Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

3/5

Don's Deli

53, Haig Road (Marine Drive), Colombo 3


Don's Deli is a little bakery on Marine Drive that doubles as a favourite spot for lamprais, and they also serve seafood at Fat Crab upstairs.



අද උදේ ගෙදරින් එළියට බැස්සෙම දවල්ට එළියෙන් කනව කියල හිතාගෙන. මොකද හුඟ දවසකින් බම්බ පැත්තෙ රවුමක් දාලා හොඳ කඩයක් අල්ලලා කෑම ටිකක් කන්නත් බැරි වුනානෙ. YAMU කාර්යාලයට ආපු ගමන්ම මම කලේ අපේ කට්ටිය කලින් රිවිව් කරපු තැන් ටිකක් බලපු එක. මේ දවස්වල අව්ව සැර නිසා වැඩිය එහේ මෙහේ ඇවිදින්න බෑ. ළඟ තැනක් එකක් හොයා ගන්න ඕන. ඔහොම රිවිව් ලිස්ට් එක බලාගෙන යනකොට මට හමුවුනා බම්බලපිටියෙ හේග් පාරෙ මුහුද පැත්තෙ තියෙන Noodle Monkey කියල තැනක්. අපේ කෑම ගැන විශේෂඥ භාග්‍යත් කිව්වෙ ඒ කඩේ නම් ටිකක් හොඳයි කියලා තමයි.

කල් තියාම යාළුවෙක්වත් අඬ ගහ ගත්ත මම Noodle Monkey එකට යනකොට දවල් 2ට විතර ඇති. මළ කෙලියයි. Noodle Monkey එක අළුත්වැඩියාවකට වහලා. යාළුවගෙන් බැනුම් කෝටියයි. ඇඩ්‍රස් නැතුව ඉඳපු මගේ නම්බුව බේරුවේ Noodle Monkey එකටම අල්ලලා මෙහා පැත්තට වෙන්න තිබුන Don’s Deli එක. ''මේ දෙකම එකයි බන්'' යාළුවව ෂේප් කර ගත්තු මම හෙමිහිට Don’s deli එක ඇතුලට ගියා.

වාතාවරණය

කඩේ ඇතුලෙ තියෙන්නෙ පොඩි ඉඩක් වුනාට හරි අපූරුවට ඒක කළමනාකරණය කරල තියෙනවනෙ. හතර දෙනෙක්ට වාඩි වෙන්න පුළුවන් ලී මේස දෙකක් දාලා වායු සමනය කරලා හදල තියෙන භෝජනාගාරෙ, මුල්ලකට වෙන්න ලස්සන මල් පෝච්චි වලින් හදපු නිර්මාණෙ නම් ඕනම කෙනෙක්ගෙ හිත ඇදගන්නවා, ෂුවර්. අනිත් මුල්ලෙ තියෙන්නෙ පොඩි ෆ්‍රිජ් එකකුයි අවන් එකකුයි කැෂියර් එකයි. කැෂියර් එකට ඉස්සරහින් තියෙනවා ලොකු ෂෝ කේස් එකක්. රෝල්ස්, පැටිස්, කට්ලට්, පේස්ට්‍රි, සැන්ඩ්විච්, සොසේජ් බන් එතකොට.. ඉක්ලෙයාර්, බ්‍රවුනි, කේක්, කුකීස්. ඒත් මෙතන බත් නැති වුනොත් නම් මම ඉඳල හමාරයි. කෝකටත් කලින් ඒක අහල ඉන්න එපැයි.

ආහාර සහ සේවාව

''ආන්ටි, ලන්ච් තියෙනවද ?''

''රයිස් ඇන්ඩ් කරි නම් නෑ. ලම්ප්රයිස් තමයි තියෙන්නෙ''

යාළුවා අත හෝදන් එන අතරෙ මම, දවල් කෑමට ලම්ප්රයිස් එකක් ඇණවුම් කරා.

මම මේසෙකින් වාඩි වෙන ගමන් යාළුවටත් කැමති දෙයක් ගන්න කිව්වා. දවල්ට බත් කාලා ආපු නිසාද කොහෙද යාළුව නම් අර ගත්තෙ වෙජි පෆ් එකකුයි (රු. 70) චිකන් පෆ් එකකුයි (රු. 80) අයිස් කෝපි එකකුයි (රු. 150) විතරයි.

කෙහෙල් කොලේ ඔතල තිබුන ලම්ප්රයිස් එක හෙමිහිට දිග ඇර ගත්ත මම ඉස්සෙල්ලම බැලුවෙ ඒකෙ සුවඳ. ම්ම්... සුවඳ නම් මරු. ලම්ප්රයිස් වලට ආවේණික කුළු බඩු සුවඳ හොඳටම එනවා. හැන්ද අතට අරන් මම හෙමිහිට කටක් කාලා බැලුවා. ටොප්. ආයෙ උපරිමයි. ලම්ප්රයිස් තියෙන්නෙ ඔතලා නිසා අඩංගු දෑ සැඟවිලානෙ. ඉතින් මම ගෑරුප්පුව අරන් සැඟවුන දෑ සියල්ල එලියට ගත්තා. තම්බලා බැදපු බිත්තරයක්, ගෑරුප්පුව ගෑවුන ගමන් ගැලවෙන තරමට පදමට උයපු ලොකු කුකුල් මස් කෑල්ලක්, බටු මෝජු, පොඩියට කපපු අළු කෙහෙල් කෑලි බැදුමක්. ඒ විතරක්ද කට්ලට් එකකුත් තියෙනවා.

