Artwork for Playtrix Top banner 1 - boxing match only
Artwork for Coke with food - top banner 1
Artwork for TEMP_sidebar Artwork for Excel restaurants sidebar banner 2

Deepaduttaramaya Temple

Deepaduttaramaya, Kotahena Street and Mayfield, Kotahena


This interesting temple in interesting Kotahena is a unique blend of Thai, colonial and local architecture. It's also the oldest Buddhist temple in Colombo.



කාර්යබහුල කොටහේනේ පිහිටි දීපදුත්තාරාම පන්සල තායි හා යටත් විජිත යුගයේ දේශීය ගෘහනිර්මානශිල්පයේ සම්මිශ්‍රණයක්. එය තමයි කොළම පැරණිම බෞද්ධ පන්සල.

1785දී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසින් සිය නිවසට යාබද කොටසක් ලෙස පිහිටුවන ලද එය තමයි, යටත්විජිත පාලකයන් කොළඹ පිහිටුවන්න ඉඩදුන් පළමු පන්සල. තායි රජපවුල වසර ගණනාවක් තිස්සේ එයට අනුග්‍රහ දක්වමින් එහි පැමිණියා. බොහෝ සන්ධ්‍යාවන්හිදී එය සැදැහැවතුන්ට වැඳුම්, පිදුම් කරන්න හොඳ තැනක්.

එහි යනහැටි

කලකදී කොටහේන තමයි කොළඹ 7. ඒත්, දැන් වඩාත් ධනවත් කොටස දකුණුදෙසට පළාගිහින්. එතනට යාම ටිකක් දුෂ්කරවන්න පුළුවන්. එල්ෆින්ස්ටන් රඟහල පසුකර පංචිකාවත්තට යන්න. නැතිනම්, වරාය පසුකර ඇවිත් ජෝර්ජ් ආර්. ද සිල්වා මාවතට හැරෙන්න. මේ පාරවල් දෙකම කොටහේන වටරවුමේදී හමුවෙනවා.

එතැනින් කොටහේන පාරේ යන්න. ජෝර්ජ් ආර්. ද සිල්වා මාවතෙන් වම්පැත්තටවන්නටයි එය පිහිටා තිබෙන්නේ. පංචිකාවත්ත පැත්තෙන්නම් කෙළින්ම වගේ. වැඩිදුර යන්න එපා. පොලිස්ථානය අසලින් දකුණට වාසල පාරට හැරෙන්න. එතැන නාමපුවරුවක්ද තිබෙනවා. ඒ පාරෙන් නැවත වම්පැත්තට මේෆීල්ඩ් පාරට හැරෙන්න. මඳ දුරක් යනවිට ඔබට පන්සල පේනවා.

අපි පාර සවිස්තරව කිව්වේ මෙතැන හොයාගැනීම අපට මහත් අමාරුවූ නිසායි.

පන්සල

දීපදුත්තාරාමය ඇත්තෙන්ම යටත්විජිත යුගයේ සුන්දර ගොඩනැගිල්ලක්. එහි ඉදිරිපිට තායි විලාසිතාවේ ස්ථූපයක් තිබෙනවා. කොංක්‍රීට් වියනක් යට බුදුපිළිමයක් අලුතෙන් තැනීමෙන් ස්ථානයේ සුන්දර පෙනුම නැතිකරගෙන. එය නොතිබුණානම් ඝංඨාර කුළුන කෙළින්ම පෙනෙනවා.

වැලිමළුවේ ඇවිද යනවිට ඔබට තැන තැන දකින්න ලැබෙනවා තායි රජපවුලේ විවිධ අය විසින් සිටුවන ලද පැළ අසල පිහිටුවන ලද පුවරු. බොහෝ අය මෙහි සාමකාමී ලෙස වැඳුම්, පිදුම් කරනවා. ශීඝ්‍රයෙන් නාගරීකරණය වූ කොටහේනේ රථවාහන ඝෝෂාව අවටින් ඇසුණත්, සිනිඳු වැලි පයට පෑගෙන, මල්, හඳුන්කූරු සුවඳ හමන පන්සල ඇතුළත ශාන්තයි.

මෙහි ඉතිහාසය ගැන වැඩිදුර විස්තර මෙතැනින්.බොහෝ සුන්දර පල්ලි පිහිටා තිබෙන කොටහේනේ ආගමික විවිධත්වය තුළ දීපදුත්තාරාමය වැදගත් කොටසක්.

TIP

Look out for the plaques by Thai royalty. The place gets princes, kings and queens

Address

Deepaduttaramaya, Kotahena Street and Mayfield, Kotahena

Report Inaccuracy

Have you visited this place?

Write your own review!
Leave a comment