Artwork for Coke with food - top banner
Artwork for Promote YAMU Top Banner
Artwork for PMF Free delivery Artwork for PMF essentials sbb 2

4/5

EAT (OZO Colombo)

36-38, Clifford Place, Colombo 04


Aside from their buffet, OZO actually has a pretty good a-la carte menu with an interesting range of dishes from burgers to steak.



OZO කියන්නේ ළඟදි ආවට ඉක්මනට කොළොම්පුරේ නමක් දිනාගත්ත ඉස්තරම් මට්ටමේ හෝටලයක්. විශේෂයෙන් මේක ප්‍රසිද්ධ වුණේ රූෆ්ටොප් එකේ තියෙන ON14 බාර් එකෙන්. එතනින් කොළඹ නගරේ පේන අපූරුව ඇස දෙකින්ම දකින්න ඕනේ. මේ කියන්න යන්නෙ ON14 එක ගැන නම් නෙමෙයි. එතනම ඊට පල්ලෙහා තියෙන EAT රෙස්ටෝරන්ට් එක ගැනයි.

තැන

OZO එක තියෙන්නෙ බම්බලපිටියේ මැරීන් ඩ්‍රයිව් එකේ, බම්බලපිට්යේ ෆ්ලැට්ස් සහ පීටර්ස් විද්‍යාලය මැද්දෙ තියෙන ක්ලිෆඩ් මාවත දිගේ මුහුද පැත්තට ආවම හරි. එතනම තියෙනවා. හොයාගන්න අමාරු වෙන එකක් නැහැ. මෙතන පළවෙනි තට්ටුවේ තමයි EAT එක තියෙන්නෙ.

උඩම තට්ටුවේ තියෙන දර්ශනේ නැති වුණත් ඇතුළට ආපු ගමන් කට අැරගෙන පුදුමෙන් බලං ඉන්න තරම් ලස්සන දර්ශනයක් EAT එකෙත් තියෙනවා. බිත්ති තුනක්ම බිත්ති නෙමෙයි, විදුරු. ඉතින් ඉන්දියන් සාගරේ ලස්සන මොනවට පේනවා. අපි ගිය දවල් වරුවේ මෙච්චර ලස්සන නං ඉර බැහැගෙන යන සැන්දෑ යාමෙක මෙතනට ආවොත් පුදුම ලස්සනක් ඇති.

ඇතුළෙත් ෂෝක්. අමුතු සුපිරි අලංකරණයක් නං නැහැ. ඒ වුණාට ඒ නිල් කුෂන් පුටුවල ඕන තරං වෙලා වාඩිවෙලා ඉන්න පුළුවන්. මේස ටික පොඩ්ඩක් ලොකු වුණා නං හොඳයි; ඒත් ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.

සේවක මණ්ඩලේ හරි හොඳට තමන්ගේ රාජකාරිය කරනවා. අපිත් එක්ක හොඳට කථා කළා; මෙනුවේ තිබිච්ච කෑම ගැන දැනගෙන හිටියා; අපිට ඒවයේ හොඳ නරක කිව්වා. කෑම ගේන එක ටිකක් එහෙං මෙහෙන් පරක්කු වුණාට අපිට ඒ ගැන ලොකු දොසක් කියන්න හිතුණෙ නැහැ.

කෑම බීම

සාරා සෙට් මෙනුවෙන් තමයි ඕඩර් කළේ. මෙතැන දවල් සෙට් මෙනුවේ කෝර්ස් තුනයි. ඒ තුනට තියෙන කෑම කිහිපයෙන් කැමති ඒවා කිව්වම ඒවා වෙලාවට මේසෙට, පිළිවෙළට, එනවා.

මුලින්ම තිබුණේ සැලඩ්ද, සුප්ද කියන ප්‍රශ්නේ. අපි දෙන්නම කොහොමත් තෘණ භක්ෂණයට වැඩි මනාපයක් නැති හින්ද සුප් එක ගෙන්න ගත්ත. සුප් එක අපි වැඩිය අහල බලල නැති කොම්බිනේෂන් එකක්; දොඩම් සහ කැරට්. දැකපු ගමන් මොකද්ද-යකෝ-මේ කියල හිතුණට මේක බීල බැලුවම නං හදපු මනුස්සයට දොඩම්, කැරට් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ කියල හිතෙයි. මේකේ දොඩම් රසත් නැති, කැරට් රසත් නැති ඒ දෙකේම අමුතු සම්මිශ්‍රණයක් වෙච්ච රසක් තමයි තියෙන්නෙ. පොඩි චීස්, නැත්තං කිරි රසයකුත් එනවා. රස නහර පිනා යනවා. එක්කෙනෙකුට ආවට, දෙන්නෙකුට විතර බොන්න තරං එනවා.

දෙවනියට ප්‍රධාන වේලට චිකන් කෑමක්, ෆ්‍රයිඩ් රයිස් කෑමක්, බැදපු මාළු කෑමක් අතරින් එකක් තෝර ගන්න තමයි තියෙන්නෙ. නමේ දිග හින්දම Chicken Thigh with Lyonnaise Potatoes and Ratatouille එක තමයි අපි තෝර ගත්තේ.

