Artwork for Chutiduwa top banners - temp gif 2
Artwork for JKH Kalap pola top banner-right side
Artwork for Darley Road sidebar banner Artwork for Coffee post sidebar 1-1959 only

3/5

Dwaraka

37, Jaya Road, Marine Drive, Colombo 4


Dwaraka is a new pure vegetarian Indian restaurant in Bambalapitiya. Although we ran into a few hiccups, we still walked away pleased with our meal.



බම්බලපිටිය වැල්ලවත්ත ඒරියා එකේ වෙජිටේරියන් ඉන්දියන් රෙස්ටොරන්ට් බර ගාණක් තියනව නේ. ද්වාරකා කියන්නෙත් ඒ වගේ පියෝ වෙජිටේරියන් ඉන්දියන් කෑම කන්න ගොඩ වදින්න හොඳ තැනක්. ළඟදි දවසක හවස් වරුවක් බලලා අපි ඒ පැත්තෙ යන්න ලකලෑස්ති වුණා.

තැන

මේක තියෙන්නේ බම්බලපිටිය මරීන් ඩ්‍රයිව් එකේ. තට්ටු දෙකයි. උඩ තට්ටුවට ගියාම මුහුද පෙනි පෙනී නිවාඩු පාඩුවේ කයියක් ගහගෙන කන්න බොන්න පුළුවන් නිසා අපිත් උඩ තට්ටුවට ඇදුණා. අපි යන වෙලාවේ සෙනඟ නං හොඳට ම අඩුයි. ඉතින් තැන සෑහෙන නිස්කලංකයි. හීනියට ටැමිල් මියුසික් එකකුත් ප්ලේ වෙවී තිබුණා. හුඟක් ඉඩකඩ තියන නිසා රංචු පිටින් පවුල් පිටින් ආවත් හොඳට සැප පහසුවෙන් වාඩි වෙලා මෙතන කෑම කන්න පුළුවන්.

කෑම

අනියන් ඌතප්පම් එකයි (රු. 320), පනීර් පුලාවො එකයි (රු. 500), චිලී පනීර් ග්‍රේවි එකයි (රු. 770) තමයි අපේ කෑම ඇණවුම වුණේ.

අනියන් ඌතප්පම් එකට ලූනු ගොඩක් දාල ගනකමට හදල තිබුණා. ඌතප්පම් සාමාන්‍යයෙන් තෝසෙවලට වඩා ගනකමින් වැඩියි නේ. මේකට සම්බල් ජාති දෙකක් එක්ක සාම්බරු හොද්දක් ආවා. රස ගැන නං කියන්න තරං විශේෂයක් නෑ. 

පනීර් පුලාවො එකට ගොඩක් පනීර් කෑලි එක්ක ලූනු, කැරට්, බෝංචි, ග්‍රීන් පීස් එහෙම ලෝබ නැතුව දාල තිබුණා. හැබැයි පනීර් කෑලි ටික තම්බල විතරයි තිබුණෙ. සාමාන්‍යයෙන් පනීර් ෆ්‍රයි කරල නේ දාන්නෙ. බත නං හොඳට තැම්බිලා තිබුණා. හැබැයි මාර රහයි කියන්න නං අමාරුයි.   

අනික්වට සාපේක්ෂව චිලී පනීර් ග්‍රේවි එක හොඳ මට්ටමක තිබුණා. ඒත් සැර තමයි පොඩ්ඩක් මදි. ඒ වෙනුවට වැඩිපුර ආවෙ පැණි රසක්. මේකට දාපු පනීර් ටික නං රන්වන් පාට වෙන්න ෆ්‍රයි කරලා තිබුණා. පුලාවො එකේ තිබුණ වියළි ගතිය ඇරිලා මේක දාගත්තම සෑහෙන කන්න පුළුවන් තත්ත්වයක් ආවා.

බීම

බීම විදිහට අපි ඕඩර් කළේ අන්නාසි ජූස් එකයි (රු. 370) සෝල්ට් ලැසි එකයි (රු. 320). අන්නාසි බීම එක සෑහෙන රිෆ්‍රෙෂිං. හොඳට කූල් කරලා සීනි එහෙමත් වැඩි නොකර ගාණට දාල තිබුණා.

සෝල්ට් ලැසි එක හොඳට උකුවට සීතලට තිබුණට මොකද සීනි නං පොඩ්ඩක්වත් දාල නැති සීන් එකක් තමා දැනුණේ. සෝල්ට් කිව්වට ඉතින් තනිකර ලුණු රහ විතරක් එන්න හදන්න ඕන නෑනෙ. එතකොට බොන්න බෑනෙ.

අතුරුපස

මෙතන අයිස්ක්‍රීම්, ෆෘට් සැලඩ් එහෙම තිබුණට අපිට ඕන වුණා ඉන්දියන් පන්නයේ අතුරුපසක රස බලන්න. ඉතින් අපි බදම් පිස්ටා කුල්ෆි එකක් (රු. 320) ඕඩර් කළා. කුල්ෆි කියන්නෙ ඉන්දියාවට ම ආවේණික අයිස්ක්‍රීම්වලට සමාන ඩෙසට් එකක් නේ. මේක හැබැයි අර මැටි මුට්ටියෙ එන මට්කා කුල්ෆි එකක් නෙවෙයි. කරදමුංගු, ආමන්ඩ්, පිස්ටාෂියෝ එහෙම දාල තියන බව රසෙන් තේරුණත් මේක ටිකක් දියාරු ගතිය වැඩියි. තව කිරි රහ වුණා නං වැඩිය හොඳයි කියල හිතුණා.

සර්විස් එක

මෙතන ස්ටාෆ් එකේ සෑහෙන පිරිසක් ඉන්නවා. ඒගොල්ලො හුඟක් ම මිත්‍රශීලී නැතත් කෑම තෝරගන්න එහෙම අපිට සහය වුණා. කෑම ටිකත් විනාඩි දහය පහළොවක් ඇතුළත මේසෙට සර්ව් කරපු නිසා සර්විස් එකේ වරදක් කියන්න බෑ. තැනත් පිරිසිදුවට පිළිවෙළට සහ ආරක්ෂාකාරීව තියාගන්න ඒගොල්ලො සෑහෙන උත්සාහයක් දරන විත්තිය පේනවා. 

අවසාන වශයෙන්

ද්වාරකා එක කෑම බීම අතින් නම් සාමාන්‍යයි. ඒ අතින් අපි ලොකුවට ම ඉම්ප්‍රෙස් වුණේ නෑ. ඒත් මේක තියන තැන සහ ස්වභාවය ලස්සන නිසා නිස්කලංකව ගිහින් ලන්ච් එකක් ඩිනර් එකක් ගත්තට පාඩු නෑ.


TIP

Word is that the place gets a bit busy at night. Try for a quiet weekend lunch to make the most of the location and ambience.

Address

37, Jaya Road, Marine Drive, Colombo 4

Directions

Dwaraka is basically on Marine Drive, right at the turn off to Jaya Road.

Contacts

Facebook

Report Inaccuracy

Open until 10:30 PM

Cuisine

Indian

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Vegetarian

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
2
Ambience Rating
3

Similar Places

User Reviews
S
3

1/5

0

Shaq75

The ambience was loud. The order took longer than usual even though the crowd was less. I was recommended by a good friend unfortunately the food was not great. The dosa was stuck to the plate and the curries were too cold esp the sambar.

Didn't make a fuss. This was my first visit and it would be my last.

N
1

5/5

0

NalinaSelvanathan

Taste, quality and quality of the food is worth the money and the manager is too good at his job.

O
1

5/5

0

Osko Smith

The manager is really good. He is a wish maker. Ask him to do anything he will do it. Ask him to put a diamond inside a dosai and he will

S
3

1/5

0

Shaq75

The ambience was loud. The order took longer than usual even though the crowd was less. I was recommended by a good friend unfortunately the food was not great. The dosa was stuck to the plate and the curries were too cold esp the sambar.

Didn't make a fuss. This was my first visit and it would be my last.

N
1

5/5

0

NalinaSelvanathan

Taste, quality and quality of the food is worth the money and the manager is too good at his job.

O
1

5/5

0

Osko Smith

The manager is really good. He is a wish maker. Ask him to do anything he will do it. Ask him to put a diamond inside a dosai and he will

A
1

4/5

0

Abi Jey

Great food which is tasty and healthy!

Avatar for Nithushan Uthayakumar
1

5/5

0

Nithushan Uthayakumar

Best place for vegetarian food!

D
1

1/5

0

DhanushkaV

The service was terrible as mentioned in the original article and I had to wait for over 15 minutes and ask from 3 different staff members, just to get the bill in a virtually empty restaurant. I wanted to express my dissatisfaction but was told that none of the managers or anyone responsible were available.

See 10 Comments