Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for New internal sidebar 10.08.2020

3/5

Devon Bakeaway

Highlevel Road, Nugegoda, Sri Lanka


The Devon Bakeaway is on your left hand side just before the Nugegoda Fly Over (Past Mc Donald’s). The location is ideal, although finding a parking spot can be extremely difficult in this part of town. They mainly do short eats and cakes but their lunchtime menu of biriyani, fried rice and the essential rice and curry bring in a handful of loyal customers.



දැන් ඔය බර්ගර් කිංග්, අර කිංග් මේ කිංග් තිබුණට, ඉස්සර නුගේගොඩ පන්ති ගිය අපි හැමෝට ම තිබුණේ ඩෙවොන් බේකරියයි, තව පොඩි  තැන් දෙක තුනකුයි විතරයි. අපේ බුද්ධික කියන විදියට, ඒ කාලේ කෙල්ලෙක් ව එක්කගෙන ඩෙවොන් ගියා කියන්නේ ඒ කොල්ලට පට්ට ඩිමාන්ඩ්ලු. මොකද ඒක ඒ දවස්වල හෙන පොෂ් කියලනේ සැලකුවේ. හැබැයි ඉතින් අදටත් නුගේගොඩ අවටින් යන වෙලාවක බජට් විදියට කොලිටි බේකරි කෑම ටිකක් කන්න පුළුවන් තැනක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. අවුරුදු හතරකින් විතර මේ කට්ටියගේ රිවිව් එකක් නොකරපු නිසා ම, අපි පහුගිය සෙනසුරාදා දවසක ඩෙවොන් එකට ගොඩවුණා.  

තැන

අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. හයිලෙවල් පාරේ අද්දර ම, ශාන්ත ජෝසප් බාලිකාවට අල්ලපු වැටේ තියෙන තට්ටු දෙකේ ඩෙවොන් බේකරිය, ලේසියකට මඟ හැරෙන තැනක් නෙවෙයි. ඉස්සර වගේ ම තමයි; එක පැත්තක බේකරි කෑම. බිල දාන කවුන්ටරේ තියෙන්නෙත් එතැනමයි. අනිත් පැත්තේ බත් දෙන කවුන්ටරය. ජූස් බාර් එකකුත් පහළ තට්ටුවේ තියෙනවා. ඕනේ නම් පහළ තට්ටුවේ ඉඳල ම කන්න පුළුවන්. හැබැයි උඩ තට්ටුවේ ගාලගෝට්ටිය අඩු නිසා පාඩුවේ වාඩිවෙලා කෑම කන්න පුළුවන්.

කෑම බීම

අපි මෙතැනට යද්දී බේකරි කෑම කීපයක් විතරයි ඉතුරුවෙලා තිබුණේ. ඔය අතරින් අපි ගත්තේ “එග් රෝල්" (රු.55) එකකුයි, “චීස් ඇන්ඩ් අනියන්” (රු.60) එකකුයි, “චිකන් පීසා" (රු.85) එකකුයි. තව ඕඩර් කළා “ඩෙවොන් සුපර් මික්ස්" (රු.370) එකකුත්. බීම විදියට ගත්තේ ලයිම් ජූස් (රු.120) එකක්.

එග් රෝල් එක පට්ට. තම්බපු බිත්තර කෑල්ලකුත් එක්ක හොඳ අල පිරවුමක් තිබුණා. අපට වැඩියත් ම මේක අල්ලලා ගියේ රෝල් එකේ පිටත දවටනයෙයි මැද පිරවුමෙයි තිබුණු ෆ්‍රෙෂ් ගතිය නිසා. චීස් ඇන්ඩ් අනියන් එකත් ශේප්. පොඩි චීස් රසක් ආවා. ඒ වුණාට ලූණු රස තමයි වැඩියෙන් ම දැනුණේ. හැබැයි හොඳ අලුත් ගතියට තියෙන පෙස්ට්‍රියක් නිසා අවුලක් නැහැ. චිකන් පීසා එක නම් හපෝ අපරාදේ. බනිසත් අවුල්. නිකන් පරණයි වගේ. උඩ තිබුණු චිකන් කෑලි ටිකේ ලුණු හොඳට ම වැඩියි. අනික පැය ගාණක් ඔහේ තියෙන්න ඇරපු නිසා ද කොහෙද චීස් ටිකයි, චිකන් ටිකයි සෑහෙන්න වේලිලා.

