Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1 Artwork for Coffee post sidebar 1

3/5

Dinemore (Marine Drive)

Marine Drive, Colombo 6


Dinemore in Wellawatte by the sea has got their signature oozing-mayo subs and burgers, with a relaxing view of the ocean.



අපරාදෙ කියන්න බෑ අපේ YAMU එකට අලුතෙන් ආපු චින්තක හොඳට කන බොන මනුස්සයා. ඉතින් මම හිතුවා හැමදාම දවල් කෑමට තනියෙන් අදින එකේ අද ඔන්න ඔහෙ චින්තකත් එක්ක යනව කියලා. මොකද මම නොකන කෑම වර්ගත් ගන්න පුළුවන්නෙ එතකොට.

''ඒ උඹ බත් ගෙනාවද ?''

''නෑ බන්. දවල් වෙලා කඩෙන් ගේමු. ඇයි මොකෝ සීන් එක''

''ආ.. නෑ. දවල්ට කෑම ගන්න එපා. යමං මාත් එක්ක Dinemore පැත්තෙ. Review පාරකුත් දාගෙනම එන්න පුළුවන්''

''ආ එළ එළ. යමං'' චින්තක නම් එක පයින්ම.

හොඳට මොළේ කල්පනා කරලා අපි දෙන්නා පාරට බැස්සෙ හරියටම ඉස්කෝල අරින වෙලාවට. දැන් මොනව කරන්නද, ඩුප්ලිකේෂන් පාරෙ දරුණුවටම ට්‍රැෆික්. ''ඒ මේකෙ එල්ලෙමු'' මායි චින්තකයි වජිර පාර ලඟින් මතුගම බස් එකක එල්ලුනේ වැල්ලවත්තෙ Dinemore එකට යන්න. බස් එකෙන් බැහැල ටිකක් ඉස්සරහට ගිහින් බොස්වෙල් ප්ලේස් පාරෙන් දාලා මුහුද පැත්තෙ තියෙන Dinemore එකට යන්න අපිට පැය භාගයක් විතර යන්න ගියා.

වාතාවරණය

''හම්මේ, පට්ට අව්වක්නෙ බන් තියෙන්නෙ. මේක ඇතුලට ආවාම හරිම සනීපයි. මේ ඔහොම්මම අදිමු උඩ තට්ටුවට'' කියාගෙනම මම පඩිපෙළ නගින්න පටන් ගත්තා. අපි උඩට යද්දි සෙනඟ පිරිලා. දවල් කෑම වෙලාවනෙ. ඒ කොහොම වුනත් භෝජනාගාරෙ අයිනට වෙන්න තිබුන මේසයක් අපිට සෙට් වුනේ වාසනාවට. අපේ පාඩුවෙ කන්න පුළුවන්. රත්තරන් පාට ගාපු උණ ගස් වගයක් වීදුරු ටැංකි වල දාලා ලස්සන කරලා තිබුන භෝජනාගාරෙ කුෂන් කරපු පුටු ටික නම් හරිම සැප පහසුයි. හැබැයි මගේ නම් හිත ගියේ ලී සිවිලිමට. මාර ලස්සනයි. ඒ විතරක් නෙවෙයි ඉස්සරහින් කෙලින්ම පේන්නෙ මුහුද. හරියට Beach restaurant එකකට ගියා වගේ. එතන ඉඳන් බැලුවාම පල්ලෙහා ඇතුල් වෙන තැන එළියේ ගල් අල්ලලා හදල තියෙන වාහන නවත්තන අංගනයයි එළිමහන් භෝජනාගාරයයිත් මරුවට පේනවා.

ආහාර සහ සේවාව

''ඒ මම නම් Singapore fried rice එකක් (රු. 390) ගන්නව බන්. උඹ මොනවද ගන්නෙ ?'' ඈ.. බොලේ මූ මාර පොරක්නෙ. මම වට පිට හැඩ බලන අතරෙ මෙනුවක් ගෙන්න ගෙන කෑමත් තෝර ගෙන. මට ඉතින් Dinemore එකේ සුපුරුදු කෑම එක තමයි.

