Artwork for Sampath Top - November
Artwork for Kingsbury Sunday

3/5

Dinemore (Kandy)

02, Kumara veediya, Kandy


Dinemore is one of the most popular local franchises in Sri Lanka.



ශාස්ත්‍රීය සංගීතයේත් සිතුවමේත් නාමයෙන් ඔන්න පහුගිය සෙනසුරාදා මට නුවර පැත්තෙ රවුමක් ගහන්න චාන්ස් එකක් සෙට් වුණා. වෙන දෙයකදි නෙවෙයි නෙවෙයි නිදහස් කලාවේදී රාජු මයිකල් මහත්තයගෙ ෂෝ එක බලන්න ගිය වෙලාවෙදි.

කල් තියා ප්ලෑන් කරපු විදියටම මමයි යාළුවයි දවල් 12ට විතර තමයි බත්තරමුල්ලෙන් 17 බස් එකකට ගොඩවුණේ. ඒ ගිහින් නුවරින් බහිද්දි වෙලාව හැන්දෑවෙ 4ට විතර ඇති. මග දිගට නොකඩවා තිබුණ වැස්ස නිසා නුවරට කිට්ටු කරද්දි අපි දෙන්නට යකෙක් කන්න බඩගිනියි. දැන් මොකද කරන්නේ…

“ඒ, උඹ නුවර හොඳ කඩ දන්නවද බං” මෙන්න බොලේ යාළුව මගෙන් අහනව.

“එහෙම කියල දන්නෑ බං. කෝකටත් කියල ෆ්‍රැන්චයිස් එකක් අල්ලමු. නැත්තං සංගීත සන්ධ්‍යාව ලැට් එකේ තමයි ගත කරන්න වෙන්නෙ.” කෝකටත් තෛලෙ කියල හිතල උත්තර දුන්න මම පොඩ්ඩක් ඔළුව උස්සල බැලුවා, පේනතෙක් මානයකවත් මොකක් හරි තියද කියල. කොහොම හරි ඔය අතරට යාළුව ගූගල් එකේ සර්ච් කරල නුවර ඩයින්මෝර් එක. බැලින්නම් අපි ඉඳපු තැන ඉඳන් මීටර් 500ක්වත් නෑ. ආයෙ මොනව බලන්නද, දෙන්නත් එක්ක බැක් පැක් දෙක කරේ දාගෙන හෙමින් සැරේ කොටුගොඩැල්ල පාර පැත්තට කිට්ටු කලා.

හප්පේ, යද්දි මෙන්න හංදිය මැද්දෙම, උසට උසේ හරි ලස්සනට තියෙනව ‘ඩයින්මෝර්’ එක. හෙවිලි බැලිලි නැතුව, සිකුරිටි අයියගෙ ගුඩ් ඊව්නින්ග් පාරත් එක්ක එක ගැම්මට ඇතුළට ගියපු අපි කෙළින්ම ඇල්ලුවෙ මුල්ලට වෙන්න තිබුණු මේසයක්. මොකද ෂෝ එකටත් පැයක් එක හමාරක් තියෙන නිසා නිදහසේ කෑම ටික කන්න පුළුවන්නෙ. මේසෙ උඩ තිබ්බ මෙනුව ඉස්ඉස්සෙල්ලාම කියල අතට ගත්තෙ මම. අරගෙන කල්පනා කළේ නාසි කනවද මොන්ගෝලියන් කනවද කියල. ඒ අතරට යාළුවත් කොහෙන්දෝ තව මෙනුවක් හොයාගෙන මට කියනව පීසා කමුලු. මොනව කරන්නද ඉතින් යාළුවට පීසා ගන්න කියල මම කල්පනා කළා මොන්ගෝලියන් එකක් ගන්න.

කොළඹ, නුවර කියල නෑ ඩයින්මෝර් එකේ සර්විස් එක කොහෙත් හොඳයිනෙ. අපි කෑම තෝරනකම් කිට්ටුව පාතට වෙලා ඉඳපු සේවක මල්ලි, ඕඩරේ කොළයක ලියාගෙන, “සර්, 10 මිනිට්ස් විතර යයි” කියලත් කියාගෙන තමයි එතනින් ගියේ. ඒ අතරට ඉතින් අපි දෙන්න මූණ කට එහෙම හෝදගෙන හරි බරි ගැහිලා හිටිය, කෑම ටික ආපු ගමන් කාගෙන කාගෙන යන්න.

මල්ලි කිව්වත් වගේ ඩයින්මෝර් ස්පෙෂල් පීසා එක (රු. 490) විනාඩි 10ට මේසෙ උඩ. ෂහ්! ඒකෙ පෙනුම. චීස් බේරෙන පාටක් තියෙන්නෙ. පොඩි පොඩි ඔලිව් කෑලි වගයක් එහෙමත් මතුපිටින් පේන්න තියෙනව. හ්ම්ම්… සොසේජස් එකකුත් හීනියට පෙති කපල දාලා. ඒත් අතරට, කටට අහුවන සයිස් එකට තිබ්බෙ පදම් කරල දාපු චිකන් කෑලි ටික විතරයි. හැබැයි හොඳ ඝනකමට චීස් දාලා තිබුණ නිසා රස පදම නියමෙට ඇවිල්ල තිබුණා. වැඩේ කියන්නෙ මෙයාලා ලඟ පෙපර් සෝස් තිබුනෙ නෑනෙ. තිබුණෙ ටොමැටෝ සෝස් විතරයි. අවුලක් නෑ කියල එයින් ටිකක් දා ගත්ත මම හිමින් සැරේ පොඩි පීසා කෑල්ලක් රස බැලුවා. හ්ම්ම්… නරකම නෑ. හැබැයි මස්, චීස් තට්ටුවෙ හැටියට බනිස් ගෙඩිය නම් ඝනකම වැඩියි වගේ.

ඔය අතරට සුවඳ ගගහ, උණු උණුවෙම මොන්ගෝලියන් රයිස් එකත් (රු. 450) මේසෙට ආවා. සන්තෝසෙ වැඩි කමට ගත්ත ගමන් මම කළේ උඩ තිබ්බ චිකන් පලුවෙන් කෑල්ලක් කඩාගෙන රස බලපු එක. ෂප්පේ… යාළු ඒක නම් පංකාදු පහයි ඈ. හොඳට පදම් කරල බාබකියු දාපු චිකන් කෑල්ලක්. ලා සැර ගතියක්, තුනපහ රසක් වගේම සෝස් රස, කර වුණු ගතියත් නියම ගානට. එකම අවුල තිබ්බෙ චිකන් කෑල්ල පොඩ්ඩක් පොඩි එක තමයි. හැබැයි ඉතින් ඒ අඩුව පුරවන්න මොන්ගෝලියන් රස අනූන බත් එකට පුළුවන් නිසා අවුලක් නෑ. මොකද බත් එකෙත් තම්බපු චිකන් කෑලි, ඉස්සො, කැරට්, ගෝවා, ලීක්ස් එහෙම ඇති පදමට තියෙනවනෙ. අනික චිලී පේස්ට් පොඩ්ඩක් එහෙමත් එකතු කරගත්තාම රස ඩබල් ත්‍රිබල්.

ඉස්මුරුත්තාව එනකම් කාලා ඉඳපු යාළුවටයි මටයි අන්තිමට හිතුණා ඔන්න ඔහෙ ඩෙසට් එකකුත් කාලා බලන්න ඕන කියල. ඒ කියල මෙනුව බලද්දි තමයි දැක්කෙ බ්‍රවුන් විත් අයිස්ක්‍රීම් (රු. 270) කියල එකක් තියෙනව. තව මොනවද ඉතින්, සෙනිකව දැම්මා ඕඩරයක්, මොකද බ්‍රවුනි නේ…

පොඩි පීරිසියක මේසෙට ආවට මොකද බ්‍රවුනි කෑල්ලෙ රස නම් පංකාදු පහයි. ඒත් උඩින් දාලා තිබුණු වැනිලා අයිස් ක්‍රීම් ඒකෙ සීතල නිසා බ්‍රවුනි රස යට යන ගතියක් තිබුණෙ. අපි දෙන්නත් ඉතින් දන්නෙ නැද්ද, හෙමිහිට අයිස් ක්‍රීම් බෝලෙ පැත්තකට කරල බ්‍රවුනි එකට විතරක් වැඩේ දුන්නා.

වැඩේ දීලා ඉවර වෙලා, බිලත් ගෙවලා… යන්නයි කියල බැලුවෙ. ඒත් කොහෙද ඉස්මුරුත්තාව එනකම් කාලනෙ. අන්තිමට විනාඩි 5ක් විතර ඉඳල එතනින්ම වීල් එකකුත් අරගෙන ෂෝ එකට ගියේ. අන්තිමට ඉතින් හයියෝ… තමයි.


TIP

Try submarine & Rice.

Artwork for Sampath Content Sep generic
Similar Places

Leave a comment