Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

3/5

Eats & Treats

DFCC Bank, Anuradhapura road, Dambulla


A little Sri Lankan Chinese kade does a good set menu buffet lunch.



කළුදිය පොකුණ වැඩේ අහවර කරල අපි ගියානෙ ඉනාමලුවෙ කෑම්ප් සයිට් එකක් බලන්න. ෂැහ්! සුප්ප ලොකේෂන් එක ඈ… මහ විසාල වෙල් යායක් මැදින් ගිහිල්ල කෙළින්ම ගොඩවෙන්න තියෙන්නෙ වැව් ඉස්මත්තකට. එතන වදුල අස්සෙ තමයි කෑම්පින් කරන්න තියෙන්නෙ. රෑට එහෙම ආයෙ අලි විමානෙලු. ඒත් ඉතින් කරන්ට් වැට තියෙන නිසා ලොකු අවුලක් නෑ කියල තමයි ගමේ අයිය අපිට කිව්වෙ. කෝකටත් අලි වෙඩි ටිකක් තියා ගත්තාම වැඩේ ෆුල් ඕකේලු.

කොහොම කොහොමින් හරි එතනට ගියාට පස්සෙ නම් අපිට වෙලාවක කලාවක හාංකවිසියක් නැතුව ගියා. ඇයි ඉතින් වැව් බන්ට් එකයි, කුරුළු රංචු ටිකයි, එපිට ඉවුරෙ හබරණ කැළෙයි…

ආයෙ කියන්න ඕන නෑනෙ, නේ!

ඊටත් උදේ, දවල් මැද්ද නිසා ලොකු රස්නයකුත් නෑ. ඉන්නව ඉන්නව බන්ට් එකේ ගහක් යටට වෙලා…

“බුද්ධික අයියෙ, දැං යංද? බඩත්ගිනියි අප්ප. උදේට කාලත් නෑනෙ” ලසා බැරිම තැන වෙන්න ඕන හඬ අවදි කළේ.

“හප්පට, ඔව් නේන්නං. යං යං ඒනං.

අයියෙ, අපිව දඹුල්ලට ම දාන්න පුලුවන්ද?. ඔයා දන්න කඩයක් අල්ල… දවල් කෑමටත් එක්ක වගේ.”

“ආ.. එළ එළ මල්ලි. මං දාන්නං.”

පුංචි කතාබහක් එක්ක ම ඔන්න අපි වෙල් යාය මැදින් වීල් එක නවත්තපු තැනට ආවා. ඇවිල්ල හෙමින් සැරේ ඇල පාරෙන් මූණ කටත් හෝදගෙනම වීල් එකට නැග්ගා. නැගල ඉතින් කෙළින්ම දඹුල්ල ටවුන් එකේ.

“මල්ලි, බත් ටිකක් කන්න නේ. හොඳම තැන නම් වහල වගේ. අර පහුවුණේ. මං කියන්නං, තව තැනක් තියෙනව බුෆේ තියෙන. යං එතනට”

බුෆේ කිව්වට පස්සෙ තව මොනවද? අපි දෙන්නත් එක පයින්ම ‘හා’.

වීල් එක හරවල ඇවිත් සින් ගාලා නතර වුණේ ෆුල් නෝමල් කඩයක් ඉස්සරහ. හිතා ගන්න බෑ ඒකෙ එච්චර දෙයක් තියෙයි කියල. ඒත්… ඇතුලට ගොඩ වුණාට පස්සෙනෙ, ෂැහ්! මැටි ඇතිලිවල දාපු සුප්ප දවල් කෑම බුෆේ එකක්. ඒ විතරක් නම් බැරියැ, අතරින් පතර උදේ කෑමත් තියෙනව.

හාවක් හූවක් නෑ…

මම අත හෝදගෙන එන ටිකට ලසා බතුයි පානුයි එළවළු ව්‍යංජනය අඩුම කුඩුමයිත් බෙදාගෙන. (රු. 200)

“අවුලක් නෑ නේ. මං බෙදාගත්ත.”

“අවුලක් නෑ. අවුලක් නෑ. කන්නනෙ බං ආවෙ.”

ඇරෝ කියල ඔන්න මාත්… සුදු බතුයි, චිකනුයි, කෙහෙල් මුවයි, වම්බටුයි, පරිප්පුයි.. (රු. 250) ඇති හැටියට හොඳේ!

බෙදාගෙන මේසෙට වාඩිවුණා මතකයි. පළවෙනි කටම තඩි චිකන් කෑල්ලක් එක්ක, වම්බටු.

දිව පිනා ගියේ යාළු, පිනා ගියේ. සැහ්, ටොප් ඈ… චිකන් එක හදල තියෙනව නිකම් කන් දෙකෙන් දුම් දාන්න. ඊටත් මස්කරි, තුනපහ රසවලිනුත් අඩුවක් නෑ. රම්පෙ කරපිංච, සුදුලූනු ටිකත් ගාණට. වැඩිය ඕන නෑ. මට එවෙලෙ හිතුනෙම චිකනුයි පරිප්පුයි එක්ක පාන් කන්න අප්ප. ඒ තරම් රසයි හොද්ද. අනික තඩි චිකන් කෑල්ල වුණාට, ඒකටත් හොඳ හැටි මිරිස් තුනපහ අල්ලලනෙ.

ඊට දෙවනි නැති පරිප්පුව. ෂප්පේ, ළාවට හින්දල තිබ්බට ඒකට දාලා තියෙනව කිරි එහෙම, ඔරිජිනල් පොල්වලින් ම. වම්බටු එකත් ආයෙ එලෙසමයි. හැබැයි ඒකට තෙල් පොඩ්ඩක් දාලා ගත්ත නම් ඊට වඩා රස වෙන්න තිබ්බ. මොකද වම්බටු වගේ එකකට තුනපහ රස ගොඩක් සෙට් වුණාම නිකම් අවුල් වගේනෙ.

හැබැයි කෙහෙල්මුව මැල්ලුම නම් ෆුල් ෆ්‍රෙෂ්. ගම්මිරිස්, තුනපහ චුට්ටක් එක්ක පොලුත් දාලා පොඩ්ඩ මලවල අරගෙන තිබුණෙ. ඒකටත්.. තෙල් චුට්ටක් වැටුන නම්…

ඔය අතරට මම ලසාගෙ මාළු එකෙනුත් පොඩ්ඩක් රස බැලුව.

නරකම නැති වුණාට ඒක චිකන් එකත් එක්ක බලද්දි ටිකක් අවුල් වගේ. මොකද මිරිස්, තුනපහ, ගොරක සුදුළූණු අඩුම කුඩුම ඔක්කොම... එක්කො ගාණට දාලා, නැත්නම් වැඩි වෙලා. එහෙමත් නැත්නම් මාළු මදි වෙලා වෙන්න ඕන.

කොහොම වුණත් ඉතින් සමස්තයක් විදියට බලනකොට නම් කඩේ තරමක් උඩින් තියෙනව, ටවුන් එකේ අනිත් කඩත් එක්ක බලද්දි. වැඩේ තියෙන්නෙ ඒක තේරෙන්න අනිත් ඒවයිනුත් කන්න එපැයි,

හී..!

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment