Artwork for Shiwu Chinese - top banner 1
Artwork for WW BYOB Top banner 2(A) - also a dummy
Artwork for Coffee post sidebar 1

4/5

Dindigul Thalappakatti Restaurant

No 9, De Fonseka Pl, Colombo 05


Established in 1957, Dindigul Thalappakatti Restaurant is a popular franchise restaurant comes all the way from Tamil Nadu, India.



30%ක් ම ඩිස්කවුන්ට් නෙ. ඉතින් අපි ගියා උදෙන් ම. ගිහිල්ල දැම්ම ආයෙ ෂොපින්ග් පාරක්... කෙළින්ම හැන්දෑවෙ පහ වෙනකම් හොඳේ. කට්ටිය අවුරුදු ගාණකට ඇතිවෙන්න ඇඳුම් ආයිත්තම්, අඩුමකුඩුම එහෙමත් ගත්ත.

කොහොම හරි වෙලාවට වැඩේට හවුස් ඔෆ් ෆැෂන්ස් එකම සෙට්වුණේ. නැත්නම් තැනින් තැනට, තැනින් තැනට ගිහින් පණ යනව.

ඒකත්, අන්තිම හරිය වෙද්දි බලන්න එපැයි, මහන්සියට... එකෙක් වතුර ඉල්ලල වැළලෙන්න හදනව, තව එකෙක් පඩි පෙළේ වාඩිවෙලා ඔළුව තියාගෙන... අනිත් එකා අතුරුදහන්. වෙලාවට සේවක මිත්‍රයෙක් ඇවිල්ල කිව්වෙ, “අන්න සර් ඔයාලගෙ යාළුව අතන මුල්ලෙ කණුවකට හේත්තුවෙලා කෝල් එකක” කියල.

දඩිබිඩියට ගිහින් ඒකාවත් ගළපගත්තු මම, ෂොපින්ග් කිරිලි මෙතනින් ඉවරයි පුතේ කියල  ගිහින් බිල ගෙවල දැම්ම. දාලා බැස්ස අඩියට දෙකට එළියට. නැත්නම් දවල්ට කන්නත් නැතිවෙච්ච එකේ, රෑටත් බඩගින්නෙ ඉඳපන්කො.

ඇත්තටම වටපිටාව බැලුවට හරිහමන් කඩයක් සෙට්වුණෙත් නෑ. බලබල ඉන්නත් බැරි නිසා මම දැම්ම සනික ගූගල් සර්ච් පාරක්.

කිරිගහට ඇන්න වගේ ඔය තියෙන්නෙ, අපේ විශ්වි එහෙමත් කියකිය ඉඳපු සුප්ප කඩයක්.

රියල් ඉන්ඩියන්! තියෙන්නෙත් පයින් යන දුරක්.

“කට්ටිය හරිනෙ එහෙනම්. කන්න ලෑස්ති වෙයල්ල බඩ පැළෙන්න”

හැරෙන තැපෑලෙන් අපි අදාළ ස්ථානයෙ. වැඩේ වුණේ.. ගියාට පස්සෙනෙ, සෙනඟ කියන්නෙ යාළු.. ඇතුල්වෙන්න තියා හිතන්නවත් බෑ. ඒ නිසා ම වෙන්න ඕන වෙනමම සේවකයෙකුත් දාලා එන අයගෙ නම් ලියාගෙන හිස්වෙන හිස්වෙන මේස ඇරේන්ජ් කරල දෙන්න.

“ආපු එකේ මෙතනින් ම කාලා යමු නේ බං. ආයෙ තැනකට යනව කියන්නෙ, වහක් වෙනව”

“ඔව් ඔව් බං. මෙතනින්ම කමු. හම්බෝ තව නම් බෑ යන්න”

ආතබූත වෙලා කොහොමහරි අපි විනාඩි 10ක් විතර ඉන්න ඇති. ඒ අතරට තමයි අපේ නොම්මරේ කතා කළේ. වෙලාවට ඒ ටිකේ මෙනුව බලල ඕඩර් කරන ටික හිතා ගත්තෙ. ඉතින්... ගිහින් වාඩි වෙච්ච ගමන්,

“වී නීඩ් වන් ස්පෙෂල් මට්න් බිරියානි (රු. 790), චිකන් කොත්තු (රු. 500), වන් බ්ලැක් පෙපර් (රු. 675) චිකන් ඇන්ඩ් එග් දෝස (රු. 300)” දැම්ම ඕඩරේ.

ඒක දැකල සේවක මිත්‍රයත් අන්දුන් කුන්දුන්. ඇයි බොලේ මෙනුව ගෙනාව විතරයිනෙ.

කාරි නෑ කියන්න, ඕඩරේ නම් දාපු ගමන් කිචන් එකට. ඒ විතරක් නෙවෙයි, මේසෙටත් පිඟන් කෝප්ප අඩුපාඩු ටික ගැළපිලා... ෆුල් සර්විස් එක. ඇත්තටම එච්චර සෙනඟක් ඉඳිද්දි, හැමෝම හිනාවෙලා වැඩ කරනව කියන්නෙ? ඒකට නම් වෙනමම සම්මානයක් දෙන්න වටිනව.

වැඩේ වුණේ ඒ වටිනාකමත් නෑනෙ... කෑමවල. කොලිටිය එහෙම…?

අයියෝ මට නම් හිතාගන්න බැරිවුණා. අවංකයෙන් ම, බලාපොරොත්තු වුණේම නෑ, ඒ වගේ තැනකින් ඒ වගේ දෙයක්.

ප්‍රශ්නෙ තියෙන්නෙ එයාලා එන ඔක්කොම බාරගන්න එකෙන්.

