Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

Diner's Delight

47 W. A. Silva Mawatha, Colombo 06


Restaurant that focuses on North Indian cuisine and touches upon a few others as well.



ගියේ කොහෙද, මල්ලෙ පොල් තියා...

තව පොඩ්ඩෙන් දවල්ට කන්න කෑමත් නැතිවෙනව. ඔව් යාළු. බම්බ හොඳටම දන්න අඳුනන ප්ලේස් එකක්. වැඩේ වුණේ කෝල් එකක් දීලා යන්න එයාලගෙ නොම්මරේ ගළපගන්න බැරි වුණානෙ. ඒත් ඉතින් පරණ විශ්වාසෙට ගියා.

බොලේ ගිහින් බලද්දිනෙ...

කෑම ඉවරයි කියන්නකො. වෙලාවට අතේ සල්ලි තිබ්බෙ. නැත්නම් යාළුව ඉස්සරහ වස ලැජ්ජාව.

“ම්... අවුලක් නෑ බං. අපි මෙහෙම්ම ම අදිමු වැල්ලවත්තට. සුප්ප ප්ලේස් එකක් තියෙනව බිරියානියක් පාරක් කන්න”

“ආහ්, ඒම අවුලක් නෑ බං. එළ එළ යමං”

කියල අනික් පැත්තට වීල් එකකුත් දාගෙන... දෙන්න හරි හරියට, වැල්ලවත්ත කලර් ලයිට් එකෙන් දකුණට. දාලා අඩිය දෙක ඉස්සරහට තියද්දි මුණ ගැහෙන ‘ඩයිනර්ස්’ එකට.

“ගුඩ් ආෆ්ටනූන් සර්. එන්න. වාඩි වෙන්න.

මෙතන හොඳයිද...”

ෂැහ්, බලන්න එපැයි පිළිගැනීම. ඒ විතරක් නෙවෙයි, ඒ ගැම්මටම මෙනු දෙකකුත් දීලා අනික් පැත්තට පිඟන් කෝප්ප, හැඳි ගෑරුප්පු ටිකත් මේසෙටම.

“අපිට නාන් විත් මට්න් පෝෂන් එකයි, තන්දුරි චිකන් බිරියානි එකයි... බීෆ් සබ් එකකුත් ගේන්නකො. ඒකයි බොන්න ඇවකාඩෝ ජූස් එකක් හොඳේ”

කොහොමහරි කෑම ටික මේසට එන්න කලින් ජූස් එක මේසෙට ආවා. විනාඩි... පහටම වගේ.

ඒත්... අනේ ඒක නම් කටේ තියන්න බෑ. මළ ම මළ ජරාවක්. මං හිතන්නෙ කලින් හදල ෆ්‍රිජ් එකේ දාලා තියපු එකක්ද කොහෙද. තනිකරම පර රහයි. ඊටත් කූල් එකත් නෑ. වතුර අම්බානක. එහෙම්ම ම කළා ඒක පැත්තකට.

කරලා... ඇත්තටම අපි හරිම දෙගිඩියාවෙන් හිටියෙ කෑමත් එහෙම වෙයිද කියල.

වාසනාවට එහෙම වුණේ නෑ. උණු උණුවෙ අඩුමකුඩුම ටික මේසෙට ගැලපෙද්දී... ඒ බය කොහෙන් ගියාද නෑ. නෑ කියන්නෙ, නැත්තටම නැති වුණ එකනෙ අවුල.

අන්තිමට ඒ ගැම්මෙන්,

යාළුව බිරියානියෙන් බාගයක් ම දාගත්ත පිඟානට. මම නාන් එකයි, මට්නුයි පරිප්පුයි තොගයයි.

දාගෙන ඉතින්…

අහන්න එපා. 

කනව යාළු තලු මර මර, යමර පදමට. උණු උණු නාන් රොටියත් එක්ක තුනපහ රසින් අනූන වෙච්ච මට්න් හොද්ද. හිතාගන්නකො ඒකට, හොඳ හැටි කිරි අඩුමකුඩුම ටිකත් දාලා හදපු පරිප්පුවත් සෙට්වුණාම. ඔක්කොමත් හරි ඇඟිලි පුරුකකට ලොකු මට්න් කෑල්ලකුත් හැපෙද්දි... ෂප්පේ... රස නහර පිනා යන්නෙ. ඇත්තටම මුලදි මම හිතුවෙ පෝෂන් එක ටිකක් පොඩියට තියෙද්දි මදි වෙයිදවත් කියල. කොහෙද, කාගෙන කාගෙන යද්දිනෙ. ඒකත් ගානටම ඈ...

ඒ විතරක් නම් බැරියැ, මගදි රස බලපු යාළුවගෙ බිරියානියයි, චිකන් එකයි. කැත නැතුව තරුවලින්ම දෙන්න පුළුවන්. එකම අවුල තිබ්බෙ ඒකෙ බතේ ඇට වෙන් වෙච්ච ගතිය පොඩ්ඩක් මදි එක තමයි. නැත්නම්... බිරියානි මික්ස් එක එහෙම හොඳම පදමට. හැරත්... ඒ චිකන් පලුව. ‘තන්දුරි නම් අන්න තන්දුරි’ කියන්න තරමටම රසයි යාළු. ආයෙ වගකීමෙන් කියන්නෙ ඈ…

ඔය අතරට ආවනෙ බීෆ් සබ් එකත්.

එපමණයි ඉතින්. කිව්වට විශ්වාස කරන්න... පොඩි පොඩි ෆ්‍රයිඩ් බීෆ් කෑලි තොගයක්, ලූණු, මාළු මිරිස්, තක්කාලි තොගයක් එක්ක ඩෙවිල් කරල, චීස් තට්ටුවක් උඩින් අතුරල. මගෙ හිතේ ඒ උඩට මයොනිසුත් දාලද කොහෙද. කටක් කද්දි... යම්...!

හැබැයි... රසේ අවසානය ළාවට එනව පොඩි පැණි රසක්. ම්... ඔයාලට නම් ඒක කොහොම වෙයිද දන්නෙ නෑ. ඒත් මට නම් එච්චරම සෙට් වෙන්නෙ නෑ.

 

ඒත් ඉතින් ඒකට කාරි මොකද. ඔය අන්තිමට ආවෙ රස වෑහෙන වටලප්පමකුත්. කජු අනං මනං නම් නෑ. ඒත් හොඳහැටි බිත්තර, පැණි අඩුමකුඩුම ටික දාලා හදල තියෙනව. කූල් එකත් මදි නොකියන්න නිසා, කන්න කන්න රස තමා...

එහෙම කාලා ඉතින් කොයි කාට වුණත් එකපාරට නැගිටල එන්න බෑනෙ. හී...

ඉස්මුරුත්තාව නේ...

ඒ නිසාමයි, විනාඩි දහයක් විතර ම එතනමයි...!


Similar Places

User Reviews
M
1

5/5

0

Muhammad

Superb food, value for money,.

M
1

5/5

0

Muhammad

Superb food, value for money,.

See 1 Comment