නමේ තියෙන තරම් සුපර් ගතියක් මේ ඩෙවොන් සුපර් මික්ස් එකේ නැහැ. නිකන් සාමාන්‍ය ෆ්‍රයිඩ් රයිස් එකක්. බතේ සීසනින් වෙච්ච රසක්වත් ආවේ නැහැ. හැබැයි චිකන් කෑල්ල රසයි. පිට පැත්තෙන් ගණකමට තිබුණට, ඇතුළේ මස ගොඩක් සොෆ්ට්. මේකත් එක්ක බැදපු බිත්තරේකුයි, චොප්සියකුයි, චිලී පේස්ට් ටිකකුයිත් ආවා. ඒවත් ඉතින් කියන්න තරම් ලොකු හොඳක් නැහැ. ෂේප් එකේ කන්න ඇහැකි. අපට ඇත්තට ම මේ වෙලාවේ මතක් වුණේ ස්පොන්ජ් බේකරියෙන් කෑව ෆ්‍රයිඩ් රයිස් එක මීට වඩා කොච්චර රසයිද කියන එක.

හයියෝ! ලයිම් ජූස් එක නම් ගන්න ම දෙයක් නැහැ. පට්ට ම ඇඹුලයි. මට හිතෙන්නේ සීනි බෝතලයක් දැකලවත් නැහැ. ඒ විතරක් නෙවෙයි, පාවිච්චි කරලා තියෙන දෙහිත් පරණ ඒවාද කොහෙද. ආෆ්ටර් ටේස්ට් එක එන්නේ පල් රසක්.

අහ්! තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවනේ. මේ කට්ටිය ළඟ තිබුණනේ පාට පාට නා නා ප්‍රකාර ඩෙසර්ට් අයිටම් කීපයකුත්. අපි ඔය අතරින් ගත්තා “චොකලට් මූස්” (රු.160) එකකුයි, “බ්ලූබෙරි චීස්කේක්” (රු.120) එකකුයි.

කොළඹ අපි කාලා තියෙන හොඳ ම බ්ලූබෙරි චීස්කේක් එක ගැන මං පහුගිය දවසක කිව්වනේ. ඒ ෂුගර් කියුබ් එකෙන්. ඉතින් ඒකත් එක්ක නම් ඩෙවොන් එකේ බ්ලූබෙරි චීස්කේක් එකට තරග කරන්නවත් බැහැ. හැබැයි මේකත් රසයි. උඩින් බ්ලූබෙරි තට්ටුවක් නැතත්, බ්ලූබෙරි ෆ්ලෙවර් එකක් දාලා තිබුණා. චීස්කේක් එකේ මහ ක්‍රීමි ගතියක් තිබුණේ නැතත්, මේක හොඳයි.

ඒකට මොකද චොකලට් මූස් එක නම් පංකාදු පහයි. පට්ට ම ක්‍රීමි. චොකලට් රසත් හොඳට තිබුණා. තව සීනි රස අඩු කරන්න ඇත්තන් තවත් මරු.

සර්විස් එක

මෙතැන තියෙන්නේ සෙල්ෆ් සර්විස්. පහළ කවුන්ටරෙන් බිල දාගෙන කෑම ටික ඉල්ලගන්න පුළුවන්. කොච්චර සෙනඟ හිටියත්, ඕඩර් දාන වැඩේ නම් පටපට ගාලා වෙනවා.

හැබැයි සේරට ම එක ම තැනින් බිල දැම්මට, ජූස්, බත් ඕඩර් එහෙම එකතු කරගන්න ඒ ඒ කවුන්ටරවලට යන්න වෙන එක නම් පොඩ්ඩක් කරදරයි.  

අවසාන වශයෙන්

කිව්වත් වගේ බජට් එකට කොලිටි බේකරි කෑම කන්න ඕනේ නම්, ඩෙවොන් බේකරිය හොඳ තැනක්. කොච්චර රෙස්ටෝරන්ට් වටපිටේ හැදිලා තිබුණත් තවමත් මේකට තියෙන ජනප්‍රියත්වය නැතිවෙලා නෑ වගේ. තවමත් රෙස්ටෝරන්ට් එක පිරෙන්න සෙනඟ එනවා. මේ පැත්තෙන් යන එන වෙලාවක ගිහින් බලන්නකෝ එහෙනම්.

Address

Highlevel Road, Nugegoda, Sri Lanka

Contacts

Report Inaccuracy

Open 6.30 AM to 7.30 PM

Cuisine

Sri Lankan

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Rice And Curry Short Eats

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3

Similar Places

User Reviews
C
2

3/5

0

chamoo

Had basmati fried rice for lunch. Wasn't that good. Faluda wasn't as good as it was before.

S
1

2/5

0

sanelv

The rice is sometimes (well 60% of the time) is half cooked. When that happens you start to hate this place. However there is still no decent place in nugegoda to the sri Lankan way. Fab has lumprais but they are priced at 450.

C
2

3/5

0

chamoo

Had basmati fried rice for lunch. Wasn't that good. Faluda wasn't as good as it was before.

S
1

2/5

0

sanelv

The rice is sometimes (well 60% of the time) is half cooked. When that happens you start to hate this place. However there is still no decent place in nugegoda to the sri Lankan way. Fab has lumprais but they are priced at 450.

See 15 Comments