Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

4/5

Decadence

1/14 Gunasekera Gardens, Nawala Road, Nawala


Their special is the CBP and it's really pretty special. A rich but not heavy mousse, an intense and lasting chocolate hit, a fair lug of alcohol and biscuit perfection- not too mushy not too crunchy.



චොකලට් බිස්කට් පුඩිම ‍ලංකාවට ආවේණික ආහාරයක්. මේ අනගි දේශීය නිර්මානය සිදුවන්නට ඇත්තේ මෙහෙම වන්නට පුළුවන්. යටත්විජිත කාලයේ අරක්කැමියකුට හෝ ගෘහනියකට සංග්‍රහයක අතුරුපස සඳහා චොකලට් මූස් මදිවන්න ඇති. ගසන ලද බිත්තර සුදුමද සහ ක්‍රීම් සමග චොකලට් රස මුසුකර සකසන ප්‍රංශ සම්භවයක් සහිත අතුරුපසක් වන මූස් වෙනුවට මාරි විස්කෝතුවලින් සකසනු ලබන චොකලට් බිස්කට් පුඩිම ආදේශ වන්න ඇති.

කිරිවල පෙඟවූ මාරි විස්කෝතු අතර ක්‍රීම් ගතියෙන් යුත් මූස් අතුරා සකසන ලද චොකලට් බිස්කට් පුඩිම පරම්පරා ගණනක් තිස්සේ ලාංකිකයන්ගේ දිව පිනවූ අතුරුපසක්.  මෙවැනි දේශීය අනන්‍යතාවක් තිබෙන ලම්ප්රයිස්,  දේශීය බුරියානි, ෂෝට් ඊට්ස් හෙවත් කෙටිකෑම වගේ විස්කෝතු පුඩිමත් නිතර ඇතැමුන් අතින් විකෘති වෙනවා. මත්පැන් අඩංගු කර හදනු ලබන මෙහි ඇතැම්විට මත්පැන් නැහැ. සමහර වෙලාවට එය නිකම් චොකලට් ගුලියක්. සමහර වෙලාවට චොකලටුත්, විස්කෝතුත් දෙකම නැහැ.

ඩෙකඩන්ස් කියන්නේ ලංකාවේ ගෘහස්ථව නිපදවනු ලබන (දියවැඩියාව පතුරවන) විෂ්, මන්ච්කින් වැනි රසකැවිලි පිරිනමන ආයතනයක්. ඔවුන්ගේ චොකලට් බිස්කට් පුඩිම සුවිශේෂබව අපි සොයාගත්තා. එය සරුයි. ඒත්, එතරම් බර නැහැ. මත්පැන් ගානට මුසුකරනලද එහි මැටි ගතියක් හෝ ඕනෑවට වඩා හැපෙනසුළු ගතියක් නැහැ. තීව්‍ර හා කල්පවතින චොකලට් රසයක්. ඔවුන් බේලීස්, මොකෑසිනෝ වැනි විවිධ සම්භාව්‍ය ආහාර වර්ගත් පිරිනමනවා.

ඔවුන‍්ගේ දහයේ ‍බන්දේසිය තමයි මිළෙන් වටිනාම දෙය. රු. 1600කට ඔබට පුළුවන්  ගැලරි කැෆේහිදී අතුරුපස දෙකක් ගන්න මුදලින් මුළු ගෙදරටම හෝ කාර්යාලයටම සංග්‍රහයක් කරන්න. හැබැයි පරිස්සම් වන්න. ඒ රසට ඇබ්බැහි වෙලා මුළු බන්දේසියම කන්න එපා. සීනි, කැලරි අධික එයින් අවසානයේදී ඇති කරනු ලබන අපහසුවත්, ශරීර සෞඛ්‍යයට වන හැනියත් සුළුපටු නැහැ.

TIP

They do more than just CBP. There are superior brownies, cakes and all sorts of other tastiness on the Decadence menu. Pick up from the Nawala address, delivery is possible for larger orders,

Address

1/14 Gunasekera Gardens, Nawala Road, Nawala

Contacts

Facebook

Report Inaccuracy

Open Anytime

Price Range

Between Rs. 1000 - Rs. 1500

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3
Similar Places

Have you visited this place?

Write your own review!
See 6 Comments