Artwork for U Pay - PickMe Dec  2018 -06.12.2018

3/5

El Janah

283, Galle Road, Mount Lavinia

Serving a wide range of cuisines, El Janah is a popular spot at Mount Lavinia. Their food isn't super authentic, but quite worth the affordable price tag.

ඔන්න මේ ඊයේ පෙරේදා දවසක අපේ එක්කෙනෙක් රත්මලානේ අලුතෙන් දාපු චයිනීස් රෙස්ටෝරන්ට් එකක් ගැන ලොකු වරුණාවක් කළා. කතාවේ හැටියට එතැන කෑමත් හොඳයි, රු.2000ට වගේ කරි දෙකක් එක්ක බතක් කන්නත් ඇහැකිලු. උයන්නෙත් චීන චෙෆ් කෙනෙක්ලු. ඕක අහපු වෙලේ ඉඳන් මටත් ඔය රෙස්ටෝරන්ට් එකට යන්න ඉස්පාසුවක් නැතුව හිටියේ. ඉතින් හා හා පුරා කියලා ඉඩක් ලැබුණු ගමන් අපි ඒ පැත්තට ඇදුණේ හොඳවයින් චයිනීස් කෑමක් කනවා කියලා හිතාගෙන.

හපොයි! අපි වළක් කැපුවොත් ඒකෙත් ගෙම්බෙක් කිව්වලු. සෙනසුරාදා මහ දවාලෙත් රෙස්ටෝරන්ට් එක වහලා කියන්නකෝ. දැන් මොකද කරන්නේ? අසූ හාරදාහට බඩගිනිත් එක්ක. හිතේ අමාරුවෙන් අරහෙට මෙහෙට කැරකි කැරකි ගූගල් මැප් එක සූම් කරකර දඟලනකොට තමයි අපට ගල්කිස්සේ තියෙන El Janah රෙස්ටෝරන්ට් එක ගැන දැනගන්න ලැබුණේ. එවෙලේම එතැනින් ගිය බස් එකකට අත දැම්ම අපි El Janah එකට යද්දී යන්තන් දවල් 1 පහු වුණා විතරයි.

තැන

කිව්වත් වගේ මේ රෙස්ටෝරන්ට් එක තියෙන්නේ ගල්කිස්සේ. හරියට ම කිව්වොත් ගල්කිස්ස සබ්වේ එක එහාපැත්තේ. මේක තට්ටු දෙකක රෙස්ටෝරන්ට් එකක්. පහළ තට්ටුවේ කලබලේ පොඩ්ඩක් වැඩියි. මේස පුටු තියෙන්නෙත් එක ගොඩේ වගේ. හැබැයි උඩ තට්ටුවේ හරි ම නිස්කලංක ගතියක් තියෙනවා. ඉඩකඩත් වැඩියි. අනික වීව් එකත් සෑහෙන්න ගති.

කෑම බීම

El Janah එකේ විශේෂත්වය තමයි ස්ටයිල් කීපයක කෑම බීම සහිත මෙනුවක් තිබීම. ඇමෙරිකන්, ඉටැලියන්, පෘතුග්‍රීසි, ඇරෙබියන්, තායි කෑම වගේ ම ඕස්ට්‍රේලියන් කෑමත් මේ අයගේ මෙනුවෙන් අපට දැකගන්න ලැබුණා. ඒ හැරුණා ම ලංකාවේ අපට පුරුදු ෆ්‍රයිඩ් රයිස්, නූඩ්ල්ස් වගේ දේවලුත් මේ අයගෙන් ගන්න ඇහැකි. බීම විදියට තියෙන්නේ ෆෘට් ජූස්, මිල්ක්ෂේක්, කෝපි, තේ වගේ ජාති.