මම නම් වැඩියෙන්ම ආස වුනේ කුකුල් මස් කෑල්ලට. පුංචි සැර ගතියක් එක්ක නියම කුළු බඩු රසක් එන විදියට හදලා තිබුන කුකුල් මස් කෑල්ල විතරක්ම ඇති බත් එක කන්න. අළු කෙහෙලුත් ලුණුයි කහයි දාලා පදම් කරලා තමයි බැදල තිබුනෙ. ඒ නිසා හරිම රසයි. බටු මෝජුවෙත් ආවේණික පැණි රසයි බැදුණු රසයි නියම පදමට. ගෙදර හැදුව වගේ රසයි. කට්ලට් එක කන්න ගිහින්  තමයි මම වැඩ වරද්ද ගත්තෙ. ඇත්තටම කට්ලට් එකේ පිරවුමේ ගම්මිරිස් සැරයි අල, ලීක්ස් රසයි නියම පදමට. දැවටුමෙත් ඝන කම අඩු නිසා කට්ලට් එක රසම රසයි. ඉතින් පල වෙනි කට්ලට් කෑල්ල කාපු ගමන් මට කියවුනා ''පට්ට බන්'' කියලා. ඒක ඇහුනා විතරයි යාළුවා පැනපු ගමන් පිඟානට අත දාලා කට්ලට් එක අරන් කටේ දාගත්තා.

මොනව කරන්නද ඉතින්. මමනෙ යාළුවට එන්න කිව්වෙ. හැබැයි ඒකට හරියන්න මම යාළුවගෙ අයිස් කෝපි එකේ ඉතුරු වෙලා තිබ්බ භාගෙට වැඩේ දුන්නා. නියම අයිස් කෝපි එක. සීතලත් ගාණට. කට ඇරලා කියන්න පුළුවන් ගාණට කෝපි රස. කෝපි රස මැද්දෙන් ආපු කිරි රස මගේ දිවට ගෙනාවෙ අමුතුම නැවුම් ගතියක්.

ලම්ප්රයිස් එක කාලා ඉවර කරපු මම අතුරුපසට කන්න චොකලට් ඉක්ලෙයාර් එකකුයි (රු. 90) යාළුවට ඕන කියපු බ්‍රවුනි එකයි (රු. 150) ඇණවුම් කලා. ඉක්ලෙයාර් එකේ මැද්ද, ටිකක් දියාරු චොක්ලට් වලින් පුරවලා. උඩින් ඝන චොක්ලට් තට්ටුවකුත් දාලා. මැද්දෙ බනිස් එකේ රස දැනෙන්නෙ නැති තරමට චොක්ලට් රස. හැබැයි ඉක්ලෙයාර් එකේ රස පරාදයි කියලා මට තේරුනේ බ්‍රවුනි කෑල්ලක් කෑවාම. තදම තද දුඹුරු පාට, චොකට් රස වෑහෙන බ්‍රවුනි කෑල්ලෙ උඩටත් තද චොක්ලට් අයිසින් පාරක් දාලා කියලා වැඩක් නෑ.

අතුරුපස කන අතරෙ තමයි යාළුවා කිව්වෙ චිකන් පෆ් එකෙයි වෙජි පෆ් එකෙයි රසවල් ගැන. දෙකේම පෆ් ගතිය ඒ කියන්නෙ අර පේස්ට්‍රි ගතිය නම් උපරිමෙන්ම තිබුනලු. ඒ වුනාට එළවළු පෆ් එකේ තරම් චිකන් පෆ් එකේ පිරවුම හරි නෑලු. මොකද එළවළු පෆ් එකට ග්‍රීන් පීස්, කැරට් එහෙමත් දාලා චීසුත් දාලා තමයි හදලා තිබිලා තියෙන්නෙ. චිකන් එකට චීස් දාලා තිබිලා නෑ. චිකන් එකේ චීස් නැති වුනාට චිකන් නම් හොඳට තිබුනලු.

අනුමිතිය

වැරදිලා ගොඩවුනත් Don’s Deli එකේ කෑම වල රස නම් මගේ හිතට නියමෙට ඇල්ලුවා. ආයෙ දවසක අනිවා යන්න ඕන ලම්ප්රයිස් එකක් කාලා අයිස් කෝපි එකක් බීලා ටිකක් ඉඳලා චොකලට් බේරෙන බ්‍රවුනි එකක් කන්න.


TIP

It's on Marine Drive, three streets south of Majestic City.

Address

53, Haig Road (Marine Drive), Colombo 3

Directions

Haig Road off Galle Road is a skip away from Majestic City - head down the road to Marine Drive and you'll find the deli on your left.

Contacts

Report Inaccuracy

Open 8.00 AM to 8.00 PM

Price Range

Between Rs. 200 - Rs. 500

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3
Similar Places

Have you visited this place?

Write your own review!
See 10 Comments