Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2
Artwork for Coffee post sidebar 1

5/5

Eagle’s Wings; වනගත නිවාඩුවකට!

A11, Maradankadawala Hwy, Habarana


Comfortable tree houses with a superb jungle view in Habarana. Calm & green wilderness at a true Elephant corridor.



ගිණියම් වෙච්ච තාර පාර දිගේ අපි කණ්ඩලම වැව පහුකරද්දිම වෙලාව දවල් 1ත් පහු. ඒ වෙද්දී.. දෙන්නට පොඩි බඩගින්නකුත් නොතිබුණම නෙවෙයි. ඒත් වැව් ඉස්මත්තෙන් ආපු හුලං පාරයි, ඈත එක යායට ඇහෙන කුඹුරු හාන සද්දෙයි නිසා.. ඒ පැත්ත බලල මේ පැත්ත බලද්දිම ඕං බඩගින්න කොහෙන් ගියාද නෑ.

“හ්ම්.. උකුස්සෙක් දෙන්නෙක් හරි ඉන්න ඕන වෙලාව බං. ඒත්.. රස්නෙ වැඩියි මං හිතන්නෙ අද. බලාංකො අහස දිහා.. බලන්න තියා ඇස් දෙකවත් උඩට හරවන්න පුළු වන්ද?”

“ඒක තමයි නේ බං. හැබැයි ඉතිං.. කුරුල්ලො නැතත් මේ වගේ තැනක් නං..?”

කතාව දිගින් දිගටම ඇදුන යාළු. වැව් ඉස්මත්තක, මාර ගස් හෙවණක, නිදහස් කතාබහකට.. තව මොන පහසුකම්ද මේ හැර?

යම්කිසි පරක්කුවක් තිබ්බත් ඉතින් අපි ඒක තඹ දොයිතුවකට මායිම් කලේ නැත්තෙ, දෙන්න මුළුමනින්ම සොබාදම් රසවිඳීමක ගිලිල ඉඳපු නිසා. හැරත් අපේ ඉදිරි ගමන වැටිල තිබුනෙ කිඹිස්ස, සීගිරිය පාරෙන් හබරණට යන්නනෙ.

“කැලෑ පාරත් එක්කනෙ බං. කොහොමත් හවස් වෙන එකේ සත්තු ටිකත් බලාගෙනම යමු” සතා සීපාවා, ගහට කොළට ලැදි, මටම හරියන මගේම යාළුව..!

එතනින් පටන් ගත්ත ගමන ඇත්තටම අපි වැව් ගාණක, කැළෑ රොද තොගයක රවුම් ගහල, කොටින්ම කියතොත් හබරණ, මින්නේරිය පැත්තෙත් ගිහිල්ලයි ආපහු ආවෙ. කොහොමහරී.. වෙලාවට ඇඳිරි වැටෙන්න කලින් නම් අපි ටවුමට ඒ ගත්ත. ඒත් ඉතින් ඊට පස්සේ.. පොඩි කඩයක් අල්ලල රෑ කෑම ටිකත් අරගෙන කෙලින්ම ගියේ අපේ නවාතැන්පලට.

‘මළ කෙලියයි. තඩි තාප්පයක්? පොල්ගස්, අඹ ගස්? දෙයියො, ෆොටෝවල තිබ්බෙ අම්බානක කැලෑ ගතියක්නෙ?’

ඈත තියා දැකපු දෙයින් මගෙ හිත දෙගිඩියාවක අන්තෙටම වැටුණ යාළු. ඇයි ඉතින් යාළුවටත් කියලනෙ එක්කගෙන ආවෙ, සුපිරි කැළෑ ප්ලේස් එකක්, රෑට එහෙම වෝකින් සෆාරියක් වුණත් දාන්න පුළුවන් තැනක් කියල. කරන්න දෙයක් නැතිම තැන මම, කට වහගෙන.

“ඔන්න ඔතනින් ඇතුලට දාං”

හප්පේ.. ඒ දැම්මට පස්සෙ තමයි.

බට් අඹගස් යායක් මැදින් යාළු පුංචි මිදුලක් දිගේ, පුංචි පාරක්. එතනින් එහාට ඈතට පේනව ඕං අර මහ කැළෑවත්!

“වෙරි ගුඩ් ඊව්නින්. මිස්ට බුද්ධික?”

“යස් යස්. වෙරි ගුඩ් ඊව්නින් මිස්ට බ්‍රයන්. සො හවුස් ගොයින්”

“හ්ම්.. ඉන් දීස් ඩේස්.. යු නෝ”

“ඕහ්.. යා යා” ගෙස්ට්ල නැති ප්‍රශ්නෙ තාමත් උඩු දුවනව වගේ. ඊටත් ඒ තරම් ලස්සන නවාතැන් පවා හුදකලා වෙන්න තරම්?

