Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for New internal sidebar 10.08.2020

3/5

E-Cafe

No. 120/A, Havelock Road, Colombo 05


E-Cafe has a nineties - early 2000s vibe going on, burgers, desserts, coffee, drinks, and bready stuff. All of them pretty good.



“කීයටද මිනිහො එනව කිව්වෙ, දැන් වෙලාව බලනව.

මම යනව යන්න, ඕන මගුලක් කරගන්නව”

හෑ… හුටා!, හැන්දෑවෙ 5ත් වෙලා කියන්නකො. මට හාංකවිසියක් නෑ. ඒත් අන්තිම කෝල් එක ගන්නකොටත් වෙලාව 3යිනෙ. මට පිස්සුද කෙල්ලට පිස්සුද කියල කල්පනා කර කර ඉන්න ගියොත් තව පරක්කු වෙන නිසා මම සෙනිකව ඔපිස් එකෙන් එළියට බැස්සා.

ආ.. කියන්න බැරි වුනානෙ. කෙල්ල කෑ ගැහුවෙ පරක්කු වුන නිසාමත් නෙවෙයි, බර්ත් ඩේ එකට පාර්ටියක් දෙන්න එනව කියල, පොල්ල තිබ්බොත් කියල. කොහොම හරි අඩියට දෙකට මම පොලිස් පාර්ක් ඊ කැෆේ එක ලඟට කිට්ටු කළේ වලියකට පෙර සූදානමත් ඇතිවමයි. යද්දි මෙන්න ඉන්නව, මූණ දෙක කරගෙන, දතකට විකාගෙන, හප්පොච්චියේ, මට හීන් දාඩිය දැම්මා.

ඉස්සෙල්ලම ෂේප් කරගන්න පුළුවන්ද බැරිද කියල බලන්නෝනි නිසා හීන් හිනාවකුත් දාගෙනම තමයි මම ඉස්සරහට ගියේ. බර්ත්ඩේ පින නිසාද කොහෙද ගෑනු ළමයත් තරහව හංගගෙන හිනාවක් දැම්මා. යාන්තං ඇති. වැඩි කතා බහ නැතුවම කැෆේ එකට ගොඩවුන මම මෙනුව බලන්න පටන් ගත්තෙ මොනව හරි බොන්න කියල.

ඉතිං ටික වෙලාවක් මෙනුව උඩ පල්ලෙහා පීරුව අපි හොට් චොකළට් එකකුයි (රු. 530), හේසල්නට් ලැටේ එකකුයි (රු. 560) ඕඩර් කළා. පාර්ටිය නිසා කන්නත් මොනව හරි ගන්න ඕනනෙ. නැත්නං හරි නෑනෙ. අවුරුදු කාලා සතේට හිඳිලා තිබුණට මොකද වට පිට බලල අඩුම ගාණකට තිබුනු ස්පයිසි නිව්යෝර්ක් හොට්ඩෝග් එකකුත් (රු. 430) මම ඒ ඕඩරේටම දැම්මෙ නම්බුව ගැන හිතලමයි.

ඊට පස්සෙ ඉතිං දෙන්නත් එක්ක කැෆේ එකේ අයිනක් අල්ලල වාඩි වුනා. මොකද පොඩි ආදර කයියක් දාන්නත් එපැයි. කතා බහ අතරෙ මට පොඩි පොඩි තෑගි අනංමනං ටිකකුත් නොලැබුනාම නෙවෙයි. කොහොම හරි අපි ඉල්ලපු හොට් චොකලට් එකයි ලැටේ එකයි මේසෙට එන්න ගියේ විනාඩි 5ක් විතර.

ෂම්මේ… සුවඳ. ඒත් ඉතිං උණු උණුවෙ දුම් දදා තියෙද්දි බිව්වොත් හෙම කපෝතියි. අාහාර ජීර්ණ පද්ධතිය පිච්චිලා මැරෙන්නෙ. කරන්න වෙන දෙයකුත් නැති නිසා ඒසී. එකට ඔන්න ඔහෙ ටිකක් නිවුනාවෙ කියල අපි දෙන්නා ආයෙත් කතාවට බැස්සා.

