Artwork for Top Banner 1 - PMF Late night
Artwork for Top Banner 2 - PMF Late night

3/5

Eastern Wok

38, Walukarama Road, Colombo 03


Eastern Wok is a multi-cuisine restaurant that serves Chinese, Indian and Arabian food.



අවංකයෙන්ම!

අවාසනාවට ඇත්ත කතාවක්…

මොකක්ද දන්නවද?

අපි, අපේ පරණ ඔෆිස් එකෙන් අයින් වෙලා අලුත් තැනකට මාරු වුණානෙ. කොච්චර වුණත් ඉතින් හිතට දුකයි. ඒ දුක නිසාම අන්තිම දවස් ටිකේ අපි කළේ හැන්දෑවට හැන්දෑවට පොඩි අඩියක් ගහපු එක. කොහොමහරි අන්තිම දවසෙත් කට්ටියම කතාවුණා දුක තුනී වෙන්න ගසල දාන්න කියල. ඊට පස්සෙ තමයි අපි වැඩ බෙදාගෙන, සරිතුයි මායි චින්තකයි බයිට් ගේන්නයි, භාග්‍යයි පොඩි සරිතුයි බෝතල් ගේන්නයි ගියේ.

ගිහිල්ල ඉතින් වැඩ ටික බැලන්ස් කරගෙන එන්න පැය බාගයක් වගේ ගියා. හැබැයි ආපු සනිකව ඇරේන්ජ්මන්ට් එක දාපු නිසා රෑ වෙන්න කලින් වැඩේ පටන් ගන්න පුළුවන් වුණා.

කතාව කියන්න කලින් කියන්න ඕන අපි බයිට් ගෙනාවෙ ඊස්ටන් වොක් එකෙන්. වාලුකාරාම පාරෙ තමයි ඒක තියෙන්නෙ. කොටින්ම කියතොත් හරි ලස්සන, සුවපහසු ප්ලේස් එක. හැබැයි ඉන්ටීරියර් එක නම් ටිකක් චයිනීස් පැත්තට බරයි. ඒත් ඉතින් සර්විස් එක ලෙසටම තිබ්බ නිසා ඇතුල කෙසේ වුණාම මොකෝ කියල අපි ඕඩරේ දැම්මා.

පාර්ටිය පටන් අරගෙන…

කට්ටියක් බියර් එක්ක චියර්ස් දාද්දි අපි දෙතුන් දෙනෙක් විතරක් සැර ජාතිවලින් චියර්ස් දැම්මා. මොකද කොහොම කළත් අන්තිමට පොඩ්ඩක් ඇද වෙනවනෙ. දාලා ඉතින් ඉස් ඉස්සෙල්ලාම කියල රස බැලුවෙ ඊස්ටන් වොක්, ඩ්‍රයි මට්න් චිලි සෝස් (රු. 1255) කෑල්ලක්.

ෂම්මේ… සුපිරි ආ! හොඳ සැරට හදල තියෙනව. ඒ මදිවට මාළු මිරිස්, මිරිස්, ලීක්ස්, ලූණු එහෙමත් මදි නොකියන්න දාලා. මට්න් කෑලිත් බැදල නිසා රස ඩබල් ත්‍රිබල්. සෝස් තොගයක් දාලා හදපු හොද්දත් නරකම නෑ. හැබැයි ඒකට තව කුළුබඩු රසක් වගේ එකකුත් එකතු වුණා නම් පංකාදු පහයි. කෙසේ හෝ කරියෙ තිබ්බ එකම අවුල තමයි මට්න් කෑලි ටිකක් පොඩි එක. එක අතකින් ගත්තාම ඉතින් ඒ විදියත් හොඳයි. මොකද කෑලි පොඩි වුණාම බයිට් එක තරමක් හරි පිරිමැහෙනවනෙ.

මට්න් එකෙන් පස්සෙ මම රස බැලුවෙ වොක් ස්පෙෂල් රයිස් (රු. 795) ටිකක්.

