Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2

2/5

Deshani Restaurant

Old Pannipitiya Road, Kottawa


Just ok to chill with some booze.



හරි කෙටි කතාවක් තියෙන්නෙ මේකෙ. වෙන දෙයක් නිසා නෙවෙයි, සුප්පම සුප්ප බයිට් ටිකක් නිසා.

වැඩේ වුණේ අර දවාලෙ ඉඳන් කියවල කියවලනෙ ඔතනට ගියේ, අඩියක් ගහන්න. ඊටත් අලුතෙන් දාපු ප්ලේස් එක නිසා දහසක් බලාපොරොත්තුත් හිසේ... ඔක්කොමත් හරි පෙනුමෙ හැටියට කවුද දෙයියනේ හිතන්නෙ?

හැබැයි ඔය වැඩේ කෑවෙත් මමමයි. මොකද මමනෙ දවාලෙම යාළුවගෙ ගෙදරට ගොඩවෙලා ඒකාවත් කුලප්පු කරල මාරු වුණේ. පස්සෙ හැන්දැ වෙන්න අල්ලල ඔන්න බැස්ස වැඩේට.

හාවක් හූවක් නෑ තුන්දෙනා කෙළින්ම... පන්නිපිටියෙන් වීල් එකක් දාගෙන අදාළ ස්ථානය ඉස්සරහ. බැලූබැල්මට සෙනඟ වගේ පෙනුණට අපි ඇතුළට ගියාට පස්සෙ තමයි දැක්කෙ වීඅයිපී ප්ලේස් එකකුත් තියෙනව කියල. ඒකෙ ඉතින් ෂේප් එකේ ඉඩ තිබ්බ. අනික ඒසීත් කරල නිසා එතනම සෙට්වෙමු කියලයි කතා වුණේ.

කතාවෙලා ඉතින් දන්නැද්ද, සුපුරුදු පරිදි මුල්ලක් අල්ලල වාඩිවුණා. දෙයියනේ කියල හැබැයි වාඩිවෙච්ච පරක්කුව විතරයි, සේවක මිත්‍රයෙක් මෙනුවකුත් අරගෙන අපේ ළඟ.

“අපිට බියර් තුනක් ගේන්න. බයිට් එකට පෝක් රයිස් එකක් වගේ..”

“හා සර්, එච්චරද..?”

“ම්ම්… තව මොනවහරිත් ගන්නවද බං?” මම කෝකටත් කියල යාළුවගෙනුත් අහල බැලුව.

“ගමු නේ බං. හොට් බටර් කට්ල්ෆිෂ් එකක්”

“සොරි සර්, කට්ල්ෆිෂ් නම් නෑනෙ”

“ආ එහෙමද? එහෙනම් ෆිෂ් මොනවහරි?
“අනේ ෆිෂුත් නෑ සර්. බඩු ඉවරවෙලා”

“හෑ… එතකොට මොනවද තියෙන්නෙ?”

“පෝක්, චිකන්, ප්‍රෝන්ස් විතරයි සර්”

“එහෙමද? එහෙම නම් කමක් නෑ. පෝක් ම ස්ටු එකකුයි, හොට් බටර් ප්‍රෝන්ස් එකකුයි වගේ ගේන්න”

“හරි සර්”

“මාර කඩයක්නෙ බං. යකෝ ඉරිදා වෙලත් බඩු නෑ කියන්නෙ. අනේ මන්දා”

හැරත් ඒ බයිට් ටික ගේන්න ගියපු වෙලාව. යාළු විනාඩි 15-20කට එහා හොඳේ. ඒ වෙනකම් නිකම් ඉන්නයැ කියල ඉතින් අපිත් පටන් ගත්ත වැඩේ. කොහොමහරි රයිස් එක එද්දි ම බඩු බාගෙට බාගයක් ඉවරයි..

ඊටත් ඒක කෑවට පස්සෙනෙ... ආවට වැඩිය හොඳයි නාව නම් කියල හිතුණ. ඇයි හත්ඉලව්වෙ, ඒකෙ පෝක් කෑලි 8-10යි තිබ්බෙ. ඒවයිනුත් වැඩි හරියක් තෙල් කෑලි. අර ගැඹුරු තෙලේ බැදල නිසා මිසක් නැත්නම් කටේ තියන්න බෑ. අනික මහගොඩක්ය කියල කැරට්, ලීක්ස් දාලත් නෑ. ඔන්න මාළු මිරිස්, ලූනු ටිකක් නම් දාලා තිබ්බ එහෙන් මෙහෙන්. බොරු කියන්න ඕන නෑනෙ. පෝක් අවුල නොතිබෙන්න රයිස් ටික නම් පංකාදු පහයි. ඇත්තටම මොනව දාලද මන්දා පුදුම රසක්. චිලී පේස්ට් ටිකක් එහෙමත් එකතු වුණාම රස ඩබල් ත්‍රිබල්.

අන්න ඒකට ප්‍රෝන්ස් එක. තුක් නොදෝකින් කියල හිතුණ කාපු පළවෙනි එකෙන්ම. මළ ජරාවක් තනිකර ඒක. පට්ට පරණ වේලපු ඉස්සො වගයක්, කටේ තියන්න බැරි බැටර් එකක දවටල, පරණ තෙල්වලින් බැදල.. හපෝ, මතක් වෙද්දිත් බඩ දඟලනව වගේ. හැරත් කන්න බැරි වුණාට, බලන්න එපැයි ඒකෙ කැටයම් ටික. පුහ්! ලූණු, කරපිංච, ගම්මිරිස් උඩින් දාලා.. දෙහි පෙති තිය...ල, සෝස් එක්ක...

පෝක් ස්ටු එකෙත් කියල ලොකු වෙනසක් නෑ. කොටින්ම කිව්වොත් මස් කෑලි හතයි හරියටම. ගණන් කරල කිව්වෙ හොඳේ. අනිත් ඔක්කොම තෙල් කෑලි, මගෙ හිතේ විස්සක් විතර තිබ්බ. ඒත් කමක් නෑ හොඳ රහට හරි තිබ්බ නම්. එහෙමත් නෑනෙ. මිරිස් තුනපහ ගලපල තිබ්බට, ගම්මිරිස් එහෙම මදි ඉතින්. අනික පෝක් කෑලිවලට ඒවා අල්ලත් නෑ. නිකම් වතුර ගතියයි වගේ. ඇත්තටම පාන් ගෙඩියක් වගේ තිබ්බ නම් කන්න තිබ්බ, මොකද හොද්ද රසයිනෙ.

ඕ..

වෙන මොනවත් කියන්න ඕනද…?


TIP

Try Pork Fried Rice

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment