Artwork for Coke with food - top banner
Artwork for Promote YAMU Top Banner
Artwork for PMF Free delivery Artwork for PMF essentials sbb 2

3/5

Dehiwala Zoo

Anagarika Dharmapala Mawatha, Dehiwala,


The Dehiwala Zoo is kind of depressing if you're an animal lover, ironically, because a lot of the animals live in sad situations here. Some of the animals have wider greener spaces to live in now though.



මේ විස්මිත ඡායාරූප වෙනුවෙන් නස්ලි ඔබට තුති!

මම දෙහිවල සතුන්වත්තට කැමතියි. එහි ගැටලු රැසක් තිබෙනබව ඇත්ත. ඒත්, මම දැඩිව විශ්වාස කරනවා, රු. 100 ටිකට්පතකින් ඔබ මෙතැනින් ලබන සතුට මුදලට වඩා බොහෝ වටිනා එකක්බව. සතියේ දිනවල සවස 3 සිට 5 දක්වා මෙය විශේෂයෙන් ඇත්ත. ඒ වෙලාවට එහි සෙනග නැහැ. දීර්ඝ සවස් යාමයේ රන්වන් හිරු එළියෙන් නැහැවෙමින් එහි සිටීම ප්‍රබෝධවත්.

දූලි වැකුණු, අපිළිවෙල දෙහිවල කොංක්‍රීට් නගරයේ සතුන්වත්තේ ගේට්ටුවෙන් ඇතුළේ තුඟු තුරුවලින් ආවරණය වූ අක්කර 25ක ඇත්තේ ක්ෂේම භූමියක් වැනි වෙනත් ලෝකයක්. එහිදී ඇසෙන කුරුළු කූජන, වඳුරු බුකුබුකු, බිළාල ගර්ජන හා වෙනත් දහසක් සත්ව නාද හඳුනාගන්න ඩිස්කවරි චැනලයේ ජීවිත කාලයක් හිටියත් බැරිවේවි. ගේට්ටුවෙන් ඇතුල්වූ මොහොතේම පහුරු ගාමින් කෑමසොයන පැස්බරුන් දකින්න ලැබෙනවා. නුදුරින් තිබෙන සිංහ, කොටි කූඩු අද්දර පුංචි සීබ්‍රා රංචුව බියෙන් ගල්ගැහිලා වගේ. මගේ පෞද්ගලික ප්‍රියතම ‍දර්ශනය වන්නේ සිය පොකුණේ සුමුදු බිම්උළු මත ලිස්සා යන සීල් මත්ස්‍යයිනුයි.

මීට කලකට ඉහතදී ගඳගැසූ තරම් නැතිවුණත්, තවමත් සතුන්වත්ත ගඳයි. වර්ග 300ක් සතුන්ගේ කෑම, වසුරු හා ඔවුන් බලන්නට එන අමුත්තන්ගේ කසල එකතු වූ විට එතැන කාන්තාවකගේ පෞද්ගලික කාමරයක් වගේ සුවඳ හමාවියයි බලාපොරොත්තුවන්න බැහැ.

දැන් දෙහිවල සතුන්වත්ත ලොකු නවීකරණයකට ලක්වෙමින් තිබෙනවා. හොඳම තත්වයේ නැතිවුණත්, එතැනට සැලකියයුත් අවධානයක් යොමුවී තිබෙනබවනම් පෙනෙනවා. සතුන් හොඳ තත්වයේ සිටිනවා. බිළාල කුලයේ කොටි, සිංහයන්ගේ සම් දීප්තිමත්. කූඩු වෙනුවට ඔවුන්ගේ ස්වභාවික පරිසරය අනුකරණය කරන වාසස්ථානවල සතුන් රැඳවීම පටන්ගත් මේ කලාපයේ මුල්ම තැන්වලින් එකක් දෙහිවල සතුන්වත්ත. සිංහප්පූරුව අපෙන් මේ සංකල්පය රැගෙන එහි වානිජමය නොවන ප්‍රධානතම සංචාරක ආකර්ශනය නිර්මානය කළා. අද දක්වාමත් සතුන්වත්තේ ඇතැම් අංග, නිදසුනක් ලෙස සුවිසල්, සුන්දර තාරා, පෙලිකන් පොකුණ හා ලීමර් සතුන් සඳහා වූ දූපත ලෝක මට්ටමේ.

ඒ වුණාට සතුන් අතරත් මිනිසුන් අතර තිබෙන ඇති-නැතිභේදය වගේ විෂමතාවක් තිබෙනවා. සීබ්‍රාවුන්, ඇන්‍ටිලෝපයන්, මුවන් හා වල් අශ්වයන් ආදීන් ඉතා හොඳින් ස්ථානගත කර තිබෙනවා. වඳුරන් අතරින් ගිබන් හා ඔරං උටංට හොඳයි. ඒත්, ජපන් වඳුරන්ගේ තත්වය කණගාටුදායකයි. විලංගුලූ අලි ඇතුන් හා පල් වලවල වසන හිපපොටේමසුන්නම් කණගාටුදායක දර්ශන.  එකම වර්ගයේ සතුන්ට දෙවිධියකට සලකන හැටි දකින්න ලැබෙනවා. සමහර සිංහයෝ සිංහ දූපතේ සුව පහසුවට ඉඳිද්දී තවත් සමහර සිංහයන්ගේ කූඩු ඔවුන්ට හැරෙන්නත් මදි. ඒත්, සෙසු ආසියානු සතුන්වතුවල තත්වයත්, රු. 100ක් හෙවත් ඩොලර් ශත 80ක් අය කරන ලෝකයේ ඕනෑම සතුන්වත්තක තත්වයත් අනුව බැලුවාම මේ සතුන් ඉතා හොඳින් රැක බලාගන්නවා කියන්න පුළුවන්.

