Artwork for Playtrix Top Banner New
Artwork for Sheraton Top banner # 2
Artwork for Movenpick Coffee promo sidebar banner 1 test Artwork for TSING TAO sidebar banner 2 - temp

2/5

Don & Sons

302/D, Old Kandy road, Dalugama Kelaniya


Good place to buy some good short eats but mains are?



උදේ පාන්දරනෙ ඉතින්. ඊටත් කොළඹින් චුට්ටක් එහාට මෙහාට වෙන්නත් එක්කනෙ. කඩ අරින්න තියා හිතලවත් නෑ යාළු! කොටින්ම කියතොත්, බේකරිත් ඔන්න යාන්තම්, යකඩ දොර තල්ලුකරනව විතරයි. වැඩේ කියන්නෙ, එහෙමයි කියල අපිට නොකා ඉන්න පුළුවනයැ. එකෙක්ට ගෑස්. අනෙකා පාන්දර ඉඳන් ඇහැරගෙන...

“කරන්න දෙයක් නෑ බං. ඔන්න ඔය පෙට්ටි කඩයක් හරි අල්ලල නවත්තාංකො” බැරිම තැන මම වචනෙ දැම්ම.

ඒත් කොහෙද, එහෙම කියලත් යනව යනවා... කඩවතට කිට්ටු කරනකමුත්, ම්...හ! නෑ කියන්නකො කිසිම.

කොහොම හරි කඩවත ටවුණ් එකෙන් නම් යාන්තම් තැනක් දෙකක් ලයින් වේගෙන එන පාටක් තිබ්බෙ.

“ඒ... ඒ... ඒ... නවත්තාං නවත්තාං. අන්න අර මොකක්ද, ඩොන් ඇන්ඩ් සන්ස් එකක් තියෙනව. ඔලුව දාලා බලමුද?”

“බලන්න? බලන්න නෙවෙයි කෙළින්ම කමු”

වීල් එක නවත්තපු සනික යාළුවො දෙන්න එක පිම්මට කියන්නකො... මම බඩුමුට්ටු ටික ගලපල අඩිය දෙක තියද්දි එයාලා ඕඩරේ දාලත් එක්ක. කිරිමාළු රයිස් ඇන්ඩ් කරි එකයි (රු. 100), කඩල එකයි (රු. 100), ජම්බො හොට්ඩොග් (රු. 150), කට්ලට් (රු. 60), රෝල්ස් (රු. 70)...

ඇත්තටම මට තිබ්බෙ කෙළින්ම ගිහින් මේසෙට වාඩි වෙන්න විතරයි. හැබැයි එක අතකට ඒකත් හොඳයි. ලේසියිනෙ.

ම්... වාඩි වුණාට පස්සෙ නම් තුන් දෙනා ම සනි සනික වටවුණේ බත් එකට. කිරි මාළුත් දාගෙන...

“චැහ්... මොන මළජරාවක්ද බං මේ. කිරි මාළු කිව්වට... හොද්දෙ තනිකරම වතුරනෙ. හපෝ... අර පිටිකළ පොල්කිරි ද කොහෙදත් දාලා. අමුමිරිස්, ලූනු මදි පාඩුවක්වත් නෑ බං, ෂික්! මං කියන්නෙ ගම්මිරිස් අඩුමකුඩුම චුට්ටක්වත්...

චොර ඈ එකෙන් ම”

“ඒකත් අවුලක් නෑ එළවළු ටික හරි රස වුණානම්. බලාංකො මේ හාල් මැස්සො එක? මට හිතාගන්න බැරි සාමාන්‍යයෙන් හාල්මැස්සොවල තියෙන ලුණු රහත් නැති වෙන්න මුං මේකෙ කොහොම හැදුවද කියල”

“උබ මගුලක් කියනව. පරිප්පුව ගැන එහෙම කතා නොකර ඉමුකො ඈ... හැබැයි පොල්සම්බෝලෙ නම් ටිකක් හොඳයි වගේ බං. මං කියන්නෙ මේ අනිත් ඒවත් එක්ක බලද්දි. ලුණු ඇඹුල් එක්ක පොල් ටික හරි තියෙනවනෙ. ආ නැද්ද...?”

“කුණුහරුප නාහ ගනිං ඔන්න ඔය කඩල එක”

කියල ගත්තට මොකද යාළු... කෑගැස්සුණා කියන්නකො පළවෙනි කටටම ඒකෙ කාපු. 

ගාණට ඔන්න මෙන්න තියෙන්න තැම්බිලා තියෙන්නෙ. අබ නම් දාලා තියෙනව මේස හැන්දෙන්ද කොහෙද. කරපිංච ලූණු ටිකකුත් නොතිබ්බම නෙවෙයි. ම්... පොල් කෑලිත් තිබ්බා... හැබැයි එච්චරයි. බැදපු රතු මිරිස් කෑලි 6-7න් තමයි රස පදමෙ අඩුපාඩු ඔක්කොම බැලන්ස් කරගත්තෙ. ඔව් යාළු, ඒකත් කන්න පුළුවන් තත්ත්වෙක ම තිබ්බ නෙවේ ඈ.

ඒත් ඉතින් හොඳ දේට හොඳයි කියන්න ඕනනෙ. සත්තයි, ඒ කට්ලට් එකයි, රෝල්ස් එකයි නම් පංකාදු පහයි. හොඳ හැටි මාළු, අල, ලූනු, මිරිස්, ගම්මිරිස් අඩුමකුඩුම ටික දාලා හීනියට අඹරල තමයි දවටල බැදල තිබ්බෙ.

ඒ හැරුණාම ජම්බො සොසේජ් එකත් හොඳයි ඈ... ළාවට හරි සොසේජ් එක පෑන් ෆ්‍රයි කරල වගේ දාලා තිබ්බ නම්... බලන්න තිබ්බ? 

ඒත් කොහෙද ඉතින් අර ඕනම දේවල් ටික හරි හැටි නැතුව,

මොකටද කියලත් හිතෙනව අප්ප එක වෙලාවකට...

හ්ම්...!

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment