Artwork for Playtrix Top Banner Ladies Night
Artwork for Yamu Promo Top Banner
Artwork for TSING TAO sidebar banner 2

4/5

Dream Cafe

Wellawaya road, Ella


A restaurant and a guest house in Ella, that one should check out if craving for some great pizza or a dope Espresso Martini.



ගියේ ‘චිල්’ බලාගෙන. ඒත් සෙට් වුනේ ‘ඩ්‍රීම්’!

අයිය මලෝනෙ, ඉතින් මොකෝ කියල ඔන්න ඔහෙ මාත් ගොඩ වුණා.

ගොඩ වෙලා.. උඩ තට්ටුවට නැග්ග විතරයි, “ගුඩ් ආෆ්ටනූන් සර්. ටේක අ සීට් ඈස් යුඅර් විෂ්. ඇන්ඩ්.. වට් ඩු යු ලයික් ටු හැව් සර්?”

මළ කෙලියයි, සේවක මල්ලි පටන් ගත්ත කියන්නකො කඩ්ඩෙන් වනන්න. බාග වෙලාවට එයා හිතන්න ඇති මොල්ඩිව්ස් කාරයෙක්වත් කියල. මොකද මගේ පැක් එකත් ලොකුවට තිබ්බනෙ. කොහොමහරි ඉතින් මාත් ඇරියෙ නෑ.

“ම්.. තින්ක් රයිස් ඇන්ඩ් කරි විල් බි ගුඩ්. අ චිකන් වන්!” (රු. 650)

“ඕකේ සර්.

එනි ඩ්‍රින්ක්ස් ඕ සම්තින්ග්?”

“යස්, අන්චිල් වෝට ප්ලිස්”

යාන්තම් ඕඩරේ ගැලපුව. ගලපල ඉතින් අතපය එහෙමත් හෝදගෙන ඇවිල්ල ඔන්න වාඩිවුණා. වාඩි වෙද්දි මල්ලි මේසෙ ළඟ නෑ, හැබැයි ඇල් වතුර වීදුරුවයි, පිඟන් කෝප්ප අඩුම කුඩම සියල්ලයි නම් මේසෙ උඩ. ඒ කියන්නෙ ඊලඟට එන්නෙ කෑම! ඒකත් ළඟළඟම ඈ..

කිව්වට!

කියල.. කට ගන්න හම්බවුණේ නෑ. මෙන්න එනව බරට බරේ අතින් කටින් අරගෙන. ෂැහ්! ඉස්ඉස්සෙල්ලම බත් පිඟාන මගේ ඉස්සරහට. ඊට පස්සෙ චිකන් කරියයි, තව අඩුම කුඩුම ටිකකුයි වෙන වෙනම දීසිවල, වටේට. වැඩක් නෑ ඉතින් කියල, සුවඳටම තොලකට පොපියනව යාළු. හැරත් ඒ දුන්න පිළිවෙලත් එක්ක, අපි වෙනදට බත් කනව වගේ කන්න හිතෙන්නෙත් නෑ. ඇයි වෙන වෙනම, එළවළු, මස් මාළු සියල්ලම.. 

ඒ නිසාම, මම හිතලම.. මුලින්ම පරිප්පුයි, චිකනුයි එක්ක බත් කටක් කෑවා.

ම්ම්… මාරයිනෙ!

මාරයි කියන්නෙ මාරම මාරයි ඈ.. ඇත්තටම පට්ට යුනික් රසත් තියෙන්නෙ. අපි ගෙවල්වල කනව වගේ නෙවෙයි, සුද්දන්ටයි අපිටයි දෙගොල්ලන්ටම හරියන්න. සැර නූලට, රම්පෙ කරපිංච තුනපහ ටිකත් ගානට, එතකොට ලූණු, සුදුලූණු ටිකකුත් දාලා.. වැඩේ කියන්නෙ ඔක්කොමත් හරි චිකන් කෑල්ලට නියමෙට මිරිස් තුනපහ ටික අල්ලන්න මදගින්නෙ උයල තියෙනවා..

කිරි රස ටොප් එකට තියෙන පරිප්පුවත් එක්ක තකට තක යන්නෙ ඒක. ඒ විතරක් නෙවෙයි එයාලෙගෙ ගෝවා මැල්ලුමත් මරු. පොල් ටිකක් එහෙම දාලා, ගම්මිරිස් චුට්ටක් එක්ක ගලපල, මලවල. ෂැහ්, පුදුම රසක් ඈ.

ඒ වුණාට බීට් එක නම් මට එච්චර ඇල්ලුවෙ නෑ. මොකද ඒකෙ පැණි රස පොඩ්ඩක් මතු වෙන්න තමයි හදල තියෙන්නෙ. වැඩේ කියන්නෙ ඉතින් මම බීට්වලට එච්චර කැමතිමත් නෑනෙ. අන්න ඒකට අලු කෙහෙල් මාලුව. අමුතුනපහ, පොල් කිරි අඩුම කුඩුම පදමට ගලපල, හින්දල නියමම ගානට. ඒකටම හරියන්න බටු මෝජුවකුත් තිබ්බා.. පැණි රසයි, ඇඹුල් රසයි නියමෙටම බැලන්ස්! ආයෙ කටක් කෑවාම, දෙක තුන ඉබේට කැවෙන්නෙ, ඉබේට!

ඔය විදියට නැගල ගියපු රයිස් ඇන්ඩ් කරි එකෙන් ඇත්තටම කලේ මහ විනාසයක්. වෙන දෙයක් නෙවෙයි, රෑත් මම ගොඩවුණා කියන්කො එතනටම පොඩි බීරක් ගහල මොනව හරි බඩට දාගන්න.

ඒකෙන් ඉතින් සනික ඕඩරේ ගියේ පීසා එකකට! ‘පිසා මිලානෝ’ (රු. 1100). ඒකයි පැෂන් මොජිටෝ (රු. 850) එකයි. බීර බෝතලයයි (රු. 400) . ආ.. අන්තිමට සීෆුඩ් නූඩ්ල්ස් (රු. 850) එකකුත් ගත්තනෙ කරන්න දෙයක් නැතුව. මොකද වෙලාව ඉතුරුයි, කොටේජ් එකට ගිහින් කරන්න දෙයක් නෑ, කම්මැලියි.

කොහොම හරි.. මුලින්ම ආවෙ පීසා එකයි, මොජිටෝ එකයි. කියල වැඩක් නෑ ඉතින් සුපිරිම ගැලපුමයි. මොජිටෝ එකේ යාළු පැෂනුයි, දෙහියි, මින්චියි දාලා තියෙනව.. හිතා ගන්න බැරි පදමක් ආ.. ඇත්තටම ඒකෙ නම් පුදුම රසක්. ආයෙ තරු පන්තියෙ කොක්ටේල් එකක් කියල කට ඇරල කියන්න පුළුවන්. අනික වයිට් රම් එහෙමත් හොඳ හැටි දාලානෙ. ෂොට දෙක දාද්දි සඳ මෝරාගෙන එන්නෙ. ඒ අතරට බීර උගුරක් එක්ක මිලානෝ කෑල්ලකුත් හැපෙද්දී.. දිව්‍යලෝක රස තමයි.

කිව්වට විශ්වාස කරන්න යාළු මොසරැල්ලයි, පාමෙසානුයි හොඳ හැටි මෙලෙක් වෙන්න, ඒ වගේම මදි නොකියන්න දාලා. තුනී රොටිය උඩින් ෆ්‍රෙෂ් තක්කාලි බේස් එකක් අතුරල. උඩටම හැම්, බ්ලැක් ඔලිව් ඇතිරුමක් ගලපල තියෙනවා.. කන කන කටක් ගානෙ රස නහර පිනා යන්නෙ. ආයෙ වචන නෑ ඉතින් ඒ මිලානෝ එක ගැන නම් කියන්න. 

ම්.. අන්තිමට ගත්ත සීෆුඩ් නූඩ්ල්ස් එකත් පංකාදු පහයි. කොටින්ම කියතොත් ලෝබ නැතුව දාලා තියෙනව සීෆුඩ්. ඉස්සො, දැල්ලො එක්ක පොඩි පොඩියට කපල, ගැඹුරු තෙලේ බැදපු මාළුයි, කැරට් ලීක්ස් අඩුම කුඩුමයි, හීනි නූඩ්ල්ස් ටිකත් ලාවට ෆ්‍රයි වෙන්නයි..

අවංකයෙන්ම කියනව නම් ඒකෙන් කටක් දෙකක් කද්දි, මම බඹර පදමට ඔන්න මෙන්නයි!

ෂැහ්, එවෙලෙ නම්.. 

ලස්සන ලස්සන සුදු ගෑණු ළමයි වටේටම පිරිලා. ඒත් මගේ මේසෙ මම විතරයි.

අයියෝ.. බීර වීදුරුවෙත් අන්තිම උගුරයි. මිලානෝත් තව එක කෑල්ලයි.. ඒ මදිවට මීදුමකුත් බාලා, ඇල්ල ටවුමම…

“මේ සෘතුවේ මිලානෝ ‘සීතලයි’..

ඒ සීතලේ ඔයා නෑ හිත පෙලයි”


TIP

Try Milano Pizza and Espresso Martini.

Have you visited this place?

Write your own review!
Leave a comment