''ගේන්න මල්ලි Dinemore spicy chicken sub එකක් (රු. 430). ඒකයි කූල් වතුර පොඩි එකකුත් (රු. 40) ගේන්න'' මම ඇණවුම් කලා.

''මටත් පෙප්සි එකක් (රු. 110) ගේන්න'' චින්තකට බොන දේවල් මතක් වෙලා තියෙන්නෙ පස්සෙ.

ඊට පස්සෙ ඉතින් අපි දෙන්නා බයිලා පාරක් ගහගෙන හිටියෙ සෙනඟත් වැඩි නිසා කෑම එන්න පරක්කු වෙයි කියලා හිතාගෙන. හැබැයි එච්චරම අවුලක් නෑ. විනාඩි 10ක් යන්න කලින් නම් Sub එකයි Rice එකයි මේසෙට ආවා. කූල් වතුර එකයි පෙප්සි එකයි ආවෙ ඊට කලින්.

''යම්ම්... ම‍ගෙ Sub එක. දැක්කාම කටට කෙලත් උනණවා'' රතු පාටට පොඩි පොඩි කෑලි කපල හදල තියෙන කුකුල් මස් වලින් පිරිච්ච දිග බනිස් එකේ මැද්දට මදි නොකියන්න චීසුත් දාලා. ඇත්තම කියනවනම් Dinemore sub වල රස අත්දැකීමෙන් වුනත් මට කියන්න පුළුවන්. මම කාලා තියෙන sub වලින් රසම sub එක. කුකුල් මස් කෑලි වල නියම කුකුල් මස් රසයි පුංචි සැර ගතියයි එක්ක චීස් රස ගැලපුනාම... චව් චව් ගාලා කාගෙන කාගෙන යන්න පුළුවන්. ඒ අතරට සෝස් චුට්ටක් ගෑවුනු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කෑල්ලකුත් කරස් ගාලා හැපෙන කොට... මතක් කරන්න එපා. දැන් ගිහින් එකක් ගේන්න හිතෙනවා.

''ඒ මචං ඕක රසයිද බන්'' Sub එකේ එක පලුවක් ඉවර කරලා තමයි මම චින්තකගෙන් ඇහුවෙ.

''එළ බන්. හැබැයි කිසිම නෑනෙ සිංගප්පූරු ගතියක්. ඒක දාන්න අමතක වෙලාද මන්දා බන්''

''හෑ සිරාවට? කෝ බලහං'' මම හැන්ද ඉල්ල ගෙන කුකුල් මස් කෑල්ලකුත් එක්කම බත් කටක් රස බැලුවා.

''හපොයි. කුකුල් මස් එක පැණි රහයිනෙ බන්. මට නම් සෙට් වෙන්නෑ. ඒත් බත් එක නම් මරු ආ... බාස්මතී සුවඳයි රසයි දෙකම තියෙනවා''

ටිකක් ලොකුවට කපලා එක එක සෝස් වර්ග දාලා හදල තිබුන කුකුල් මස් එක පට්ට පැණි රසයි. රතු පාටට තියෙන කොට මම හිතුවෙ සැරට ඇති කියලා. ඇත්තටම සිංගප්පූරු කිව්වට ඒකෙ තිබුනෙ නම් අපි කන නෝමල් ෆ්‍රයිඩ් රයිස් රසම තමා. ඒකත් කමක් නෑ. අවුල තියෙන්නෙ කුකුල් මස් එක හැරුනාම චොප්සි වෙනුවට තිබුනෙ තිබුනෙ ග්‍රීන් පෙපර් සලාදයක් කියන්නකො. මෙලෝම රහක් නෑ. වෙලාවට චිලී පේස්ට් ටිකකුයි පෙප්සියයි තිබුනෙ. නැත්නම් අරූට ඕක කන්න වෙන්නෙ නෑ‍ෙ

''මේ මල්ලි අපිට ගේන්නකො හොඳ ඩෙසට් එකක්. මොනවද තියෙන්නෙ?'' අතුරු පස ඇණවුම් කරන්න කලින් මම කෝකටත් කියලා සේවක මිත්‍රයාගෙන් ඇහුවා.

"Choco brownie (රු. 260) නම් හොඳයි සර්. ඒ ඇරුනාම ඉතින් Desert of the day (රු. 150) කියලා ජෙලියි පළතුරු කෑලියි ක්‍රීමුයි දාලා හදන එකක් තියෙනවා ඒකත් හොඳයි. මොනවද සර්ලට ගේන්නෙ''

''ආ.. දෙකෙන්ම ගේන්නකො එක එක. කාලා බලමු නේ බන්'' මම චින්තකයගෙන් ඇහුවා. ආයෙ මොනවද. පොර එකෙන්ම...

විනාඩි 2ක් යන්නත් කලින් අර Desert of the day එක නම් මේසෙට ආවා.

''ඈයියා.. ඒකෙ පාට''. යට සුදු පාට ක්‍රීම්. ඊට උඩින් නිල් පාට ජෙලි තට්ටුවක්. ජෙලි තට්ටුව මැද්දෙ තැනින් තැන මොනවද මන්දා පළතුරු කෑලි 2,3ක්. ''ඒ උඹම කාපං මේක. මට එපා'' කාපු පළවෙනි කටෙන්ම මට ඒක එපා වුනා. කිසිම විශේෂ රසක් නෑනෙ. ක්‍රීම් රසයි ජෙලි රසයි ටිකක් තියෙනවා. එච්චරයි.

අන්න ඒකට බලන්න එපැයි Choco brownie එක. සුපිරියි. නියම චොක්ලට් රස තියෙනවා උපරිමෙන්ම. උඩින් දාලා තිබුන වැනිලා අයිස් ක්‍රීම් බෝලෙත් එක්ක චොක්ලට් රස නැගලා යනවා. ඒ විතරක් නම් බැරියැ. දියාරු චොක්ලට් වටේටම දාලා. පට්ටයි ආ...

අනුමිතිය

චින්තකට කොහොම වුනත් Dinemore එකෙන් එළියට බහිද්දි මගේ නම් බඩ කට හොඳටම පිරිලා. ඒ වුනාට Dinemore sub නම් කොච්චර කෑවත් මේ දුන්නොත් මේ කන්න පුළුවන් Sub ජාතියක් තමයි.


TIP

Always go upstairs. If you're going around Ramadan time then go way before 6PM to be able to get an upstairs table.

Address

Marine Drive, Colombo 6

Directions

Find Boswell Place on Galle Road, it'll be somewhat opposite the Commercial Bank ATM and Hotel Sapphire. Go down through Boswell Place to Marine Drive and it's right there on the left.

Contacts

Website

Report Inaccuracy
Similar Places

User Reviews
S
1

4/5

0

Sanjith

Good ambiance with good foods

F
3

4/5

0

Fabian Rukshan

Taste - 3/5
Price - 500-800
Quality - 3/5
Service - 3/5
Ambience - 4/5
Overall I would say it's a good place to eat for the price you pay. Most suitable for people who wants to have a good family dinner or friends get-together dinner for a cheap price. Food is tasty but nothing speacial to impress you. In the night it's a bit crowded so it will take atleast half an hour for u to get your food. But I would come here again just to chill with my friends and have a snack. But not a place for a foodie.

M
1

5/5

0

Minhaj Hasan

You will find that this outlet has the most number of items on their food list. They have introduced a couple of new things last month and has even gone into kotthu with their new "Roti Mix" Dish range!

S
1

4/5

0

Sanjith

Good ambiance with good foods

F
3

4/5

0

Fabian Rukshan

Taste - 3/5
Price - 500-800
Quality - 3/5
Service - 3/5
Ambience - 4/5
Overall I would say it's a good place to eat for the price you pay. Most suitable for people who wants to have a good family dinner or friends get-together dinner for a cheap price. Food is tasty but nothing speacial to impress you. In the night it's a bit crowded so it will take atleast half an hour for u to get your food. But I would come here again just to chill with my friends and have a snack. But not a place for a foodie.

M
1

5/5

0

Minhaj Hasan

You will find that this outlet has the most number of items on their food list. They have introduced a couple of new things last month and has even gone into kotthu with their new "Roti Mix" Dish range!

A
1

3/5

0

ALCH3MIST

Love the location. The service, however, is so slow you might as well wait for the next ice age while you're at it.

See 9 Comments