සතියේ දිනවල සන්ධ්‍යාවට ඔබට සීල් මසුන්ගේ පුංචි ශ්‍රවණාගාරය ඔබේම කරගෙන මේ අනාථ සතුන් අතොරක් නැතිව ලිස්සන, පෙරළෙන, සෙල්ලම් කරන හැටි බලන්න පුළුවන්. නැතිනම් ඔරංඋටැංගේ දුක්මුසු කල්පනාකාරී ඇස් දිහා බලාගෙන ඔහු සමග හූල්ලන්න හෝ රයිනෝසිරස් දෙස බලාගෙන ජුරාසික් ලෝකයක් සිතින් මවාගන්න හෝ පුළුවන්. පරිකල්පනයෙන් අඩු විනෝදයක් ලබන්න පුළුවන් ජිරාෆයකුට කොළ අතු ටිකක් කන්න දීලා. අඩි පහළොවක් දිග ඇනකොණ්ඩා දෙස බලාසිටීම, සිංහ, කොටි, දිවි, ජගුවර් වැනි බිළාල සත්ව වර්ග ගණන්කිරීම වැනි දේත් රසවත්. හැබැයි, දැන් චීටානම් නැහැ. මැරිලා වෙන්න ඇති.

මේ ලොකු, වැදගත් සතුන්ටත් වඩා මගේනම් සිත් දිනාගෙන තිබෙන්නේ කුඩා සතුනුයි. ටෝක් මැකෝ කියා හැඳින්වෙන එක් සුදු වඳුරෙක් ඉන්නවා. ඌ මුළු දවසම ගෙවන්නේ ඌව අනෙක් අයට නිරාවරණය කරමින්. ගිබන් පැද්දි පැද්දී එය රස විඳිනවා. උරග නිවසත් නවීකරණය කරලා. මම හරි කැමතියි දියබල්ලන්ට. උන්නම් ඇත්තෙන්ම කූල්.

රු. 100ක් වැනි මුදලකට එතරම් සතුන් සංඛ්‍යාවක්, එතරම් කුඩා ඉඩකඩක දකින්න ලැබීම වරප්‍රසාදයක්. සත්ව මිතුරන්නම් මෙහි තිබෙන කෲරත්වය ගැන කතාකරන්න පුළුවන්. ඒත්, මිනිස්සු සතුන්වත්ත බලන්න හෙටත් ඒවි. එ නිසා සතුන්වත්ත පවත්වාගෙන යන අයගේ වගකීම වන්නේ එහි තත්වය හැකිතරම් හොඳ මට්ටමකට ගෙනඒම.

විවේචන බොහොමයක් ඉලක්ක වන්නේ සතුන්වත්තට වඩා එහි පැමිණෙන නරඹන්නන්ටයි. මෙහි එන අයගෙන් වැඩි පිරිස පාසල් ළමයින් සහ විනෝදාස්වාද මාර්ග අහිමි කොළඹ අඩුආදායම්ලභී පවුල්. මේ අයට එල්ල වන චෝදනාව තමයි, ඔවුන් සතුන්ට අපථ්‍ය කෑමබීම දෙන බව හා නුසුදුසු උසුළු විසුළු කරනබව. මෙහි තිබෙන්නේ අධ්‍යාපනය හා අවබෝධය පිළිබඳ ප්‍රශ්නයක්. හොඳ ස්වේච්ඡා සේවකයන් පිරිසකට මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්.

ඒත්, හැන්දෑවට මේ කරුණු අදාළ නැහැ. බොහෝදුරට හැන්දෑවේ එහි සිටින්නේ ඔබත් සතුනුත් පමණයි. ඔබට පුළුවන් ඔවුන් සමග බැරෑරුම් සංවාදයක යෙදෙන්න. ප්‍රේමය පිළිබඳ දුක්ගැනවිලි බැබුන්ට කියන්න. ඔහු හොඳ සවන්දෙන්නෙක්. විවාහය පිළිබඳ කරුණු මොනරුන් එක්ක කතාකරන්න. ගැඹුරු ශාස්ත්‍රීය කරුණු කතාකරන්න ‍ඔරංඋටං හොඳයි. ආර්ථික කරුණු ගැන හැලකිඹුලෙක් එක්ක කතාකරන්න. ගැට කිඹුලන්ව නම් මුල්‍ය කටයුතුවලදී විශ්වාස කරන්න එපා. මටනම් සතුන් සමග කතාකරන්න පුළුවන්. ඔබට කොහොමද?

සතුන් වත්ත බලන්න යන්න. රු. 100කින් ඊට වඩා දෙයක් කරන්න බැහැනේ.

TIP

The bird park is a cool place to hang out, the air is cleaner and cocooned from the hot, smelly atmosphere of the zoo.

Address

Anagarika Dharmapala Mawatha, Dehiwala,

Contacts

Website

Report Inaccuracy

Open 8.30AM to 6PM daily

Price Range

Less than 200

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 15 Comments