Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for dominos top banners 2
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

4/5

Doner & Durum

28 Ven. Muruththettuwe Ananda Himi Mawatha, Colombo 05


Doner & Durum is a new shawarma joint in Thimbirigasyaya.



හදිස්සි අවශ්‍යතාවකට ගියා මිසක් නැත්නම් මේ දවස්වල කොළඹ පැත්තෙ යනව කියන්නේ.. මරණය අතේ වගේනෙ යාළු!

අර මාස්ක්, ග්ලවුස් ඔක්කොම දාගෙන ගියපු නිසා බයක් නෑ.

කොහොමහරි ඉතින් රවුම ගහල ඉවර වෙද්දි යාළුවටයි මටයි තිබහා, බඩගින්න ඉවස ගන්නම බැරි ගානයි. ඊටත් අතේ තිබ්බෙත් පොඩි බජට් එකක්. ඒ නිසාමයි අපි යමු සයිට් එකෙත් හොයලා බලලම ගියේ..

තිඹිරිගස්යායෙ ‘ඩෝනර්’ එකට.

අනෝරා වැස්සෙ දඩි බිඩියට පික්මියෙන් බැහැලා ඇතුලට දිව්වට, එයාලා එහෙම එකපාර ඇතුලට ගන්නෙ නෑ මේ දවස්වල. අත් දෙක හෝදන්න පහසුකම් සලසලා, හැන්ඩ් සැනිටයිසර් දීලා, පොතේ නම ලියලා.. 

හැබැයි ඉතින් රෙස්ටුරන්ට් එකේ වැඩි සෙනඟ නැති නිසා හරිම නිදහස්. සේවක මිත්‍රයොත් ඔක්කොම මාස්ක් ග්ලවුස් දාලා. මෙනුව තෝරන්න උදව් කරන්නෙත් මීටරේ දුර තියාගෙන. ඊටත්, ඒ ඔක්කොමත් අමාරුවෙන් අමාරුවෙන් හරි කරන ගමන් හැකි උපරිමයෙන් සුහදශීලිව සේවාවත් දෙනවනෙ. ඉතින් අපිට වුනත් ඔ්ඩරේ දාපු වෙලාවෙ ඉඳන් ඉවසිල්ලක් තිබ්බෙ නෑ කෑම ටික මේසෙට එනකම්.

ම්.. කොහොම කොහොමින් හරි මුලින්ම මේසෙට ආවෙ ඩයිනො මයිලෝ එකයි (රු. 350), පැෂන් මොජිටෝ එකයි (රු. 400). ඒ ආවා ආවමයි.. දෙන්න පටන් ගත්ත පටන් ගැන්මට බීම දෙකෙන් බාගෙකට එහා පැත්තෙ හිස්!

ඇයි අප්පේ.. තිබ්බ තිබහත් එක්ක.. මයිලෝ රසින් අනූන, කිරි රසත් පැණි රසත් නූලටම තියෙන චොක්ලට් ෂේක් එක. කූල් එකත් නිකම් උගුරට හොරා යන ගානට වගේ නිසා..

යාළුවගෙ මොජිටෝ එකෙත් එමම! මම උගුරක් බීලා බැලුවා.. ෂැහ්! පංකාදුයි ඈ.. ලෝභ නැතුව පැෂන්, ලයිම් දාලා, අයිසුත් පදමටම.. ඒක නම් බොන්න පුලුවන් තිබහා වෙලාවක එක උගුරට, අඩියටම..

ම්.. කොහොමහරි ඔය අතරට අපේ කෑම ටිකත් මේසෙට ආවා. යාළුවා නම් පටන් ගත්තෙ ස්නැක් පැක් (රු. 1250) එකෙන්. මොකද ඒකෙ කෙබාබ් කරපු චිකන්, ලැම්බ්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, මොසරැල්ලා, සෝස් ඔක්කොම තියෙනවනෙ. මම බැස්සා පුල්ඩ් ලැම්බ් රයිස් එකට (රු. 900).

ඇත්තටම කරි රහට හදපු පුල්ඩ් ලැම්බ්.. නොම්මර එකයි. හොඳහැටි මැදපෙරදිග රස එන්න ස්පයිසස් ටිකකුත් දාලා, මස් වලට අල්ලන්න පදම් වෙන්න තියලද මන්දා තම්බල අරගෙන තියෙන්නෙ. කොහොමහරි ස්ටොක් එකෙන් තම්බපු බාස්මතී හාලෙ බතත් එක්ක.. තකට තක. ඒ විතරක් නෙවෙයි ඒකට ආපු සලාදයයි, මොකක්දෝ ස්පයිස් රසක් එක්ක ආපු ඝන සෝස් එකයි එකතු වුනාම.. බත් එක බලන් ඉඳිද්දි වාශ්පයි.

ම්.. යාළුවගෙ ස්නැක් පැක් එකත් ටොපේ ටොප්! හැබැයි ඒකෙ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික වෙනමම ආවා නම් තමයි මරු. මොකද අර කෙබාබ් කරපු ලැම්බ්, චිකන් කවලමත් එක්ක මොසරැල්ලා මෙලෙක් වෙන්න දාද්දි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්වල ක්‍රිස්පි ගතිය ටිකක් අඩුවෙලා. හැබැයි සෝස් එක්ක ගැලපුනාට පස්සෙ නම් එහෙම අවුලකුත් නෑ ඔ්ං..

වැඩේ වුනේ අන්තිමට අතට ගත්තු මෙක්සිකන් චිකන් කෙබාබ් ඩුරුම් එක (රු. 590).. ආයෙ, අර බඩගින්නෙ හිටිය නිසා කෑවා මිසක් නැත්නම් ඒ රැප් එකේ සයිස් එකයි, මැද්දෙ තිබ්බ චිකන් ටිකයි, එළවළුයි.. හෙන තොගයක් ආ.. ඊටත් චිකන් එක එහෙම හොඳහැටි චාකෝල් රස එන්න දුමේ පිච්චිලා. ම්.. ගම්මිරිස්, මයො, ලූණු, සලාදකොළ, ගර්කින් රසත් එක්ක..

නොම්මර එකයි. හැබැයී.. මට හිතෙන්නෙ නම් තව ටිකක් අර මස්ටඩ් සෝස් අඩුම කුඩුමට ටික එහෙම ආවත් කමක් නෑ, මෙක්සිකන් රස ඉස්මතු වෙන්න!

කාරි නෑ ඉතින්. ඔය පොඩි පොඩි දේවල් වගේද කාපූ කෑමක්..

හප්පා.. මේ කොරෝනා මගුල ඉවර වුනාම ආයෙ යන්න ඔ්න අතපය දිගඇරලා කාලා එන්න.. හ්ම්..!


Similar Places

Have you visited this place?

Write your own review!
See 2 Comments