Artwork for Chutiduwa top banners - temp gif 2
Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Darley Road sidebar banner Artwork for Coffee post sidebar 1-1959 only

3/5

Dynasty (Grand Monarch Hotel)

527/7 B47, Battaramulla-Pannipitya Rd, Sri Jayawardenepura Kotte


Dynasty is a fine dine restaurant in the Grand Monarch Hotel.



ජයවර්ධනපුර කෝට්ටේ හරියේ තියෙන ග්‍රෑන්ඩ් මොනාක් එක, මඟුලට, පාටියට හරියන අපූරු හෝටලයක්නේ. හැබැයි මේ පැත්තට යන්න ඒ වගේ ඉවෙන්ට් එකක් තියෙන්න ම ඕනේ නැහැ. කාලෙක ඉඳන් මේකේ තියෙන ඩයිනස්ටි රෙස්ටෝරන්ට් එක, මේ කිට්ටුව ඉන්න ගොඩක් දෙනා අතරේ ජනප්‍රිය අවන්හලක්.

ඉතින් ඒ වගතුග බලාගන්නත් එක්ක පහුගිය සුමානේ මායි, ශලිනියි ග්‍රෑන්ඩ් මොනාක් එකට ගියා.

වාතාවරණය

කිව්වත් වගේ මේක තියෙන්නේ ග්‍රෑන්ඩ් මොනාක් හෝටලේ තුන්වෙනි තට්ටුවේ. මේකේ හොඳට අතපය දිගෑරලා ඉන්න පුළුවන් සයිස් එකට ඉඩ තියෙනවා. සෑහෙන්න පිරිසිදු, පිළිවෙළ ගතියක් දැකගන්න ලැබුණා. දවල් කෑමකට කියලා ගොඩවුණත් මුළු රෙස්ටෝරන්ට් එකට ම හිටියේ අපි දෙන්නා විතරයි. හැබැයි පැයයි ගියේ. ටිකෙන් ටික කට්ටිය පිරෙන්න ගත්තා.

කෑම බීම

වෙලාවක් කලාවක් කියලා නෑ, මෙහෙ බාර් එක ඕනේ වෙලාවක ඇරලා. බොන්න මූඩ් එකක් නොතිබුණත් මායි ශලිනියි බාර් මෙනු එක පෙරළලා බැලුවා. වයින්, බියර්, විස්කි, බ්‍රැන්ඩි තොගයක් මේකේ තිබුණා.

කෑම මෙනුව ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. ඒ ඉන්දියන් සහ චයිනීස් කෑම විදියට. ඉන්දියන් කෑම නම් සෑහෙන්න ගණන් ගතියක් තමයි පේන්න තිබුණේ (චිකන් බිරියානි එකත් 900ක්). අතේ තියෙන ගාණත් ශේප් කරගන්න ඕනේ නිසා අපි හිතාගත්තා චයිනීස් මෙනුවෙන් විතරක් ඕඩර් කරන්න. මොකද ස්මෝල්, ලාජ් කියලා පෝෂන් සයිස් එහෙමත් තියෙනවනේ.  ඒ නිසා බඩටයි, සාක්කුවටයි දෙකට ම හොඳයි.

ස්ටාටර් එක විදියට අපි ගත්තේ “වොන්ටොන් සුප්” (රු.610) එකක්. මෙනුවේ තිබුණු විදියට නම් මේක තුන්දෙනෙක්ට ඇති. ඔය වොන්ටොන් කියන්නේ චීන්නුන් හදන අපූරු කෑමක්නේ. ඩම්ප්ලින්වල තියෙනවා වගේ පිටි දවටනයක් මැදට, පෝක්/චිකන් දාලා තමයි මේක හැදෙන්නේ. අපි ඕඩර් කරපු සුප් එකේ මේ වගේ වොන්ටොන් 6ක් ම තිබුණා. මේකේ ඇතුළට ඔබපු චිකන් එකත් හොඳට සීසනිං කරලා. වැඩේ කියන්නේ නියම රටකජු සුවඳකුත් මේකෙන් ආවනේ. ඒ සුවඳට අපේ කටට කෙළත් ඉනුවා. ශේප් එකේ තුන්දෙනෙක්ට බොන්න පුළුවන් මේ සුප් එක අපි දෙන්නත් එක්ක කටට දෙකට බීලා ඉවර කළා.

ඊටපස්සේ අපි ගත්තේ “ඩයිනස්ටි ස්පෙෂල් ෆ්‍රයිඩ් රයිස්” (690) එකකුයි, “ෆ්‍රයිඩ් බීන් කර්ඩ් විත් හොට් ගාලික් සෝස්" (රු.710) එකකුයි. මුලදී අපි බලාගෙන හිටියේ මේකේ තිබුණු ක්‍රිස්පී චිකන් එක ගන්න. හැබැයි සේවක මිත්‍රයත් හොඳයි කිව්වා නිසා අපි ඕඩර් කළේ “කුම් පාවෝ චිකන්” (රු. 710) එක.

