Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for dominos top banners 2
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

4/5

Domenico's

191, Thimbirigayaya Road, Colombo 05


Domenico's, headed by the former chef at Santoré was great addition to Colombo's pizza scene in 2014. Now they've expanded their menu with some much needed meats and it's that much better.



ඉස්සර පීසා බඩගින්නක් ආවම අපි මොකද කරන්නේ? කෙලින් ම දුවනවා ළඟ ම තියෙන පීසා හට් එකට. නැත්තන් ඩොමිනොස් එකට. ඒ වුණාට මෑතකදී ඉඳන් අපේ ඒ පුරුද්ද පොඩ්ඩක් මඟ ඇරිලා. මොකද තින් ක්‍රස්ට් එක තියෙන, දර පෝරණුවේ පුච්චපු පීසා කන්න පීසා හට්, ඩොමිනොස් ගිහින් බැහැනේ. ඒවා ඕනේ නම් යන්න වෙනම පීසා කඩ සෙට් එකක් තියෙනවා. මේ කියන්නෙත් අන්න එහෙම තැනක් ගැන. මේකේ නම ඩොමෙනිකෝස්.

තැන

ඩොමෙනිකෝස් එක තියෙන්නේ තිඹිරිගස්යායේ. හරියට ම කිව්වොත් ඔය Anim8 බිල්ඩිම පහු කරලා යද්දී ඒකට විරුද්ධ පැත්තේ. දහපහළොස් දෙනෙක්ට එක සැරේ කෑම ගන්න පුළුවන් විදියට ඉඩකඩ මෙතැන තියෙනවා. ලී පුටු මේස අහුරලා හරි ම පිළිවෙලට තියාගෙන ඉන්න බවකුත් පේන්න තිබුණා. මේ මේසවලට දාලා තිබුණු චෙක් ප්‍රින්ට් එක ඇති මේස රෙදි දැක්ක ම මට මතක් වුණේ ඇමෙරිකාවේ ටෙක්සාස් පැත්තේ තියෙන ඩයිනර් එකක්. මේකේ තියෙන ඉන්ටීරියර් එක සිම්පල් වුණාට, ඒක නියමයි.

කෑමබීම

පීසා, පැස්ටා, ලසඤ්ඤා, රිසොට්ටෝ වගේ ඉතාලි හුරුවේ කෑම ඩොමෙනිකෝස් එකේ තියෙනවා. ගොඩක් පීසා කඩවල්වල වගේ මෙතැනත් ලාජ් පීසා එක හාෆ් බයි හාෆ් දාලා ගන්න පුළුවන්. බීම විදියට නම් අමුත්තක් නැහැ; කෝක්, ස්ප්‍රයිට් වගේ ජාති තමයි තියෙන්නේ. ඔය අතරින් අපි තෝරගත්තේ “ශ්‍රිම්ප් පීසා” (රු.1800, බාගයක් රු.900) එකකුයි, “පීසා එන්වි - ඉන්විඩියා” (රු.1550, බාගයක් රු.775) එකකුයි.  තව චිකන් ලසඤ්ඤා (රු.790) එකකුත් ඕඩර් කළා.

විනාඩි 15ක් යන්න ඇති. මෙන්න පීසා දෙක ම අපේ මේසේ උඩ!

ෂහ්! කන කටක් කටක් ගානේ කූනිස්සෝ හැපෙන මේ ශ්‍රිම්ප් පීසා එක පංකාදු පහයි. නිකනුත් නෙවෙයි, මේවා ස්වීට් චිලි සෝස් එකක මැරිනේට් කරලනේ මේකට දාලා තිබුණේ. ඒ නිසා තවත් රසට දැනුනා. ඒ විතරක්යැ, ලෝබ නැතුව මොස්රෙල්ලා චීස්. චීසී ගතිය ඕනේ තරම්!

මේ පීසා එන්වි එක ඩොමෙනිකෝස් එකේ සිග්නේචර් පීසා එකක්. තේරෙන සිංහලෙන් කිව්වොත් මේ පීසා ජාතිය කන්න නම් ඩොමෙනිකෝස් එකට ම යන්න ඕනේ. මෙයාලගේ සිග්නේචර් පීසාවල තියෙන විශේෂත්වය තමයි ඒවාට පාවිච්චි කරන අඩුමකුඩුම ගොඩක් ඒවා ගේන්නේ ඉතාලියෙන් වීම. අඩුවක් නැතුව බේකන්, පාමේසන් චීස් එකතු කරපු මේ පීසා එකේ රස වගේ ම සුවඳත් මරු.

ඩොමෙනිකෝස් එකේ ලසඤ්ඤා එක අල්ලක් තරමට සයිස්. පීසා කාලා බඩ පුරවාගෙන උන්නු අපට මේක කාලා ඉවර කරන්න ලේසි වුණේ නැහැ. පැස්ටා චීස්වලට යට කරපු චිකන් තොගයක් මේකේ තිබුණා. චීස් ටිකක් වැඩිපුර තිබුණනම් තමයි තවත් හොඳ.

සර්විස් එක

ආයේ කතා දෙකක් නෑ, සුපිරි සේවාවක් අපට ඩොමෙනිකෝස් එකේදී ලැබුණා. කෑම බීම මේසෙට ආවේ පටපට ගාලා. හොඳට හිනාවෙලා කතා කරන සුහදශීලී සර්විස් එකක් ඩොමෙනිකෝස් එකේ තියෙන වග බයක් සැකක් නැතුව ම කියන්න ඇහැකි.

අවසාන වශයෙන්

ඉස්සර පුරුද්දට පීසා කන්න ආසාවට පීසා හට් එකටයි, ඩොමිනොස් එකටයි දුවන එක පොඩ්ඩක් නවත්තලා, වෙලාවක ඩොමෙනිකෝස් එකටත් ගිහින් එන්නකෝ. රසට දර පෝරණු පීසා කන්න මේකත් නියම තැනක්. තව මේ වගේ පීසා කඩ ගැන දැනගන්න ඕනේ නම්, අපේ බුද්ධික මහත්තයාගේ මේ ලිස්ට් එක කියවලා බලන්නකෝ.


TIP

Try Nonna's Tiramisu.

Address

191, Thimbirigayaya Road, Colombo 05

Directions

Coming down Thimbirigasyaya Rd, past the Fife Rd turn off, Domenico's is opposite wow.lk office (formerly anything.lk)

Contacts

Facebook Website

Report Inaccuracy

This place has closed down

Cuisine

Italian

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Pizza

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3

Similar Places

User Reviews
Avatar for J
2

5/5

0

J YAMU STAFF

Went there last night for dinner. The pizza was delivered in less than 10 minutes and was simply divine. Service is excellent as well. Will definitely be visiting again!

P
2

5/5

0

pebbles001

We had Domenicos delivered. 4 different types of toppings - delivered within one hour.

The pizza was scrumptious and fresh! Loved It !

Avatar for J
2

5/5

0

J YAMU STAFF

Went there last night for dinner. The pizza was delivered in less than 10 minutes and was simply divine. Service is excellent as well. Will definitely be visiting again!

P
2

5/5

0

pebbles001

We had Domenicos delivered. 4 different types of toppings - delivered within one hour.

The pizza was scrumptious and fresh! Loved It !

L
1

1/5

0

ldkrp

The Quattro Formaggi topping was not as bad the doughy base. Had to chew it as if it was an over cooked chicken breast. The crust was one of the worst I've ever had in any pizza. Definitely not gonna try it again, I think I'll just stick with Giovanni's. Very disappointing.

See 14 Comments