බිරියානි එක එහෙම සුපිරියි. හැබැයි හොඳට තේරෙනව කලින් හදල රත් කරපුව කියල. මට්න් කෑලිත් තඩි සයිස්. හැබැයි මට්න් රසක් හරි හැටි එන්නෙ නෑ කියන්නකො. වෙන දෙයක් නිසා නෙවෙයි. ආපහු ආපහු රත් කරන නිසා. ඒ විතරක් නෙවෙයි, අර පදමට දාපු මිරිස් තුනපහ, මසාලා රස කාරක ඔක්කොමත් යට ගිහින්. සුවඳෙන් කියන්න පුළුවන්.. එවෙල හැදුව නම් පංකාදු බිරියානි එක කියල.

වෙලාවට ඒකට අර මීකිරි සම්බෝල එකකුයි, මිරිස් හොද්දකුයි ආවෙ. ඒකෙන් පොඩි ගැම්මක් අරගෙන තමයි අන්තිමට බිරියානි එක රන් කළේ.

ඔන්න කොත්තුව නම් පොඩ්ඩක් ගොඩ ඇවිල්ල තිබ්බ. ඒකත් කලින් හදලද දන්නෙනෑ. කොහොමහරි එහෙම වගක් හොයාගන්න බෑ. මොකද රොටියෙ ඉඳන් ම හොඳ රස්නෙට තිබ්බනෙ. ඊටත් චිකන් කෑලි එහෙම තරමට ඉරලා, මික්ස් කරල තියෙන්නෙ. රසෙත් මිරිස් තුනපහ, මසාලා අඩුමකුඩුම අඩුවක් තිබ්බෙත් නෑ. ලූනු, මිරිස්, ගම්මිරිස්, ලීක්ස් වගේ එළවළු කීපයක් හැරනාම ලොකුවට එළවලුත් නෑ.

ඒත් සමස්තය... සත්තකින්ම හොඳයි, හොඳේ!

අන්න ඒකට බ්ලැක් පෙපර් චිකන් එක. ෂැහ්, පිස්සු කොර ඈ. පාන් ගෙඩියකට එහෙම වගකියන්න කියාපු. ගම්මිරිස්, මිරිස්, තුනපහ, මසාලා අතරට දාලා තියෙනව තව ඉන්ඩියන් කුළුබඩු ටිකකුත්... පුදුම රසක් තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි, ඒකට බටර් මොනව හරිත් දාලා වෙන්න ඕන.

ඔක්කොමත් හරි, මස් ඇතුළට ම ඒ පදම් කිරිල්ල අල්ලල නිසා, අන්තිම වෙනකම් ම… තලුමරමර, තලුමරමර රස බලන්න තියෙන්නෙ ආයෙ. අපි නොකෑවට වෙන කවුරුහරි නම් ඇඟිලිත් ලෙවකයි ඒ රසට!

ම්ම්… බිත්තර තෝසෙ එකත් හොඳටම තිබ්බ. මම හිතුවෙ ඒකෙ මොකක් හරි වෙනසක් තියෙයි කියල. ඇත්තටම එහෙම නැති වුණාට බිත්තර දෙකක්, තුනක් දාලා, ගී චුට්ටක් එහෙමත් දාලා... සුපිරි වෙනසක්. අනික අලුත් රසක්නෙ. උණුඋණුවෙන් ම ආපු නිසා ඔක්කොටමත් වඩා මාර ගතියක් තිබ්බ. ඒකට ආපු සම්බල් එකයි, සාම්බාරු එකයි එකතු වුණාම…

ටොපේ ටොප් ඈ!

අර වැඩේ වුණේ, නම් දරාපු ම ප්‍රඩක්ට් එක!

තලප්පකත්ති බිරියානි එකට අසාධාරණයක් කරලනෙ. ඒක හැදුණ නම් ඉතින්, සෙනඟ කොච්චර ආවත් අවුලක් නෑ, නේ...


TIP

You cannot go wrong with biriyani here.

Similar Places

User Reviews
P
1

1/5

0

Pemila

Worst place. Unreasonable prices. Worst taste.

D
1

5/5

0

Dilan Ryan

Amazing just amazing… the Biriyani is to die for, mutton to be precise, also kalaki goes so well with it. I’m no Indian but it definitely is one of the best biriyani places and best South Indian food in Sri Lanka.

Avatar for Mithila Karunarathne
1

4/5

0

Mithila Karunarathne

The biriyani was in super quality and the taste was superb. Facility lacks parking facility and the time taken to serve was quiet long.

P
1

1/5

0

Pemila

Worst place. Unreasonable prices. Worst taste.

D
1

5/5

0

Dilan Ryan

Amazing just amazing… the Biriyani is to die for, mutton to be precise, also kalaki goes so well with it. I’m no Indian but it definitely is one of the best biriyani places and best South Indian food in Sri Lanka.

Avatar for Mithila Karunarathne
1

4/5

0

Mithila Karunarathne

The biriyani was in super quality and the taste was superb. Facility lacks parking facility and the time taken to serve was quiet long.

S
3

3/5

0

Shaq75

Great food. Limited selection. The ambience and fittings need improvement.

Hope a more spacious location. Parking is limited. Additional branc would help.

C
1

4/5

0

Crazzysashgirl

Food was okay. The Biriyani was flavorful. Jigarthandi looks different than the one on the review and was a complete let down.

Avatar for Krishikaran
1

5/5

0

Krishikaran

Wow, Excellent south indian food…

V
1

4/5

0

Vijay GM

Good Food and nice service

See 12 Comments