448, Nalluruwa, Panadura
Closed right now
Dragon Chinese (not to be confused with Chinese Dragon) at Panadura does an exceptional job at making some terrible Sri Lankanised Chinese food.
කාලෙකට පස්සෙ පානදුර පැත්තෙ රවුමක් ගහන්න සෙට්වුණ යාළුවටයි මටයි දවල් 1 පනිද්දිත් කෑම ටිකක් හරියට කන්න තැනක් ලයින් කරගන්න බැරිවුණා. වෙන දෙයක් නිසා නෙවෙයි, පානදුර පැත්තෙ හරිහමන් කෑම කඩ තියෙන්නෙ ගොඩක් පොඩි ගාණක් නිසා. ඊටත්, ඒ ගොඩක් තැන්වලින් අපි කාලා තිබ්බත් එක්කනෙ. ඉතින් දෙන්නම බැලුවෙ අලුත් ප්ලේස් එකක් අල්ලලන්න.
“මොකෝ බං කරන්නෙ” යාළුව මගෙන් අහනව
“ඒක තමයි මාත් බැලුවෙ. ගූගල් එකේවත් ගහල බලමුද?”
“ඔව් ඉතිං එහෙමවත් කරමු”
පස්සෙ අපි ගූගල් එකේ ගහල බැලුවා.
වැඩේ කියන්නෙ ඒ එන්නෙත් අපි කාපු ටිකමයි කියන්නකො. ඔන්න අන්තිම වෙනකම්ම යද්දි යාන්තම් එක කඩයක් සෙට් වුණා.
“මේ තියෙන්නෙ බං. ඩ්රැගන්ද මොකක්ද කියල එකක්. හැබැයි ටිකක් එහා නල්ලුරුවට යන්නෝන. මොකෝ කරන්නෙ?”
“වෙලාවෙ හැටියට කොහෙත් එකයි බං. ඔන්න ඔහෙ වීල් එකකට නැගල යං”
සනිකව පික්මියක් දාගත්ත අපි හැකි ඉක්මනින් අදාළ ස්ථානයට ඇද්දා. මොකද දවල් 2ත් පහුවෙලා නිසා කඩේ වැහුවොත් එහෙම.
ඒත් එතනට ගියාට පස්සෙ තමයි මීටර් වුණේ එහෙම සීන් එකක් වෙන්නෙ නෑ කියල. මොකද ඒක ෆැමිලි රෙස්ටුරන්ට් ඇන්ඩ් බාර් එකක්. ඉතින් අපි දෙන්නත් බය නැතුව ගිහින් හරිබරි ගැහිලා වාඩිවුණා. වාඩිවෙලා එක තප්පරයක් යන්න නැතුව ඇති, මෙන්න බොලේ ලස්සන හිනාවක් දාගෙන සේවක මිත්‍රයෙක් අපේ මේසෙ ළඟ. ඒ මදිවට මෙනු දෙක්ක ම දුන්න, දෙන්නට හිතේ හැටියට කෑම තෝරන්න කියල. ඒ දීලා නිකම් හිටියෙත් නෑ, කෑම තෝරනකම් හැඳි ගෑරුප්පු, පිඟන් කෝප්ප තියල මේසෙත් හදල දුන්න. අවංකයෙන්ම සුපිරි සර්විස් එක ඈ…
ඔක්කොම ටික ඇරේන්ජ් කරල සේවක මිත්‍රය අපේ ළඟටම වෙලා හිටියෙ ඕඩරේ අරගෙනම යන්න වෙන්න ඕන. ඉතින් අපිත්, එතකන් හිතේ තියාගෙන ඉඳපු කෑම ටික ඕඩර් කළා.
“ස්පෙෂල් රයිස් එකයි (රු. 800)… චිකන් ස්ටු එකයි(රු. 650)… පෝර්ක් ෆ්‍රයි එකක් (රු. 650)!”
“හරි සර්. එතකොට බොන්න?”
“බොන්න… ලයිම් එකයි (රු. 120) මැන්ගො එකයි (රු. 120) වගේ”
“ඕකේ සර්”
සුපිරි සුහද සේවාවකින් අනතරුව අපි සෙට් වුණේ සුපුරුදු කතා බහකට. හැබැයි ඉතින් ඒ කතාබහේ වැඩි වෙලාවක් නම් ඉන්න වුණේ නෑ. මොකද ඕඩරේ දාලා විනාඩි 10ක් යන්න කලින් ජූස් දෙකම මේසෙ උඩ.