නම දිගට තිබුණට මගේ මනාපේ හැටියට නං ප්‍රධාන වේලකට මෙතනට ආපු කෑම ප්‍රමාණය සෑහෙන්න මදි. ඒ වුණාට රසෙන් තෘප්තිමත් වෙන්න බලාපොරොත්තු වුණා. ඒක තරමක් දුරට සිද්ධ වුණා. ලියෝනේ අල (Lyonnaise Potatoes) ටික නං මට අල්ලපු කෑමක් නෙමෙයි. කුළුබඩු වතුරක තම්බපු අල පෙති වගේ කියල තමයි තේරුණේ. එකත් එක්ක ආපු කැරමලයිස් ළූණු නං මාර රසයි. රැටටුයී (Ratatouille) කියන්නේ අලුත් එළවළු එකට උයල හදන කෑමක්. මේක අපරාදේ කියල හිතුණ මොකද එළවළු ටික නියම ගානට තිබුණට ඒ එළවළු කෑලිවලට පීනන්න වෙන තරමට සෝස් එකක් දාල තිබුණා. ඉතින් එකෙන් රසේ සැහෙන්න වෙනස් වුණා.

චිකන් කෑල්ල ගානට බැදිලා තිබුණා. උඩ කරවෙලා, මස නියමෙට මෙළෙකට තම්බිලා හොඳට දිවට දැනෙනවා. ප්‍රශ්නේ තියෙන්නෙ මේකෙන් කිසිම ආකාරයක චිකන් රසක් ආවේ නැහැ. මේකත් එක්ක ආපු සෝස් එකේ පැණිරස එකත් එක්ක නං ටිකක් ෂේප්, එත් නිකං නං චිකන් එකේ ලොකු ගුණයක් නැහැ.

ඩෙසර්ට් කෝර්ස් එකට චිස්කේක් තියෙද්දී නිකං පලතුරු තැටියක් මොකටද? චීස් කේක් එක ගත්තා. මේකේ අමුතු හොඳක් නැහැ. සුපිරි නැතිවුණත් හොඳ චීස්කේක් එකක්.

මම ගත්තේ සාමාන්‍ය මෙනුවෙන් ක්ලබ් සැන්ඩ්විච් එක. මේකට කර කර ගාල හැපෙන නියම බේකන් තට්ට්ටුවක්, කුකුල් මස් තට්ටුවක්, ඒවගේම බැදපු බිත්තරයක් වුණු තට්ටුවකුත් තිබුණා. සැන්ඩ්විච් එකේ අමුද්‍රව්‍ය ටික නං පංකාදුයි. මෙතන වැඩේ කාල තිබුණේ පාවිච්චි කරපු පාන් වලින්. ටිකක් විතර කොලිටිය අඩු සුපර්මාකට් සැන්ඩ්විච් පාන් එකක් වගේ තමයි අපිට තේරුණේ. ඉතින් ඒ පෙති මැද්දෙ තියෙන අර සුපිරි කෑම ටික අපරාදේ. හොඳ පාන් එකක් පාවිච්චි කළා නං කිසි අවුලක් නැතිව මේකෙ ගුණ කියන්න තිබුණා. ෆ්රයිස් නං සිරාම සිරා. කිලෝ එකක් විතර කන්න තිබුණා.

බොන්න අපි ඕඩර් කළේ බෙරි ස්මුතී එක. මේක නියම පලතුරු, යෝගට්, මීපැණි දාල හදල තිබුණේ. ඉතින් ඇඟට අගුනෙකුත් නැහැ. රසත් සුපිරි.

අවසානයට

EAT එකට එන්න ඕනේ දිනපතා ආහාරයට නෙමෙයි. විශේෂ අවස්ථාවක තව එක්කෙනෙක් එක්ක හරි, කීප දෙනෙක් එක්ක හරි, එන්න හොඳයි. ටිකක් වැඩිපුර වියදම් කරන්න ලෑස්ති වෙලාවක, අනවශ්‍ය ලෙස විකිණෙන්නේ නැතුව කන්න බොන්න පුළුවන් තැනක් කියල මෙතන හඳුන්වන්න පුළුවන්.


TIP

Try the club sandwich.

Address

36-38, Clifford Place, Colombo 04

Directions

You'll find Clifford Place next to Chariot on Galle Road - turn into it and you'll find OZO at the very end on your right on Marine Drive.

Contacts

Facebook Website

Report Inaccuracy

Closed right now

Cuisine

Asian Western

Price Range

More than Rs.1500

Dish Types

Meats Sweets Chicken

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
3

Similar Places

User Reviews
B
6

3/5

0

BaileyDar

Desserts were good. But I was not that impressed with the starters and the main meal.

B
6

3/5

0

BaileyDar

Desserts were good. But I was not that impressed with the starters and the main meal.

See 6 Comments