Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2
Artwork for Coffee post sidebar 1

4/5

Dinemore

60A Dharmapala Mawatha, Colombo 3


Dinemore's never struck me as an exceptional place. I've always enjoyed the food and found it tasty, but it's not the kind of place I'd actively choose to go to – it was more of an oh it's just round the corner or grab a quick bite sort of place.



Dinemore කිසිදිනෙක සුවිශේෂ ස්ථානයක් ලෙස මගේ සිත් ගත් තැනක් නොවෙයි. එහි කෑම රස බව මම දන්නවා. ඒත්, එය මම නිතර යන්න හිතන තැනක් නොවෙයි. එය ඔය හදිසියට කෑමට යමක් ගන්න යන අසල්වැසි තැනක්.

එය 1998 සිටම තිබෙන තැනක්. මම එතැන මෙනුවෙන් උත්සහ කර තිබෙන්නේ කෑම වර්ග තුනක් පමණයි. ඒ තමයි චිකන් සබ්, බීෆ් සබ් සහ ක්ලබ් සැන්විච්.  කවුරු හෝ වෙනත් මොනවාහරි කාලා තියෙනවාද? වෙන මොනවද ඔවුන් පිරිනමන්නේ? මම මෙනූපත බලා තිබෙනවා. ඒත් මතක නැහැ. කිසිදු කෑපී පෙනෙන දෙයක් තිබුණෙ නැහැ. මෙවැනි තැන්වල ඇති මෙනූපත්වල එහෙමට වැදගත්කමක් නැහැ. ඔබ දන්නවා ඔබට අවශ්‍ය දේ. ඉතින් ඔබ එය අරගන්නවා. එච්චරයි.

කෙසේවෙතත්, ඊයේ මම එහි ගිහින් රු. 350ට අරගත් චිකන් සබ්මැරීන් එක නම් මගේ සිත් ගත්තා.

මම හිතන්නේ නැහැ මෙහි කෑම පසුගිය කාලය මුළුල්ලේම පොඩ්ඩක්වත් වෙනස් වෙන්න ඇතිය කියා. සබ් එක තවමත් බරයි. මයොනීස් දැවටූ එය හැමවිටම පිරිනමන්නේ බ්‍රවුන්පේපර් බෑගයේ පතුලට වන්නට ඇති තෙත්, මෘදු අලතීරු ටිකක් සමග. පෞද්ගලිකව මම නම් මයෝවලට ලොල් නැහැ. ඒ වුණාට මම හිතන්නේ මම අයිති වෙන්නේ එවැනි සුළුතරයකට වෙන්න ඇති. පෙනෙන විදියට මිනිස්සු තමන්ගේ කෑමවල ගොඩා..ක් මයෝ තිබෙනවාට කැමතියි.  ඉන්දි කිව්වා මෙය හරියට හෙල්මන්ස් බෝතලයක් මිරිකලා කටට වක්කරගන්නවා වගේය කියා. පීසා හට් මෑතකදී සිට ඔවුන්ගේ පීසා මත මයෝ තට්ටුවක් අතුරන්න පටන් අරන්. එකෙන්ම පේනවා මයෝවලට තිබෙන කැමැත්ත.

වැදගත් කරුණ?

ඔබ බොහෝ දෙනෙක් මයෝවලට කැමති බව පෙනෙන නිසා මම කියන්නේ ඔබ Dinemoreහි සබ්මැරීන්වලට කැමති වේවි. ඔබ ඒ උකු ද්‍රවයට අකැමැති කෙනෙකු වුණත් ඉඳහිට එය කන්න කැමතිවෙන්න පුළුවන්. චිකන් රසයි. මම හිතන්නේ එය ගම්මිරිස්, ළූනු සහ මාළු මිරිස් සමග උඩ දමමින් පිස තිබෙනවා. සබ්එකෙහි  පාන්වලට පිරවුම් අනුපාතිකය හොඳයි. සබ් එකක පාන් වැඩිවුණාම හොඳ නැහැ. මෙය නම් හරි ලේසියෙන් කටේ ඔබාගන්නත් පුළුවන්.