කියල වැඩක් නෑ යාළු, ඒකත ලෙසටම තියෙනව. විශේෂයෙන් කියන්න ඕන ඒකට නම් නොදාපු දෙයක් නැති තරම්. මොකද බැලූ බැල්මටම ලීක්ස්, කැරට්, ලූණූ, කැරලි බිත්තර තොගේ හොඳ හැටි පේන්න තියෙනව. ඒ විතරක් නෙවෙයි හැන්දක් ගහල බැලුවාම… හප්පේ යටවෙලා තිබ්බ බැදපු චිකන්, බීෆ්, ඉස්සො, දැල්ලොත් සේරම වගේ මතුවෙනව. හැරත් රයිස් එකේ සයිස් එක කියන්නෙ ඩයට් කෑවත් පැහැදිලිවම 3 දෙනෙක්ට කන්න පුළුවන්නෙ. ඉතින් හිතා ගන්නකො අපි බයිට් එකට කාලා... හැබැයි එකක්, රයිස් එකේ රස වැඩි දියුණු කරගන්න නම් චිලි පේස්ට් ටිකක්, අනිවා එකතු කරගන්න වෙනව. මොකද ඒකෙ සැර ටිකක් මදි වගේ.

රයිස් එක නම් මොකෝ ඉස්සො එකටනෙ පිස්සු හැදෙන්නෙ කියල මට තේරුනේ තුන්වෙනි සොට් එක දාලා සිංගපෝර් ප්‍රෝන්ස් එකෙක් (රු. 985) දෙන්නෙක් කෑවාම. කියල වැඩක් නෑ යාළු, ඒකෙ නම් සෝස්, මිරිස් වගේම ළා පැණිරස ගතියෙත් සුපිරි පදමක් තියෙන්නෙ. ඒ හැරුනාම ඉතින් මාළු මිරිස්, ලීක්ස්, ලූණු එහෙමත් මදි නොකියන්න දාලා නිසා තලු මර මර රස බලන්න පුළුවන්. අනික ඉස්සොත් හොඳ ෆ්‍රෙෂ් රහට තිබ්බ.

එතනින් එහාට ඉතින් කියන්න ඕන නෑනෙ, අපේ අයගෙ කෙරුවාව කියන්නෙ බෝතලේ බාගෙ යද්දි ඉස්සො ටික ඉවරයි. ඔන්න ඊට පස්සෙ චිකන් 65එක (රු. 895) මේසෙට ගේනව.

හැබැයි ඉතින් ඒක ඒ වෙලාවෙ මේසෙට ගෙනාපු එක ගැන නම් කාගෙවත් අමනාපයක් තිබ්බෙ නෑ මොකද ඒ වෙද්දි මට්න් එකත් බාගෙට ඉවර වෙලානෙ තිබ්බෙ. අනික හයියට හැපෙන්න මුකුත් තිබ්බෙත් නෑ.

පදමටම නැතත් පාට හොඳ හැටි තියෙන්න හදපු මේ චිකන් 65 එකේ රස පොඩ්ඩක් උස්සල අරන් තිබුණෙ ඒකට දාපු මසාලාවලින්. අනික ලූණු, බෙල් පෙපර්, කරපිංච එහෙමත් දාලා හොඳ සුවඳකුත් එනව. වැඩේ කියන්නෙ චිකන් ටික නියම ගාණට බැදිල තිබ්බ නිසා බයිට් එකටත් කියාපු. හැබැයි ඒකෙ සැර ගතියයි, සයිස් එකයි නම් සෑහෙන්න මදි. අඩුම තරමෙ තව චිකන් කෑලි 2, 3ක්වත් තිබ්බ නම්.

පොදුවෙ ගත්තාම ඉතින් ඊස්ටන් වොක් එකේ වැඩ සුපිරි. එ්ත් ගාණ එක්ක බැලුවාම නම් ටිකක් මදිවගේ. මොකද කෑමවල සයිස් එක එයාලා හදල තියෙන්නෙ හොදි තොගයකුත් එක්ක හිටින්නනෙ. ඒකෙන් මස් මාළු කෑලි ගාණ තරමක් අඩුයි. කෙහොම වුණත් ඉතින් රස හොඳ හැටි තියෙන නිසා ෆන්ෂන් එකකට වගේ නම් අවුලකුත් නෑ ඕං...


TIP

Prepare yourself for the really, really large rice portions.

Address

38, Walukarama Road, Colombo 03

Directions

Located adjoining The Sizzle down Walukarama Road in Colpetty.

Contacts

Report Inaccuracy
User Reviews
F
1

5/5

0

Foodie_Col

Excellent food and superb service.

F
1

5/5

0

Foodie_Col

Excellent food and superb service.

See 4 Comments