මෙන්න බොලේ එතකොටම හොට් ඩෝග් එක මේසෙ උඩ. ඒකනං බැලූ බැල්මට නොකා ඉන්න බැරි තරම්. තක්කාලි, පිපිඤ්ඤා, අමු මිරිස්, ළුෑණු හීනියට ලියල දාපු සලාදයකින් ජම්බො සොසේජ් එක වැහිලා. ඒ මදිවට ක්‍රීම් චීසුත් දෙපැත්තෙන් බේරෙන තරම්. පේන්න නොතිබුනාට මොකද පෙපර් සෝස්ද කොහෙදත් සලාදෙට එකතු කරල තියෙනව. මස් රසින් අනූන තඩි සොසේජ් එකට නියමෙට ගැලපෙන සලාදෙ, වැඩියෙන්ම තියෙන්නෙ ඇඹුල් රස මිශ්‍ර එළවළු රසක්. හොඳ සැර ගතියකුත් තියෙන නිසා තලු මර මර කන්න පුළුවන්. අනික පොඩි බඩ ගින්නට අවුලක්මත් නෑ, ගාණ පොඩ්ඩක් අඩුවුනා නං.

හොට් ඩෝග් එක කාලා ඉවරවෙද්දි ලැටේ එකයි චොකළට් එකයිත් ගාණට නිවිලා. අපි දෙන්නටත් නිවිහැනහිල්ලක් නැතුවනෙ හිටියෙ ඔය දෙක රස බලනකං. ඉතිං සෙනිකව වැඩේට බැස්සා.

කියල වැඩක් නෑ යාළු හොට් චොකලට් එක නං පංකාදු පහයි. රියල් බෙල්ජියම් චොකලට්ද කොහෙද. පැණි රස මැද්දෙන් ලා තිත්ත ගතියක් එන්නෙ මයෙ හිතේ ඩාර්ක් චොකලට් පොඩ්ඩකුත් දාපු නිසා වෙන්නෝනි. ඔයාලට කියන්න, උගුරු දෙකයි බිව්වෙ බඩ පිරුනා කියන්නකො. ඒ තරම් පෝසනේ.

හේසල් නට් ලැටේ එකත් සුපිරි. ඒත් කොහෙද ඉතිං උගුරු දෙකයිනෙ බොන්න හම්බුනේ, ගෑනු ළමයට ඕනමයි කිව්වනෙ. ඒක නෙවෙයි, ඒකෙ තිබ්බ හේසල් නට් ක්‍රීම් තමයි පට්ටම රස. ඒ අතරට ළා කෝපි රසකුයි, පදමට එකතු වුනු කිරි රසයි එක්ක උණු උණුවෙ රස බලද්දී.. කියල වැඩක් නෑ, බොන්නම ඕනි ඒ රස විඳින්න. හැබැයි මට නං ලැටේ එකේ පැණි රස පොඩ්ඩක් වැඩියි කියලයි හිතුනෙ. ඒත් ඒක නං එක එක්කෙනා අනුව වෙනස් වෙනවනෙ.

කොහොම වුනත් ඊ කැෆේ එකෙන් එළියට බහිද්දි හොට් චොකලට්, ලැටේ මිශ්‍ර ගුඩුස් දෙක තුනකුත් උගුර කට ආයෙ ආයෙ රස කළා. අන්න ඒ නිසාම, ලබන මාසෙ දිහාවට එන ගෑනු ළමයගෙ බර්ත් ඩේ එකත් ඊ කැෆේ එකේම ගන්න තමයි අපි කල්පනා කළේ.

එහෙනං හරිනෙ ඔන්න, ඔයාලටත් කාගෙන් හරි බර්ත්ඩේ පාර්ටි ගන්න තියේනං, නිදහසේ වයිෆයි පාරකුත් දාගෙනම වැඩේ කරගන්න, යන්න පොලිස් පාර්ක් ඊ කැෆේ එකට, හරිය!


TIP

It's a great place to get some work done. Head over with your laptop!

Address

No. 120/A, Havelock Road, Colombo 05

Directions

Almost right opposite Police Park. A bit past the Vajira Road turnoff if you're heading towards Thunmulla on Havelock Road.

Contacts

Report Inaccuracy

Closed right now

Cuisine

Western Bakery

Price Range

Between Rs. 500 - Rs. 1500

Dish Types

Cakes Bready Burgers

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
4

Similar Places

User Reviews
D
1

2/5

0

Djjggau

Their staffs are not friendly at all.

C
1

2/5

0

chilledbaileys

This place makes my blood boil. the cafe staff here are creeps. all of them.

D
1

2/5

0

Djjggau

Their staffs are not friendly at all.

C
1

2/5

0

chilledbaileys

This place makes my blood boil. the cafe staff here are creeps. all of them.

See 14 Comments