තෙත්, මෘදු අලතීරුවලට නම් මම හැමවිටම කැමතියි. ඒවා තිබෙන්නේ සබ් එක යට කවරය තුළ තැලිලා. ඒත්, එයින් පෙනෙනවා Dinemore ඔබට යම්කිසි පුංචි දෙයක් නොමිළේ දෙන බව. බෑගයේ පතුලේ පුංචි පුදුමයක්. ඒවා හොඳ අල තීරු. හොඳම ඒවා නොවුණාට නරක නැහැ. එහි තිබෙනවා මිතුරු හැඟීමක්.

Dinemore නිසිකලෙකThe Sandwich Factoryයේ හොඳම කාලයේ තත්වයට සමාන වෙන එකක් නැහැ. ඒත්, රු. 320ට ගතහැකි  කදිම පිරවුමක් සහිත සැන්විචයක් ලෙස එය හොඳයි. ඉතා රසවත් නැති වුණාට රසයි. මිළ අධිකත් නැහැනේ.

TIP

Apparently there are four Dinemore outlets in the Maldives (these look far more exotic than the <a href='http://www.dinemore.lk/index.php?/general/locations'>Colombo ones</a>, although I assume the food's still the same), and a new one just opened up in Wellawatta, Sri Lanka. Also if you’re asking around for directions, ask for ‘Diner More’ since this is how most people seem to pronounce it.
All Reviews

Dinemore's never struck me as an exceptional place. I've always enjoyed the food and found it tasty, but it's not the kind of place I'd actively choose to go to – it was more of an oh it's just round the corner or grab a quick bite sort of place.

සිංහල මම හිතන්නෙ මේක අලුත් ස්ටයිල් එකක් වෙන්න ඕන. මොකද සබ්මැරීන් එහෙමත් ලංකාවට හඳුන්වල දුන්න වගේ ඩයින්මෝර් එකෙන් ‘කෝල්ඩ් බිරියානි’ කියල එකක් වත් හඳුන්වල දීලද දන්නෙ නෑනෙ.

සිංහල Dinemore කිසිදිනෙක සුවිශේෂ ස්ථානයක් ලෙස මගේ සිත් ගත් තැනක් නොවෙයි. එහි කෑම රස බව මම දන්නවා. ඒත්, එය මම නිතර යන්න හිතන තැනක් නොවෙයි. එය ඔය හදිසියට කෑමට යමක් ගන්න යන අසල්වැසි තැනක්.

தமிழ் 1998 முதல் இயங்கும் டைன்மோர் கொழும்பில் பிரபலமான உணவகம். ஆனாலும் அடிக்கடி அங்கு செல்லும் நானென்னவோ சிக்கன் சப்மரைன் (சப்), பீப் சப், கிளப் சாண்ட்விச் என 3 உணவுகளைத்தான் இதுவரை முயற்சித்திருக்கிறேன். நமக்கெது பிடிக்கிறதோ அதையே தொடர்ந்து வாங்க நாம் பழக்கப்பட்டுவிடுகிறோம்.

Address

60A Dharmapala Mawatha, Colombo 3

Directions

Go up Dharmapala Mawatha from Liberty Roundabout.

Contacts

Facebook Website

Report Inaccuracy

Open 10 AM to 11:30 PM every day

Cuisine

Western

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Rice And Curry Fried Rice Burgers Submarines Shawarma

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3
Similar Places

User Reviews
M
1

4/5

0

Minhaj Hasan

Good place to go with friends or on a date! Works either way.

H
1

5/5

0

Hafaz Hasudeen

Most of the places in Colombo have food that is certainly overpriced for the quality and range that is offered. Dinemore has a wide range of food items, from Indian to Italian to Western, all of which are within reasonable price ranges.

M
1

4/5

0

Minhaj Hasan

Good place to go with friends or on a date! Works either way.

H
1

5/5

0

Hafaz Hasudeen

Most of the places in Colombo have food that is certainly overpriced for the quality and range that is offered. Dinemore has a wide range of food items, from Indian to Italian to Western, all of which are within reasonable price ranges.

D
1

3/5

0

dineshnallivecom

Went to dinemore after a few years to find that the Subs gone down in quality significantly. Biriyani is good though

See 28 Comments