Artwork for Movenpick Coffee promo sidebar banner 1 test

2/5

Dilmah t-Lounge (Arcade)

Shop No. 4, Arcade Independence Square, Colombo 7


Dilmah t-Lounge at the Arcade is pretty similar to their outlet in Chatham Street. The food is good, and the space is less crowded but the service isn't great.



නිදහස් චතුරශ්‍රයේ ආර්කේඩ් එකේ ඩිල්මා ටී ලෞන්ජ් බැලූ බැල්මට නං පේන්නේ ටිකක් වාඩිවෙලා චිල් එකේ ඉන්න පුළුවන් ශේප් තැනක් කියල. ඒ වුණාට අපි ගිය අන්තිම දවසේ මෙහෙ සර්විස් එකෙන් පස්සෙ තේ තියා වතුර උගුරක් වත් බොන්න ආයි මෙතෙන්ට යන්නෙ නැහැ කියල හිතුවා.

තැන

තැන නං ඇරපු දවසේ ඉඳල කිසි වෙනසක් වෙලා නැහැ. ඒ පුටු මේස එහෙම්මමයි, ඒ විදියටමයි. මැද බාර් එකක වගේ තියෙන උස මේසේ වුණත්, ඒ වටේ තියෙන සෝෆාවල වුණත් ඉන්න වැඩි අපහසුවක් නැහැ. මේගොල්ලන්ගේ චැතම් විදියේ තැනට වැඩිය මෙතන ඉඩ තියෙනවා, ඒ වුණාට ඉතින් සුවිසල් ඉඩකඩක් නෙමෙයි. මරු වැඩේ කියන්නේ මෙහෙ “තේ රේඩියෝ" එකකුයි “තේ ටීවී” එකකුයි තියෙනවා. ඔක්කොම ඩිල්මා තේවල විස්තර දැනගන්න පුළුවන්.

කෑම

ඩිල්මා ඉතින් තේ කොම්පැනියක් නේ. ඉතින් මෙහෙ බීම විතරක් නෙමෙයි, කෑමටත් තේ දාල තමයි එන්නෙ. ඉතින් අමුතු අමුතු හිතන්නේ නැති කොම්බිනේෂන් මෙනුවේ තියෙනවා. බර්ගර් එකටත් තේ දාල එන සීන් එකක් තියෙනවා.

අපි මොරොක්කන් මින්ට් අයිස් තේ එකයි (රු.350), බ්ලුබෙරි සහ පොමග්‍රැනට්  අයිස් තේ එකයි (රු.350), හැම් සහ චීස් වොෆල් එකයි (රු.690), හර්බ්ස් සහ ඔලිව් එක්ක ග්‍රිල් කරපු එළවළු වොෆල් එකයි (රු.660), වොල්ඩොර්ෆ් සැලඩ් එකත් එක්ක චිකන් බර්ගර් එක (රු.640) ගත්තා.

බීම දෙක නං පංකාදු පහයි. ලොකු මේසන් කෝප්ප දෙකක එන මේ අයිස් තේ දෙක අපිට සාමාන්‍යයෙන් හම්බවෙන අයිස් තේ වගේ නෙමෙයි. ඒවාට දාල තියෙන රසකාරකවල රස හොඳට දෙනවා. මින්ට් තේ එකේ මින්ට් සිසිලස රස්නේ දවසකට නියමයි. උගුරෙන් පල්ලෙහාට යනකොට ඔක්කොම කූල් කරං යන්නෙ. ඒත් රස වැඩිය හොඳ අනිත් එකේ. ඕකේ ස්ට්‍රොබෙරි තිබුණට වරදවා වටහා ගන්න එපා, ඔය බ්ලූබෙරි බීමක්. හැබැයි වැඩිපුර එන්නේ ස්ට්‍රෝබෙරි රස. බ්ලූබෙරි නාමයක් වත් දැනෙන්නේ නැහැ. එහෙනං ඇයි මේකට ස්ට්‍රොබෙරි තේ එකක් කියල නම දැම්මේ නැත්තෙ? කව්ද බං දන්නේ. උන්ගෙන් තමයි අහන්න ඕනේ.

බර්ගර් එක නං නැගල ගියා. මේකේ බනිස් එකට ඩිල්මා එකේ සූචොං තේත් එකතු කරලා තමයි හදල තියෙන්නෙ. එකෙන් ලොකු වෙනසක් නං අපිට තේරුණේ නැහැ. පැටිය රස හින්ද ඔය මොකුත් හිතුවේ නැහැ. පැටියක් කිව්වට මේක අර පුල්ඩ් පෝර්ක් වගේ හදල තියෙන්නෙ. සිරාම රසයි.

වොෆල් දෙකෙන් ඇත්තටම එළවළු වොෆල් එක තමයි නියමෙට තිබුණේ. හොඳ අලුත් එළවළුවල රස චීස් එක්ක ගානට මිශ්‍රවෙලා ආව. සාමාන්‍යයෙන් හුඟක් තැන්වල වෙජිටේරියන් කෑම චාටර් කළාට මේක නං පට්ට. ඉතින් මේකෙන් හොඳ අත්දැකීමක් ලැබුණා. හැම් ඇන්ඩ් චීස් එක නං චීස් රහ විතරයි. පාන් පෙත්තකට චීස් ටිකක් දාල කරකරලා ගත්ත නං මේ රහම ගන්නත් පුළුවන්, මීට වඩා ලාබත් එක්ක. මොකද වොෆල් දෙකේම වොෆල් එක පොඩ්ඩක් අවුල්. මෙලෙක්වට එන්න ඕනේ වොෆල් එක රබර් ගතියට තමයි ආවේ.