කතාවෙන් කතාව අපි අඹ යාය පහුකරගෙන හෙමින් සැරේ ලොකු තණ පිට්ටනියකට ගොඩවුණා. එතනට එපිටින් මහ කැළේ. අත ළඟම වගේ පුංචි වැව් පොඩ්ඩකුත් පේන්නෙ. අපේ අඩි සද්දෙ ඇහිලද කොහෙද දියවැදි කුරුල්ලො ජාති 3, 4ක්ම පන්ගාල් කඩාගෙන දිව්වෙ. ඒත්.. මගේ හිත ගියේ නම් එපිට මහ විසාල වන රොදේ මුදුනින් ලාවට ඇහැ ගැටෙන, රතුම රතුපාට අවර ඉරට. වට පිටේ වළාකුල් ටිකත් ඊට දෙවනි නැති! රතට, කහට, දමට.. ඒක පාට පාට ලෝකයක්. තණ පිට්ටනිය කෙලවරෙන් තමයි මෙයාලගෙ ට්‍රී හවුස් ටික පටන් ගන්නෙ. එකක් අර පුංචි වැවේ ඉස්මත්තෙ. තව එකක් එපිට කැළෑරොද අතරෙ. පොඩි බංගලාවකුත් තියෙන්නෙ පිට්ටනිය පහුවෙද්දිම මුණගැහෙන සියඹල යායෙ හෙවණට වෙන්න.

බ්‍රයන් මහත්තය අපේ සුහද කතාබහට සමුදීලා ටිකකට කලින් වෙන්වුණාට.. සේවක මල්ලි නම් අපේ පස්සෙන්මයි. ඉතින් මට හිතුණා.. ‘නිහඬබව බිඳින්න වෙලාව හරි වගේ’ කියල.

“මල්ලි මෙහෙට අලි එහෙම එන්නෙ නැද්ද?”

“අලි? හපෙ හප්පෝ මහත්තය අලි එන්නෙ එක රොත්තට. ඕං ඔය මහත්තයල ඉල්ලපු ට්‍රී හවුස් එකේ මායිමටම වෙනනකම්ම එනව. ඒකයි අපි ඉඩමෙ තව කැළේට තියෙන්න ඇරල කරන්ට් වැට ගැහුවෙත්. ඒත් කෑම්ප් සයිට් එක නම් අලි කටේ. කිසි සමාවක් නෑ එතන. අර ගින්දර ගහන නිසා මිසක් නැත්නම් වසන්ට හම්බෙන්නෑ, හ්ම්…

මහත්තයලට.. මහන්සි නැත්නම් ඔහොම්මම බඩු ටික කාමරෙන් තියල, යං මාත් එක්ක රවුමක් දාලා එන්න. තව පැය කාලක් හමාරක් තියෙනවනෙ ඇඳිරි වැටෙන්න”

තරු වලින් දෙනව නම් කීයක් දෙන්නද කියල අවංකවම මට හිතා ගන්න බෑ යාළු. මයිල, බුරුත, කුඹුක් පිරුණු කැළෑව මැද්දෙ, හිඳිල ගියපු පුංචි දිය පාරක් කිට්ටුව තිබ්බ ඒ කෑම්ප් සයිට් එක. අපූරුයි මල් හතයි! සත්තයි ආපහු එද්දි හිතුණෙම, ගෙනිච්ච ටෙන්ට් එක එතන ගහගෙන බුදියනවදවත් කියල. ඊටත් පඩිපෙල නැගගෙන ට්‍රී හවුස් එකට ගොඩ වෙද්දිනෙ.. නොම්මර එකේ විව් එකක්. සුපිරි බැල්කනියක්. හාන්සි පුටුවකුත් දාලා කියන්නකො ඒ මදිවට. ස්පොට් ලයිට් එකකුත් ඉස්සරහින්ම. මගෙ හිතේ රෑට අලි බලන්න වෙන්න ඇති. ආයෙ ඉතින් සෆාරි මොකටද මෙතනට එන අයට ඈ.. මං අහන්නෙ?

ඒසී. කරපු කාමරයෙ දොර ඇරගෙන හෙමින් සැරේ ඔන්න යාළුවයි මායි ඇතුළට.

“හිතුවට වඩා පැහැදිලිවම ලොකු ඉඩක් තියෙනවනෙ බං”.

ඊටත් සුවපහසු ඩබල් ඇඳයි, පිරිසිදු කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි, තුවා.. ලොකු කණ්නාඩි මේසයක් එක්ක පොඩි ස්ටූල් 2කුත් තියෙන්නෙ. ඇත්තටම ඒ ඉන්ටීයර් එකේ කොලිටියත් එක්ක බලද්දි නම් ගාණෙ හැටියට මාරම වටිනව. ඇටෑච් බාත්රූම් එකෙත් කිසිම නෑ අඩුවක් කියන්න. පිරිසිදු කමෙත් උපරිමයෙන්ම. වෙන ඉතින්.. මොනව කියන්නද? කියල මම කල්පනා කළේ.

සේවාවෙත් හාවක් හූවක් නෑ කියන්න.. අපි උදේ 5.15 තේ ඉල්ලුව කල්තියා රිටිගල අදින්න ප්ලෑන් එක තිබ්බ නිසා.. හරියටම 5.16ට සේවක මල්ලි දොර ලඟ කියන්නකො. 

ආයෙ වෙන මුකුත් දැනගන්න ඕනය?

නෑනේ..

ඒ නිසා, ඊළඟ නිවාඩුවට

බය නැතුව, කට්ටියත් එක්ක බුකින් දාලා යන්න හොඳේ.

මොකද එතනට ගියා කියන්නෙ කැළේ ගියා වගේ තමයි.

ඇයි ඉතින් සෆාරියට අත ළඟමනෙ, හ්ම්..!


TIP

Try Tree Housed

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment