Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for dominos top banners 2
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

4/5

Dinemore (Moors Sports Club)

50A, Braybrook Place, Colombo-2


The go-to place for submarines since 1996.



සම්බැරීන් සංස්කෘතිය ලංකාවේ හිට් වුණේ මිලේනියම් එකත් එක්කමයි. හා හා පුරා කියලා මුලට ම මේ රස මස් පිරිච්ච සබ්මැරීන් එකක් කෑව පළමුවෙනි දවස මට අදටත් මතකයි. ඒ මුවර්ස් ක්ලබ් ඩයින්මෝර් එකෙන්.

හරියට ම ඊට අවුරුදු දහයකට විතර පස්සේ, යාලුවෙකුත් එකතු කරගත්ත මම ආයෙත් ඒ පැත්තට ගොඩවුණේ පරණ මතක අලුත් කරගන්න ගමන්මයි.

වාතාවරණය

ගංගාරාම කිට්ටුව තියෙන මුත්තයියා පාර දන්නවා නේද? ඔය මුවර්ස් ග්‍රවුන්ඩ් එක එහෙම තියෙන්නේ. මේ ඩයින්මෝර් එක තියෙන්නෙත් ග්‍රවුන්ඩ් එකට ඇතුල් වෙන්න තියෙන තැනට ඩිංගක් එහාපැත්තෙ. කොටස් දෙකකට වෙන්කරපු, සෑහෙන්න ඉඩකඩ තියෙන තැනක්. ඒසී ඕනේ නම් එහෙමයි, නැත්තන් එහෙමයි; දෙගොල්ලන්ට ම හරියන විදියට වාතාවරණය හදලා තියෙනවා. කට්ටිය වැඩිපුර එන නිසා දෝ හෝ සද්දේ බද්දේ නම් ටිකක් වැඩියි.

කෑම බීම

සබ්මැරීන්, බර්ගර්, සැන්විච්, පීසා වගේ ම, ෆ්‍රයිඩ් රයිස්, නාසිගුරන් බත් වර්ග කීපයකුත් ඩයින්මෝර් මෙනුවේ තියෙනවා. බීම වර්ග විදියට තියෙන්නේ ෆ්‍රෙෂ් ජූස්, ලැසී, මිල්ක්ෂේක් වගේ දේවල්.

ස්ටාටර් එක විදියට “ගාලික් හොට් ඩිලයිට්” (රු.260) එකක් ගත්තා. මේක ගාලික් පාන්වලට උඩින් බාබෙකියු චිකන් එක්ක මොස්රෙල්ලා චීස් දාලා බේක් කරලා හදන කෑමක්. පාන් එක නියම ක්‍රිස්පී. ලා තෙල් ගතියක් තිබුණේ එවෙලේ ම බේක් කරලා දුන්න නිසා ද කොහේද. මොස්රෙල්ලා චීස් නිසා හොඳ චීසි ගතියකුත් තිබුණා. හැබැයි චිකන් කෑලිවලින් බාබෙකියු රසක් ආවේ නෑ. අපට තේරුණු විදියට නම් මේ තිබුණේ ස්පයිසි චිකන්. හැබැයි ඉතින් දුක් වෙන්න දෙයක් නැහැ. මේකත් ගොඩක් රසයි.

ඩයින්මෝර් ගිහින් සබ් එකක් නොකෑවොත්, නානගේ කඩේට ගිහින් කොත්තුවක් කෑවේ නෑ වගේ තමයි. ඒ තරමට ඒ ගමන අසම්පූර්ණයි. ඔන්න ඔය නිසාමයි අපි “සප්යිසි චිකන් සබ්මැරීන්” (රු.450) එකක් ගත්තේ.

ෂහ්! බන් එක දෙපැත්තෙන් වැටෙන සයිස් එකට ස්පයිසි චිකන් පුරවලා කියන්නකෝ මේකේ. රතු පාටට දිලිසෙන මේ චිකන් තොගේ දැක්ක ගමන් කන්න හිතෙනවා. බනිසේ කොයි පැත්තේ ඉඳන් කාගෙන ආවත් චීස් අහුවෙන විදියට චීස් පෙති දෙකක් ම දාලා. පළමුවෙනි කටෙන් ම මට මතක් වුණේ ඒ දවස්වල කාපු සබ්වල රස. පොඩ්ඩක්වත් වේලිච්ච ගතියක් නැහැ. සෝස්වල ගිල්ලපු චිකන් එක්ක මිශ්‍ර වුණු රසක් තමයි දැනුණේ. ස්පයිසි ගතිය හදලා තිබුණේ ගම්මිරිස්වලින්.

මේ කට්ටිය ළඟ පීසා සයිස් දෙකකින් තියෙනවා. ස්මෝල් සහ රේගියුලර් විදියට. අපි ඕඩර් කළේ රේගියුලර් සයිස් එකේ චිකන් පෙපරෝනි පීසා (රු.820) එකක්.

රේගියුලර් සයිස් පීසා එකේ කෑලි හයයි. ශේප් එකේ කන දෙන්නෙක්ට නම් ඇතිවෙයි. හැබැයි හොඳට කන්න ඕනේ අයට (මේ මම වගේ) මේක විතරක් ගත්තොත් මදි. චිකන් පෙපරෝනි, බීෆ් පෙපරෝනි තරම් රස නැති බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඒ වුණාට මේකත් වරදක් නැහැ. ඇත්තම කිව්වොත් මේ පීසා එකේ තිබුණේ පීසා හට් එකේ පීසාවලට හුරු රසක්. ඒ විතරක්යැ, කෑල්ලක් අතට ගනිද්දී ඇදිලා එන තරමට චීස්! හැම පීසා කෑල්ලට ම එක චිකන් පෙපරෝනි කෑල්ල ගාණේ තිබුණා. හොඳට සෝස් රසත් ආවා.

බීම මෙනුවෙන් අපි ගත්තේ ස්ට්‍රෝබෙරි ලැසී (රු.250) එකකුයි, ලයිම් ජූස් (රු.190) එකකුයි. නමෙන් ස්ට්‍රෝබෙරි වුණාට මේකේ ස්ට්‍රෝබෙරි රස දැනුණේ හරි ම ළාවට. හැබැයි පට්ට මීකිරි රසක් තිබුණා. උගුර දිගේ යද්දී ඇඟම සීතල වෙන ගානට කූල් කරලා. රස්නේ දවසට පංකාදු බීම.

ඩයින්මෝර් ලයිම් ජූස් එකේ රස හරි වෙනස්. අමුතු ස්පාක්ලින් ගතියක් තිබුණා. හරියට නිකන් සාමාන්‍ය ලයිම් ජූස් එකකට ස්ප්‍රයිට්, සෙවන් අප් බීමක් යන්තමට එකතු කරලා වගේ. හැබැයි මොනවා වුණත් මේකත් ගොඩක් රසයි. පදමට සීනි තිබුණු නිසා ස්වාභාවික ඇඹුල් රස හොඳට දැනුණා.

සර්විස් එක

අපේ ඕඩරේ මේසෙට එන්න ගතවුණේ විනාඩි 15කටත් වඩා අඩු කාලයක්. එවෙලේ මෙතන ඉඳපු සෙනඟ ගොඩේ හැටියට, සේවක මිත්‍රයන්ගේ කාර්යක්ෂම බව සෑහෙන්න අගය කරන්න ඕනේ.

අවසාන වශයෙන්

කොච්චර රෙස්ටෝරන්ට් පටන්ගත්තත්, තවමත් සමහර අය සබ්වල රස බලන්න යන්නේ ඩයින්මෝර් එකට. මොකද ගාණත් ෂේප්. බඩත් පිරෙනවනෙ. හැබැයි ආයේ ගියේ දවසක මතක ඇතුව අර ලැසී එක බොන්න හොඳද. අම්මපා! දැනටත් ඒකෙ රස මතක් වෙද්දී කටට කෙළ උනනවා.


TIP

Do go there after 6pm, they have a different menu during dinner.


Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment