158/A, Galle raod, Colombo 04
Open until 10:00 PM
Nicely interiored and exteriored cafe for BBQ, fried rice and Srilankan Chinese food
ඇස් වලට කඳුලු උනන මතකයක්..
ගෝල් රෝඩ් එකේ බම්බා විශාකා පාරට හැරෙනවත් එක්කම තියෙන බස් හෝල්ට් එක!
ඒකත් එක්ක තිබ්බ ලොකු කේක් ඩෙකෝ ප්ලේස් එක..
අවුරුදු 3, 4ක් තිස්සෙ අව්වට වැස්සට, දුකට සැපට, තනිකමට හැමදේටම..
ඔච්චරමයි තිබ්බෙ.
හ්ම්.. ‘යමු’ එකේ ඒ සුන්දරම කාලය.
කට්ටිය ඔතන ඉස්සරහ තේජාන් හෝටලේටත් සැලකුවෙ මැණික් ඉල්ලමකට වගේ. ඇයි ඉතින් අපේ සෙට් එකේ කවුරු ගියත්, එයාලා අපිට සැලකුවනෙ දෙයියන්ට වගේ..
කොහොමහරි ඉතින් ඒ සුන්දර අතීතයත් අද වෙද්දි මතකයන් අතරට විතරක් සීමාවෙලා.
“යාළුවො අද නැත, වෙන අයත් එහි නැත.. කාලය මැව් වෙනසක අරුමේ”
කියලා..
මම ගියානෙ ඊයෙ පොඩි වැඩකට ඒ පැත්තෙ. ඒ යද්දී..
මෙන්න බොලේ කේක් ඩෙකෝ ප්ලේස් එක ඉස්සරහ අපූරු කැෆේ එකක්. ඒකත් මං ආසම විදියට. පැලට් ලෑලි වලින් මේස පුටු හදලා, එළිමහන් භෝජනාගාරයකුත් තියලා, ඇතුල ඒසී කරලා ෆුල් සුවපහසුවට.. නොම්මර එකයි ඈ..
ආයෙ ඉතින්.. බඩගින්නෙත් එක්ක හිටියෙ යාළුවයි මායි දෙන්නම.
නෝ කතා නෝ සිනා, බෝඩ් එකේ තිබ්බා ස්පෙෂල් ෆ්‍රයිඩ් රයිස් රු. 480යි කියලා.
අඩියට දෙකට කඩේ ඇතුලට!
ගිහිල්ලා කරලා අත් හෝදගෙන එහෙම ඔන්න වාඩිවුනා පොඩි ලී මේසයකින්. වාඩිවෙලා.. හිනාමුසු මූණින් ආපු සේවක අයියගෙන් මෙනු දෙකකුත් ඉල්ලගෙන..
“මට නම් ස්පෙෂල් රයිස් එකක්. මේක බලන්න දෙයක් නෑ ආයෙ” මම ගත් කටටම දැම්මා ඔ්ඩරේ.
යාළුවා ටිකක් බලල කරලා.. “මට ගේන්නකො ඒනම් කෝඩ්න් බ්ලු බර්ගර් එකක් (රු. 800). ඒකයි පැෂන් මොජිටෝ එකයි (රු. 490)”
ඔ්ඩරෙන් පස්සෙ ඇත්තටම මම හ්ම් සද්දයක් නැතුවම.. පාර දිහා බලාගෙන අතීත මතක ගොන්නක පතුලටම..!
විනාඩි 10ක්වත් යන්න ඇති. රයිස් එක මගේ ඉස්සරහට ආවමයි පොඩ්ඩක් පියවි සිහියට ආවෙ.
හැබැයි ඒ ආවත් හරි.. රයිස් එකේ පෙනුමටයි සුවඳටයි, ආයෙ සිහි නෑ වගේ.. කිව්වට විශ්වාස කරන්න යාළු උඩින්ම ලස්සන බුල්සායි එකක්. ඊට පස්සෙ එක පැත්තකින් ග්‍රිල් කරපු ජම්බො සොසේජ් එකක්. අනික් පැත්තෙ බාබකියු චිකන් කකුලක්. ඒ විතරක් නම් බැරියැ. වෙජි චොප්සි, චිලි පේස්ට්, කෙචප්..
ඊටත්, කටක් දෙකක් කෑවාමනෙ.. රස නහර පිනා ගිහින් හැඳි ගෑරුප්පු සිං සිං ගාලා වැඩ කරන්න ගන්නෙ. කැරට්, ලීක්ස්, ගෝවා හීනියට ලියලා දාලා බතටත් කැරලි වෙන්න බිත්තරයක් මික්ස් කරලා.. බත් ඇටත් ලාවට ගින්දරෙන් ෆ්‍රයි වෙන්න අල්ලල. පංකාදු පහයි!
අනික ග්‍රිල්ඩ් සොසේජ් එකත් නිකම් නෙවෙයිනෙ. සෝස් අඩුම කුඩුම පදමක හොඳහැටි දවටලා, රස ටොප්!
ඔක්කොමත් හරි බාබකියු චිකන් එකනෙ.. ඒකෙ නම් පුදුමම පදමක්. මස් හොඳ හයියට, නොම්මර එකේ සෝස් අඩුම කුඩුම පදමත් නූලට, චාකෝල් කර රසත් සෙට් වෙන්න..
අන්න බාබකියු ඈ..
ම්.. හැබැයි ඒ රයිස් එක එහෙම වුනාට යාළුවගෙ කෝඩ්න් බ්ලු එක එච්චරටම එහෙම වෙලා තිබ්බෙ නෑ. මොකද ඒකෙ තක්කාලි, සලාද අඩුම කුඩුම ගාණට තිබ්බට හැම් පෙත්තක්, චීස් පෙත්තක් මැදි වෙන්න තියලා චිකන් බ්‍රෙස්ට් දෙකක් උඩින් යටින් ගලපලා හදපු පැටි එකේ..
ඔක්කොම ටොප්. චිකන් රස විතරක් නොටොප්!
අනේ මන්දා මොනවා වෙලාද කියලා.. මම හිතන්නෙ ඒ චිකන් එච්චර ෆ්‍රෙෂ් නැද්ද කොහෙද?
කොහොම වුනත් චිලි කෙචප් එකත් එක්ක ගැලපුනු පොටැටෝ වෙජස් ටික..
මල් හතයි ඈ..
ආයෙ ඉතින්.. පැෂන් මොජිටෝ එක!
ඒකෙත් ස්ප්‍රයිට්, අයිස්, මින්චි, ලයිම් ගාණටම. අර පැෂන් විතරක් ෆ්‍රෙෂ් නෑ. කෑන්ඩ් පැෂන්ද කොහෙද අරගෙන තියන්නෙ.
ඒක එහෙම නොවුනා නම්..!
Open until 10:00 PM
Cuisine
Sri Lankan Sri Lankan Chinese American
Dish Types
Eggs BBQ Fried Rice Chicken Fried Chicken Burgers Sandwiches Coffee Fruit Juice Milkshakes
Ratings Breakdown
Calm & cool place to have a great Sri Lankan,…
Navro Beach is one of the most popular restaurants in Panadura…
Delete Comment