Artwork for Top Banner 1 - PMF Late night
Artwork for Top Banner 2 - PMF Late night

3/5

Divine (Borella)

No 229, Castle Street, Borella


Divine at Borella serves up some ok-ish savoury items for an affordable price tag.



ඉස්සර නම් කොළඹ පේස්ට්‍රි කඩ කිව්ව ම ඕනේ කෙනෙක්ට මතක් වෙන්නේ සුමනදිසි එකයි, පෙරේරා ඇන්ඩ් සන්ස්, ෆැබ් එකයි. මොකද හැම ගමක් ගමක් ගාණේ ම වරද්දන්නෙ නැතුව තියෙනවනේ. ඒ හැරුණා ම ස්පොන්ජ් එක කියන්නේ කොල්ලුපිටිය හරියේ තියෙන හොඳ ම තැනක්. ඔය තරමට ම ප්‍රසිද්ධියක් නැතත්, Divine කියන්නේ මෑතකදී ඉඳලා සෑහෙන්න නැගලා එන පේස්ට්‍රි ෂොප් එකක්. කොල්ලුපිටිය, බොරැල්ල,  මහරගම ආදී වශයෙන් තැන් කීපයක ම මේ කට්ටියගේ රෙස්ටෝරන්ට් දාලා තියෙනවා. අපි අද කියන්න යන්නේ බොරැල්ලේ Divine එක ගැන.

තැන

මේ Divine එක මුණගැහෙන්නේ කාසල් හොස්පිටල් එක ළඟින් පාර පැනලා, රාජගිරිය පැත්තට ඇවිදගෙන යද්දී. මට මතක විදියට ඉස්සර මෙතැන තිබුණේ සෙල්ලම් බඩු කඩයක්.

ඇතුළේ නම් ලොකු ඉඩකඩක් නැහැ. පොඩි පේස්ට්‍රි ෂොප් එකක්නේ. ඒක නිසා දහදොළොස්දෙනෙක්ට වගේ එක සැරේ වාඩි වෙලා කෑම ගන්න පුළුවන් විදියට පුටු මේස දාලා තියෙනවා. 177 පාර අයිනේ ම තියෙන තැනක් වුණත් පාරේ සද්දෙන් රෙස්ටෝරන්ට් එකට ලොකු බාධාවක් නැහැ.

කෑම බීම

කිව්වත් වගේ මේක පේස්ට්‍රි කඩයක්නේ. ඒ නිසා සේවරි ජාති, කේක් වර්ග බොහොමයක් මේ කට්ටියගෙන් ගන්න පුළුවන්. හැබැයි කඩේ වහන්න පැයක් විතර තියලා ගිය නිසාදෝ හෝ ගොඩක් කෑම වර්ග ඉවර වෙලා. බීමට නම් විශේෂයක් නැහැ; අයිස්ඩ් කොෆී, සන්ක්වික්  තමයි.

අපි ගත්ත ෆිෂ් පේස්ට්‍රි (රු.100) එකෙයි, ෆිෂ් පැටිස් (රු.60) එකෙයි, ෆිෂ් රෝල් (රු.60) එකෙයි තුනේ ම ඇතුළේ තිබුණේ එක ම විදියේ පේස්ට් එකක්. ලා ස්පයිසි ගතියක් තියෙන, සැමන් රස හොඳට දැනෙන මේ පිරවුම ගොඩක් රසයි. ඒ වගේ ම ෆ්‍රෙෂ්. රෝල් එකේ දවටනයත් ගොඩක් ක්‍රිස්පි විදියට තිබුණා. පේස්ට්‍රි එකත් එහෙමයි. බටර් රස හොඳට දැනෙනවා. පැටිස් එකේ නම් දැවටුම පොඩ්ඩක් වගේ පෙඟිලා.

ස්පයිසි චිකන් බේකන් බන් (120) එකත් අවුලක් නැහැ. මේක මේ බන් එකක් කිව්වට පේස්ට්‍රි එකක් වගේ. මේකෙත් දැවටුමේ ඒ හැටි ෆ්‍රෙෂ් ගතියක් තිබුණේ නැහැ. හැබැයි ඇතුළේ බේකන් යහමින් දාලා තිබුණා. ඒ වගේ ම බිත්තර බාගෙකුත්. ස්පයිසි කියල නමේ තිබුණට ඒ හැටි ස්පයිසි රසක් නම් දැනුණේ නැහැ. ගම්මිරිස් රස විතරයි ආවේ.

අපි ඕඩර් කරපු චොකලට් කප් කේක් (රු.100) එක නම් ගල් ගෙඩියක් වාගේ. හෙන ම තදයි. මං හිතන්නේ දවස් කීපයක් පරණ එකක්. චොකලට් රසක් නොදැනුන තරම්. අයිසින් එකත් හොඳට ම වේලිලා. පොඩ්ඩක්වත් ක්‍රීමි ගතියක් නැහැ. ඒකෙත් චොකලට්වලට වඩා ආවේ සීනි රස.

කොහොම වුණත් මේ කට්ටියගේ බ්ලූබෙරි චීස්කේක් කප් (රු.150) එක නම් මරු. හොඳට ක්‍රීමි ගතියට තිබුණා. බිස්කට් බේස් එක කප් එක පතුලේ විතරක් නෙවෙයි, මැදිනුත් දාලා. ඒ කියන්නේ තට්ටු දෙකේ බ්ලූබෙරි චීස්කේක් එකක්. උඩින් තියෙන බ්ලූබෙරි ජෑම් තට්ටුවත් එකතු කරගෙන කද්දී හරි ම රසයි. ජෑම් එකේ ඇඹුල් රසයි, චීස්කේක් එකේ කිරි රසයි ලස්සනට බැලන්ස් වෙනවා.

සර්විස් එක

මෙතැන තියෙන්නේ සෙල්ෆ් සර්විස්. කවුන්ටරෙන් බිල දාගෙන කෑම පිඟන් ටික අරගෙන එන්න තමයි තියෙන්නේ. ස්ටාෆ් එකේ ඉන්න අයත් හොඳට හිනා වෙලා කතාබහ කරනවා.

අවසාන වශයෙන්

ෆැබ්, පෙරේරා ඇන්ඩ් සන්ස් තරමට ගැම්මක් නැතත්, Divine කියන්නේ ඔය පොඩියට එන බඩගින්න නිවාගන්න කියාපු තැනක්. ගණන් හිලව් පැත්තෙන් ගත්තොත් නම් අනිත් තැනුත් එක්ක සළකලා බලනකොට ලොකු වෙනසක් නැහැ. ඒ ගණන් ම වගේ තමයි. හැබැයි සේවරි අයිටම් කෙසේ වෙතත් මෙතැන කේක් වර්ග ගැන නම් අපට ලොකු රෙකමදාරුවක් දෙන්න අමාරුයි.


TIP

Try the Blueberry Cheesecake cup.

Address

No 229, Castle Street, Borella

Contacts

Report Inaccuracy

Open until 07:00 PM

Price Range

Less than 200

Dish Types

Cakes Cupcakes Short Eats Iced Coffee

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
3

Have you visited this place?

Write your own review!
Leave a comment