Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

3/5

Don's Deli

53, Haig Road (Marine Drive), Colombo 3


Don's Deli is a little bakery on Marine Drive that doubles as a favourite spot for lamprais, and they also serve seafood at Fat Crab upstairs.



මුල් ඩොන්ස් ආයතනය ඉතා ප්‍රසිද්ධ එකක්. මැරීන් ඩ්‍රයිව්හි අලුතින් පිහිටුවන ලද ඩොන්ස් ඩිලිඑක තවම නැගිටිමින් ඉන්නවා. ඩොන්ස් ඩිලි පිහිටා තිබෙන්නේ අනගි තැනක. එහි ඔබ කැමති කකුළුවන්, පැස්ටා වැනි දේ කලින් ඇණවුම්කර ලබාගන්න පුළුවන්. ඒ මොහොතේ මිළට ගන්න තිබෙන දේ දැනටනම් අඩුයි.

ඩොන්ස් ඩිලි අලුතින් පටන්ගත් තැනක්. එය ඔවුන්ගේ ඉදිරිපත්කිරීම් ගැන ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ බිත්තියේත් දුරකථන අංකයක් සමග ඒ බව දන්වා දැන්වීමක් අලවා තිබෙනවා. මේ තැනයි, ඔවුන් ඉදිරිපත් කරන්නට අදහස් කරන‍ ‍දේවලුයි ගැන සිතුවාම මෙතැන ඉතා හොඳ තැනක් වෙයි කියා බලාපොරොත්තු තබන්න පුළුවන්.

නියම අව්‍යාජ ඒවා නොවුණාට ලම්ප්රයිස් හොඳයි. අපේ ලම්ප්රයිස් රසවිඳුමෙන් ඔබට ඒවා ගැන කියවන්න පුළුවන්. ලන්දේසි බර්ගර් සංගමයේ ලම්ප්රයිස්එකට ගහන්න බැරිවුණාට ඩොන්ගේ ලම්ප්රයිස් හොඳයි. අපි ලම්ප්රයිස් ගැන සඳහන් කළේ අප ගිය වෙලාවේ එසැණින් දිවාආහාරයට තිබුණේ එපමණක් නිසා. අපි ආවේ මඳක් පමාවෙලායි.

ඔවුන් සතුව කෙටිකෑම තිබෙනවා. ඒවා හොඳයි, හැබැයි පොඩ්ඩක් බටර් වැඩියි. අපි කාලා බැලුවා චිකන් හා බිම්මල් පයි එකක්. (රු. 90) ඒත්, එය රතරම්ම රසවත් වුණේ නැහැ.

පැරණි ඩොන් ස්ටැන්ලීස් එහි චීස්කේක් නිසා ප්‍රසිද්ධවී තිබුණා.  ඔවුන් එය මෙහි නැවත සජීවී කර තිබෙනවා. එය ස්ට්‍රෝබෙරි හෝ පැෂන් ෆෲට් උඩින් තවරා දෙන ලොකු ෆිලඩෙල්ෆියා චීස්කේක් කුට්ටියක්. අප එය අරගෙන යද්දී එය උඩු යටිකුරු වෙලා අපට එහි උඩ තැවරුම නැතිව ගියා. අවංකවම ඒ චීස්කේක් හොඳයි.  ඒත්, විශේෂම ගුණයක් නැහැ. මිළ වැඩියි. රු. 550යි.

මෙය ඩොන්ස් ඩිලි ගැන පූර්විකාවක් ලෙස සලකන්න. එය සතුව හොඳ පිහිටීමක්, ඉතිහාසයක් හා ඇත්තෙන්ම හොඳ දෙයක් විය හැකි යයි බලාපොරොත්තුවක් තිබෙනවා. ඔබට කළහැකි හොඳ දෙයක් තමයි, ඔවුන් වෙත ගොස් කාලා බලලා ඔවුන්ට ප්‍රතිචාරයක් ලබාදෙන එක. අංකය බිත්තියේ තිබෙනවා.

TIP

It's on Marine Drive, three streets south of Majestic City.

Address

53, Haig Road (Marine Drive), Colombo 3

Directions

Haig Road off Galle Road is a skip away from Majestic City - head down the road to Marine Drive and you'll find the deli on your left.

Contacts

Report Inaccuracy

Open 8.00 AM to 8.00 PM

Price Range

Between Rs. 200 - Rs. 500

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3
Similar Places

Have you visited this place?

Write your own review!
See 10 Comments