සර්විස් එක.

ඔන්න ඔතෙන්දි තමයි අපිට ඉස්කෝලේ සිංහල පාඩමටවත් කියල දුන්නැති ලස්සන සිංහල වාග් මාලා මතක් වෙන්න ගත්තේ. හරි, ගිහිල්ල වාඩි වුණා කියමු. පැය කාලක් වත් අත වනවන බලං ඉන්න ඕනේ වේටර් කෙනෙක්ට පේන්න. කටුනායකින් රට යන එවුන්ටවත් මෙච්චර අත වනන්නේ නැතුව ඇති. හරි. ඊට පස්සෙ ගෙන්නගත්ත කියමුකෝ. වේටර් මල්ලිට ඔර්ඩරේ දෙනකොට මෙනුවේ තියෙන්නෙ මොනාද කියල පොරට ෂුවර් නැහැ. පස්සෙ විනාඩි පහකින් ආයි එනවා ඉල්ලපු එක නැහැයි කියන්න. ඉතින් අපි මෙනුවෙන් වෙන එකක් කිව්වම තව විනාඩියක් විතර බලං ඉඳල ගිහිල්ල ආයි ඇවිල්ල කිව්වා ඒකත් නැහැයි කියල. වැඩේ හරියන්නේ නැහැයි කියල තේරුන හින්ද ඔන්නේ තියෙන ටික වත් කමු කියල තව කෑමක් ගන්න අදහස අතෑරියා. ඒ පළවෙනි දවසේ.

දෙවැනි දවසේ කෑම ගේන්න පැයක් ගියා. ඒ පැය ගිහිල්ලත් ගෙනාවේ වැරදි කෑම ටික. එහෙම වුණෙත් ඒ පැය පුරාවට වේටර්ලට අපේ ඕඩර් එකට මොකද වුණේ කියල මතක්කරන ගමන්. ඒත් ඒ එකෙක්ටවත් අපිට කතා කරන්න තරංවත් උවමනාවක් නැහැ. පස්සෙ අපි කවුන්ට්රේට ගිහිල්ල කිව්වා ඕඩර් එක කැන්සල් කරන්න කියල. කැන්සල් කරලා බිල දෙන්න තව පැය කාලක් ගියා. අන්තිමේ කෑවේ කෑම නෙමෙයි, කාලේ.

ප.ලි.

කලින් ගිය ඉංගිරිසි ලියමනේ නං ඩිල්මා එකේ අය කොමෙන්ට් කරල තිබුණා. පොඩ්ඩක් ඒක කියවලත් බලන්නකෝ.

අවසානයට

මෙතන සර්විස් එක චාටර් එක අලුත් දෙයක් නෙමෙයි. ඉතින් මේක තව වෙනස් වෙයි කියලා බලාපොරොත්තු වෙන එකේ වැඩක් තියෙනවද මන්ද. කොහොම නමුත් ටිකක් කල් ඉඳල බලන්න තියෙන්නෙ දැන්වත් වෙනසක් වෙයිද කියල.


TIP

Check out the digests next to the sofas, they've got an amazing photo-catalogue of community rebuilding in different regions of Sri Lanka.

Address

Shop No. 4, Arcade Independence Square, Colombo 7

Directions

The Arcade is before you get to BMICH, after the SLBC building, on your left. Once you walk in, head left for that space with the underground fish-tank - the lounge is in the building right in front of it.

Contacts

Facebook

Report Inaccuracy

Open 11.00AM to 11.00PM

Cuisine

Western

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Sandwiches Tea Iced Tea

Ratings Breakdown

Overall Rating
2
Quality Rating
2
Service Rating
1
Ambience Rating
3
Similar Places

User Reviews
K
1

5/5

0

Karima23

I loved the place and the ambiance was fantastic and chill.
Food was served with great care and fresh ingredients… and the tea selection was impeccable.
I also enjoyed the store where I bought very unique and limited collection Dilmah teas!

K
1

5/5

0

Karima23

I loved the place and the ambiance was fantastic and chill.
Food was served with great care and fresh ingredients… and the tea selection was impeccable.
I also enjoyed the store where I bought very unique and limited collection Dilmah teas!

D
1

5/5

0

dinushagunathilaka

This place is amazing. Such a lovely place to spend the evening. I loved their interior. And their tea shakes are just wow!

Avatar for J
2

2/5

0

J YAMU STAFF

Hideous.

Avatar for Malinthe
21

3/5

0

Malinthe

I've never had a good experience with food here. Something is not quite right. The tea, however, is quite good. I recommend the Rose and French Vanilla, Italian Almond and definitely the Ceylon Souchong. Service and seating is usually not that great either.

See 12 Comments