3/5

Doggers

Marine Drive, Bambalapitiya


Doggers is a food cart down Marine Drive. Their specialty is hot dogs, and given that their hot dogs taste good and affordable, this venture is a win.


කොළඹ පැත්තේ ෆුඩ් ට්‍රක් සීන් එක දැන්දැන් හරි ම ස්ට්‍රෝන්ග් වෙන සීන් එකක් තියෙන්නේ. මැරීන් ඩ්‍රයිව් එකේ ම ෆුඩ් ට්‍රක් තුනක් තියෙන බවයි ආරංචිය. අන්න ඒ අතරින් එකක් ගැන කියන්නයි මේ ලෑස්තිය. මේකේ නම Doggers.

තැන සහ සර්විස් එක

Doggers ෆුඩ් ට්‍රක් එක සාමාන්‍යයෙන් පාර්ක් කරන්නේ OZO හොටෙල් එකේ ඉඳලා වැල්ලවත්ත පැත්තට එද්දී තියෙන පෙට්‍රල් ෂෙඩ් එක කිට්ටුව. මෙතැන හොට් ඩෝග් හදන අන්කල් නම් හරි ම ෆ්‍රෙන්ඩ්ලි. අනික පටපට ගාලා හොට් ඩෝග් ටික හදලා දෙනවා.

කෑම බීම

Doggers එකේ ප්‍රධාන වශයෙන් ම තියෙන්නේ හොට් ඩෝග්ස්. ඒ හැරුණාම සබ්මැරීන්, පස්තා සහ වෙනත් බෆලෝ වින්ග්ස් වගේ සයිඩ්ස් කීපයකුයි දැකගන්න පුළුවන්. බීමට තියෙන්නේ අයිස්ඩ් කොෆී.

අපි ඕඩර් කරපු BBQ හොට් ඩෝග් (රු. 250) එක ෂේප්. බාබෙකියු කිව්වට මේකට පාවිච්චි කරලා තිබුණේ නෝමල් විදියට බැදපු ජම්බෝ චිකන් සොසේජ් එකක්. ඒකට උඩින් බාබෙකියු සෝස් තොගයක් වත්කරලා. එහෙම නැතුව චිකන් සොසේජ් එක ඇත්තට ම බාබෙකියු කළා නම් තමයි මේකේ හරි රස එන්න තිබුණේ. කොහොම වුණත් හොඳට බැලන්ස් වුණු ස්වීට් ඇන්ඩ් සවර් ෆ්ලවෙර්ස් මේකෙන් ආවා. බන් එක නම් බොහොම ජෙනරික් එකක්. වැඩිය සොෆ්ට් ගතියක් එහෙම නැහැ. කොහොමත් ඉතින් මේ වගේ ස්ට්‍රීට් ෆුඩ් ට්‍රක් එකකින් හෙන සිරා බන් එකක් බලාපොරොත්තු වෙන්නත් අමරුයිනේ.

Hawaiian Hot Dog (රු. 250) කියන්නේ ගර්කින්, සහ අන්නාසි දාපු හොට් ඩෝග් එකක් කියලා තමයි මෙනු එකේ තිබුණේ. ඒත් පොඩි ගර්කින් කෑලි කීපයක් හැරුණාම, අන්නාසි කෑලි නම් මේකේ තිබුණේ නැහැ. ඒ වෙනුවට තිබුණේ අන්නාසි සෝස්. BBQ හොට් ඩෝග් එකට ටිකක් සමාන, ඒත් ඊට වැඩිය ඇඹුල් රසක් මේ හොට් ඩෝග් එකේ තිබුණා.

අපි ට්‍රයි කරපු හොට් ඩෝග් අතරින් සිරා ම එක තමයි Classic Hot Dog (රු. 300) එක. මොකද මේක එන්නේ මින්ස්ඩ් චිකන් (ඕනේ නම් මින්ස්ඩ් බීෆ් දාලා ගන්නත් පුළුවන්), පාමේසන් චීස් සහ හෝම්මේඩ් සෝස් සහ බාබෙකියු සෝස් එකතු කරලා. අනිත් දෙකට ම වඩා මේ හොට් ඩෝග් ස්පයිසි ගතිය වැඩියි. මොකද මේ හෝම්මේඩ් සෝස් එක ටිකක් කටට සැරට හදපු එකක්නේ.

බීමට ඕඩර් කරපු Iced Coffee (රු. 150) හොඳට තිබුණා. කිරි රසයි, කෝපියි හොඳ ගානට බැලන්ස් වෙලා. ඕනෙවට වඩා එන පැණි රසකුත් නැහැනේ.

අවසාන වශයෙන්

මැරීන් ඩ්‍රයිව් එක පැත්තේ කැරකෙන වෙලාවක බඩගින්නක් ආවොත්, අඩු ගාණට හොඳට බඩ පුරවගන්න පුළුවන් ඔප්ෂන් එකක් තමයි මේ Doggers එක. මෙතැන ඉතින් ෆැන්සි විදියට වාඩි වෙන්න තැනක් නෑ. ඒත් ඔය එහාපැත්තෙ මුහුද අයිනේ දාලා තියෙන ගලක් උඩ වාඩි වෙලා, මුහුදේ හුළං පාරත් එන්ජෝයි කරගෙන, හැන්දෑ අහස් තීරයත් රස විඳින ගමන්, මේ හොට් ඩෝග් කන්න පුළුවන් එක ම මදැයි.


TIP

Try the Classic Hot Dog!

Address

Marine Drive, Bambalapitiya

Directions

It's located in front of the CEYPETCO Fuel Station down Marine Drive, a few meters to Wellawatte side from OZO Colombo.

Contacts

Facebook

This place has closed down

Cuisine

Western American

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Pasta Iced Coffee

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
4
Service Rating
4


Latest