ඩයිනස්ටි ස්පෙෂල් ෆ්‍රයිඩ් රයිස් එකේ නම් ඔය කියන තරම් ස්පෙෂල්  නැහැ. චිකන් කෑලි, සීෆුඩ් ටිකක් මිශ්‍ර කරපු බතක්. ලුණු දාපු පාටක්වත් පේන්න නැහැ. සීසනිං කරලා නැති නිසා, අපි ඒකෙ රස හදාගත්තේ අර ඕඩර් කරපු කරිවලට පිං සිද්ධ වෙන්න. හැබැයි බතේ සයිස් එක නම් ලොකුයි. තුන්දෙනෙක්ට වුණත් කන්න පුළුවන් තරමට ඇති.

නමේ විදියට ම තද ගාලික් සෝස් රසක් මේ බීන් කර්ඩ් එකේ තිබුණා. ටිකක් තෙල් වැඩි රසකුත් අපට දැනුණා. ඒ වුණාට බතට එකතු වෙද්දී ගාණක් නැහැ. වටේ හොඳට කර වෙලා. ඒත් ඇතුල් පැත්තෙන් සෑහෙන්න මෘදුයි. ඒ නිසා රස හොඳයි.

කුම් පාවෝ චිකන් එකත් අපට අල්ලලා ගියා. රටකජු එහෙමත් දාලානේ. ඒ නිසා සුවඳත් හොඳයි. ළා පැණි රසක් එක්ක බැලන්ස් වෙන ස්පයිසි ගතියක් මේ චිකන් එකේ තිබුණා.

සර්විස් එක

ඩයිනස්ටි එකේ සර්විස් එක ගොඩක් හොඳයි. කෑම බීම සේරම මේසෙට එන්න ගියේ විනාඩි 15ක් වගේ. අනික මෙනුව ගැන හොඳ අවබෝධයක් මේ සේවක මිත්‍රයන්ට තියෙනවා. කෑම තොරගනිද්දී එයාලගෙන් හොඳ සහයක් ලැබෙනවා.

අවසාන වශයෙන්

අහ්! මේකත් කියන්නම ඕනේ. නියම වීව් එකක් තියෙන බැල්කනි එකක් මේ රෙස්ටෝරන්ට් එකේ තියෙනවා. කැමති නම් ඒකෙ වාඩිවෙලා කෑම ගන්නත් පුළුවන්. හැබැයි හවස් වරුවට තමයි ඒ වැඩේ වඩාත් ම සුදුසු. මේ වීව් එක බලාගෙන ඩ්‍රින්ක් එකක් එහෙම තොල ගානකොට වෙලාව යනවා තේරෙන එකක් නැහැ.

අනිත් දේ තමයි මේ රෙස්ටෝරන්ට් එකට ම අදාළ ප්‍රයිවට් ඩයිනින් රූම් තියෙනවලු හතරවෙනි තට්ටුවේ. තනිපංගලමේ කන්න කැමති අය වගේ ම, පවුලේ අයට එකතුවෙලා ගෙදර වගේ කතාවක් දාගෙන කන්න ඕනේ නම්, ඒ වැඩේට මේ ඩයිනින් රූම් නියමයිලු.


Similar Places

User Reviews
R
1

4/5

0

rpila99

Great little spot! Was recommended by a friend. I had the chocolate biscuit pudding and it was really good. I don’t like overly sweet desserts and this had the perfect level of sweetness. The added golden raisins were fantastic.

K
3

5/5

0

Kalana

Absolutely love the place!
First, the service is excellent. Staff being friendly, attentive and recommends you based on your preference. They allow BYOB without corkage which is great as you can pair it with their really good food. Fried Chicken (with cashew and garlic), Dynasty Special Fried Rice, Kang Kung with Beef, Belly pork are few dishes that are so good you really have to have ambition to not order the same thing and explore the rest of the menu. There are few items on the pricy side, but most of it is value for money.

R
1

4/5

0

rpila99

Great little spot! Was recommended by a friend. I had the chocolate biscuit pudding and it was really good. I don’t like overly sweet desserts and this had the perfect level of sweetness. The added golden raisins were fantastic.

K
3

5/5

0

Kalana

Absolutely love the place!
First, the service is excellent. Staff being friendly, attentive and recommends you based on your preference. They allow BYOB without corkage which is great as you can pair it with their really good food. Fried Chicken (with cashew and garlic), Dynasty Special Fried Rice, Kang Kung with Beef, Belly pork are few dishes that are so good you really have to have ambition to not order the same thing and explore the rest of the menu. There are few items on the pricy side, but most of it is value for money.

See 3 Comments