නැතුව එතන තිබ්බ පොතකුත් අරගෙන කියෙව්වා කියන්නකො.
ඉතින් වෙලාව යනව තේරුනෙත් නෑ. පියවි සිහියට ආවෙත් ෂේක් එක මේසෙට ආවාට පස්සෙ.
“ම්... ඇති පදමට චොක්ලට් දාලා” උගුරක් නෙවෙයි, උගුරු පේළියක් එක දිගට. ෂැහ්! නියමයි ආ... හැබැයි සීනි පොඩ්ඩක් වැඩියි වගේ. ඒත් අර කූල් එක හොඳ හැටියට තියෙන නිසා ලොකු අවුලක් නෑ.
කියල හිටං ඒ ගැම්මටම වැඩ ඇල්ලුවා නාසියටත්.
හප්පා... මල් හතයි, නොම්මර එකයි කියන්නකො ඒක. පොඩී තෙල් වැඩි ගතියක් තිබ්බට... සම්බා හාලෙ බතට මදි නොකියන්න කැරට්, ලීක්ස්, ගෝවා ටික දාලා, සෝස් පදමත් ටක්කෙට තියෙන්න... බැදපු ලොකු ඉස්සො දෙතුන් දෙනෙකුත් එක්ක අන්නාසි පෙති, අඹ චට්නි, චිලි පේස්ට්...
ඔක්කොටමත් වැඩිය ඒකෙ සයිස් එක! පැහැදිලිවම දෙන්නෙක්ට ඇති හොඳහැටි දෙසාබාන්න.
ඒත්... වැඩේ කියන්නෙ මම ඒක කන අතරට මේසෙට ආපු යාළුවගෙ පෝර්ක් කොත්තුවනෙ... හරි අසාධාරණයි අප්පා... බැලූ බැල්මටම ඒක දෙන්නෙක්ට, තුන්දෙනෙක්ටම ඇති ගානයි. ඊටත් ඒකට චීසුත් දාලා. මස් හොදි, සෝස් එහෙමත් දාලා. ෆ්‍රයිඩ් පෝර්ක් පොඩි පොඩි කෑලි තොගයකුත් දාලා. හප්පේ... පොඩි පොඩියට කැපුණු පරාටා කෑලි, කැරට්, ලීක්ස්, ගෝවා, මාළු මිරිස් අඩුම කුඩුම එක්ක...
ඉවසගෙන ඉන්නම බැරි වුණා යාළු මට. සනික හැන්ද දාලා කටවල් තුන හතරක් එක පේළියට ගසලා දැම්මෙ.
කොහොමහරි අපි වැඩේ ගොඩදාගෙන යන අතරෙ අපිත් එක්කම ගමනට එකතු වෙන්න ඉඳපු අනිත් යාළුවත් ප්ලේස් එකට ගොඩ බැහැලා ගත්තා චිකන් පැස්ටා එකක් (රු. 480). ම්... ඒකත් මේසෙට එන්න නම් විනාඩි 8ක් 10ක් ගියා. හැබැයී... ඒ පැස්ටා එකේ චීස් දාලා තියෙන්නෙ හැපිකව් චීස් එකෙන්. ඒ නිසා ඉටැලියන් ගතියක් නම් ඇත්තෙම නෑ. ඒත් රස හොඳයි කියල තමයි යාළුවා කිව්වෙ.
කෙසේ වෙතත්...
‘ඩි ප්ලේටො’ එකේ අපේ අන්තිම තප්පර ගාන...
මුලදි වගේම...
අසීමාන්තික මනෝ පාරක යාළු!
හ්ම්... යන්න හිතක් දුන්නෙම නෑ.
Closed right now
Cuisine
Western Sri Lankan Sri Lankan Chinese Fast Food
Price Range
Dish Types
Eggs Seafood Pasta Salad Kottu Biriyani Fried Rice Pork Chicken Fried Chicken Fish Fish And Chips Cuttlefish Burgers Sandwiches Submarines Wraps Iced Coffee Tea Fruit Juice Milkshakes Roti Soup Meat Platters
Ratings Breakdown
A restaurant and a guest house in Ella, that one should…
Great place to have a delicious Sri Lankan buffet…
Delete Comment