කියල වැඩක් නෑ යාළු, අඹ ජූස් එක නම් පංකාදු පහයි. මොකද ඒක ගොඩක් බ්ලෙන්ඩ් කරල නෑ. කොටින්ම කියතොත් අඹ කෑලි හැපෙන තරම්. විශේෂයෙන්ම, ඒකට සීනි දාලා නැති නිසා රසයෙනුත් උපරිම නැචුරල්.
ඒවගේම තමයි දෙහි එක. ලෙලි කෑල්ලකුත් දාලද කොහෙද බ්ලෙන්ඩ් කරල තියෙන්නෙ. ලා තිත්ත ගතියක් එහෙම එකතු වෙලා… පැණි රසත් ගාණට තියෙන්න. ඒ විතරක් නෙවෙයි, ඒකට ගම්මිරිස් චුට්ටකුත් දාලනෙ. ඉතින් සුපිරි කටගැස්මක රහක් තමයි එන්නෙ.
අනේ අවාසනාවන් කියන්නෙ, ඩ්‍රැගන් ස්පෙෂල් රයිස් එක. කටේ තියන්න බෑ අප්ප. කොටින්ම අජිනොමොටෝ රසවත් නෑ. ජාති නම් ගොඩක් දාලා තිබුන, හැබැයි එකකවත් රසක් එන්නෙ නෑ. ඉස්සො, දැල්ලො, චිකන්, සොසේජස්, තඩි ඔම්ලට් 2ක්…
ඒත් හරි හමන් රසක් නෑ කියන්නෙ. අනික ඒ බත් එකත් ටිකක් බෙරි වෙලා වගේ. සාමාන්‍යයෙන් රයිස් එකක තියෙන ඇට වෙන් වෙච්ච ගතිය එහෙම පැත්ත පළාතක නෑ.
ඊටත් එහා පෝර්ක් ෆ්‍රයි එක. අමුම අමු රහයි. ඒක කෑව නම් බඩට සොරි වෙනව ෂුවර්. හැරත් ඒ පෝර් තෙල් කෑලි ටිකේ හම එහෙම දැක්කාම බඩ යන ගානයි. බොරුවට උඩින් ලූණු කෑලි ටිකක්, කෑලි මිරිස් ටිකක් දාලා තිබ්බට සත පහක වැඩක් නෑ… මං හිතන්නෙ මෙයාලා බයිට් හදන්නෙ බොන කට්ටියටද කොහෙද. මොකද සිහියක් පතක් ඇතුව නම් ඒව කන්න බෑ.
ළාවට හරි බත් ටික කන්න ඉතුරු වෙලා තිබ්බෙ චිකන් ස්ටු එක විතරයි. හැබැයි ඒකෙත් ඒ හැටි රහක් නෑ. හොදි ගතියත් හොඳටෝම මදි. අනික ස්ටු එකක තියෙන ගම්මිරිස්, තුනපහ කලවමේ පදමත් ඇත්තෙම නැති ගාණයි. හරියට උකු කිරි හොද්දකට චිකන් දාලා තම්බල වගේ. වැඩේ කියන්නෙ ස්ටුවෙ ලුණු ඇඹුල් රසක්වත් හරියට නෑනෙ.
අනේ මන්ද ඉතින්! එක්කො කරන්න බැරි කඩ නොකර ඉන්න ඕන.
වැඩේ කියන්නෙ අපිට මීටර් වුණේ නෑනෙ, අපි යනකොටත් කඩේ කවුරුත්ම හිටියෙ නැත්තෙ මේ නිසා වෙන්න ඕන. ඒ පැත්තෙ අයත් මෙතන සීන් එක දන්නව ඇති. කොටින්ම කපුටො පවා...
Closed right now
Cuisine
Asian Western Chinese Sri Lankan Thai Sri Lankan Chinese
Price Range
Dish Types
Noodles Eggs BBQ Pasta Rice And Curry Fried Rice Pork Chicken Fried Chicken Fish Fish And Chips Crab Cuttlefish Fruit Juice Alcoholic Beer Bites
Ratings Breakdown
The warm reception we received on arriving at Earl's was…
Great place to booze with an unbelievable food deals
1/5
When they give a time they do not keep to the times. It is very sad to see how there service has drop.
1/5
pmsam62177@gmail.com
When they give a time they do not keep to the times. It is very sad to see how there service has drop.