Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

Dream Land Bar

Next to Hotel Nippon, Kumaran Ratnam Road, Colombo 2

  • This place has closed down


Currently closed as it's under renovation.



කොටුව පැත්තේ ඇවිදිනකොට නිපොන් හෝටලය පැත්තකින් දැකලා තිබෙනවාද මෙහෙම සඳහන් වුණ ලොකු ලී නාමපුවරුවක්. 'Dream Land Bar. Aircondition'. පොඩි ඉංගිරිසි පරහක් තිබුණාට මූලිකම අදහස් දෙක මේ පුවරුවෙන් සන්නිවේදනය වෙනවා. ඒ මෙතැන බාර්එකක් ඇතිබව හා එය වායුසමනය කර ඇතිබව.  මෙවැනි උණුසුම් රටක හැන්දෑවක් සඳහා අරක්කුත්, වායුසමනයත් හැර තව වෙන මොනවද?

මේ සිහින දේශය හෙවත් ඩ්‍රීම්ලන්ඩ් බාර්එක තිබෙන්නේ කොටුවේ, නිපොන් හෝටලය අසල. එය සාමාන්‍ය මට්ටමේ බාර් අතර ඉහළපෙළේ එකක්. ඇත්තෙන්ම එය ඉහළ මට්ටමට කිට්ටු වෙන තැනක්. තැනක් ලෙස ගත්තාම එය White Horse හෝ නවම් මාවත තරම්ම හොඳයි.

එය සාමාන්‍යයෙන් මෙවැනි තැන්වල තිබෙනවා වගේ එක් විශාල කාමරයක් සහ එහි කෙළවරක බාර්එක. එහි මිටි පුටු හා මේස සකස් කර තිබෙන්නේ කෝපිහල් විලාසිතාවට. බිත්තිවල කදිම සිමෙන්ති නිමාවක් තිබෙනවා. එයින් ස්ථානයට ඉහළ පෙළේ පෙනුමක් ලැබෙනවා.

එහි සෙනගින් පිරුණු වෙලාවක අපි මේ බාර්එකට ගිහින් නැහැ. ඒ වෙලාවට එහි මට්ටම ගැන අපට හිතාගන්න බැහැ. ඒත්, එය නිසංසල වෙලාවට එතැන ඇත්තෙන්ම හොඳයි. කාර්යමණ්ඩලය ප්‍රසන්නයි. කාන්තාවක් සිටියදීත් ඔවුන් වෙනසක් දැක්වුවේ නැහැ. හැබැයි, මේ වගේ වෙනත් බාර්වලදී නම් කාන්තාවක් සමග ගියාම කාර්යමණ්ඩලයත්, එහි ගනුදෙනුකරුවනුත් අපහසුවට පත්වෙනවා.

අපි කෑම ගැඹුරින් පිරික්සුවේ නැහැ. ඒත්, එහි අඩංගු වන්නේ සාමාන්‍ය අරක්කු කටගැස්ම වන ඩෙවල් කළ චිකන්, පෝක්, බීෆ්, ඉස්සන් හා මාළු මැද මට්ටමේ ප්‍රමාණයක් සහිත දීසියක් රු. 250 බැගින්, අලතීරු රු. 250 බැගින්, සැන්විචස් රු. 220 සිට රු. 250 දක්වා ආදී දේවල්.

මෙහි මිළ හොඳයි. මිලිලීටර් 25 ජින් එකක් ටොනික් සමග රු. 125යි. තව බීම වඩි දෙක තුනක් මුසු කරගන්න තරම් ටොනික් ඉතිරිවෙනවා. මෙහි මිළ මෑතදී හොඳටම ගණන් ඉස්සූ වයිට් හෝස්හි මිළට වඩා බෙහෙවින් අඩුයි.

ඩීම්ලන්ඩ්හි සියලු මිශ්‍රණ රු. 60යි. සෝඩාවලට රු. 35යි. බීර මිළ ටිකක් වැඩියි. රු. 200 සිට ඉහළට. ඔබට අවශ්‍ය අරක්කු හා සෝඩා හෝ බාල ජින් වර්ගයක් හෝ නම් ඔබට රු. 1000කින් සෑහෙන්න බොන්න පුළුවන්.

අපි ඩ්‍රීම්ලන්ඩ්ට ඇත්තෙන්ම කැමතියි. එය හොඳ තැනක්. එතරම් පහත් මට්ටමටත් වැටෙන්නේ නැතිව මිළෙනුත් සාධාරණ වන්න එය සමත්වෙලා. එය හොඳ තුලනයක්.

Address

Next to Hotel Nippon, Kumaran Ratnam Road, Colombo 2

Report Inaccuracy

This place has closed down

Price Range

Between Rs. 500 - Rs. 1000

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
See 3 Comments