කෑම මෙනුවෙන් “චිලි ප්‍රෝන් පැස්ටා” (රු.495) එකකුයි, “ෆිලට් ස්ටේක්” (රු.1095) එකකුයි තෝරගත්ත අපි, බීමට විදියට “කොමඩු ජූස්” (රු.150) එකකුයි, “El Janah රිෆ්‍රෙශ්” (රු.495) කියන ස්මූති එකයි ඕඩර් කළා.

මුලින් ම කියන්නම්කො බීම ජාති ටික ගැන. කොමඩු ජූස් එක නම් එච්චර හරි නැහැ. පරණ කොමඩු ගෙඩියකින් හැදුවා වාගේ. අනික වතුර ගතියත් ටිකක් වැඩියි. අර රූට්ස් එකේ තියෙන කොමඩු ජූස් එක මීට වඩා සෑහෙන්න හොඳයි.

හැබැයි ඒකට මොකද El Janah රිෆ්‍රෙශ් ස්මූති එක නම් නියමෙට අල්ලලා ගියා අපට. මේකට දාලා තිබුණේ අලිගැට පේර, කෙසෙල් සහ ඇපල්. අලිගැට පේර සහ කෙසෙල්වල ක්‍රීමි ගතිය මැද්දෙන් ඇපල්වල ඇඹුල් රස එනකොට මාර සිරා. තිබහ විතරක් නෙවෙයි, බඩගින්න යවාගන්නත් මේක මරු බීමක්. ඒත් රීෆ්‍රෙෂින් බවක් නම් ඒ හැටි අපට මේකෙන් තේරුණේ නැහැ.

දැන් කියන්න යන්නේ අපි ගත්ත කෑම ජාති ටික ගැන. චිලි ප්‍රෝන් පැස්ටා එක ගොඩක් හොඳට තිබුණා. ලෝබ නැතුව චීස් දාපු නිසා හරි ම ක්‍රීමි ටෙක්ස්චර් එකක් තිබුණේ. හැබැයි අපට තේරුණු විදියට නම් ඉස්සෝ වෙනුවට මේකට එක්කාසු කරලා තිබුණේ කූනිස්සෝ. පැස්ටා එකත් හරි ගානට තැම්බිලා තිබුණා. කෑලි මිරිස්වලින් ළාවට එන ස්පයිසි ගතියත් ගැලපෙද්දී තවත් නියමයි. මේක රු.495ක් වගේ පොඩි ගාණකට අපට කන්න ලැබිලා තියෙන හොඳම පැස්ටා එකක් බව අනිවාර්යෙන් ම කියන්න ඕනේ. එක ම අවුල මැගී සුප් කැටේක රස සහ සුවඳ මේකෙන් ලාවට වගේ දැනුණ එක තමයි.

El Janah එකේ ස්ටේක් ගන්නකොට ලෝකල් හෝ ඕස්ට්‍රේලියන් බීෆ් තෝරගන්න පුළුවන්. හැබැයි ඕස්ට්‍රේලියන් බීෆ් එක ගනිද්දී ලෝකල් එකට වඩා රු.1000ක් වගේ වැඩිපුර ගෙවන්න වෙනවා. ඉතින් අපි ඕඩර් කළේ ලෝකල් බීෆ් එක. ඒ වගේ ම, ස්ටේක් එක ග්‍රිල් කරන්න ඕනේ විදියත් තෝරගන්න ඔයාට පුළුවන්. ඒ rare, medium, medium rare, medium well හෝ well done විදියට. කොහොමත් ලෝකල් බීෆ්වල රෆ් ගතිය වැඩිනෙ. ඒ නිසා well done ටයිප් එකට ග්‍රිල් කරලා ගන්න අපි කල්පනා කළා.

ෂහ්! මේ ස්ටේක් එක නියමයි. මතුපිටින් තදට තිබුණත්, ඇතුළතින් මේක හෙන ම සොෆ්ට්, සහ ජුයිසි ගතියට තියෙන ස්ටේක් එකක්. පොඩ්ඩක්වත් කර රසක් ආවේ නැහැ. මේකත් එක්ක ආව මෑෂ්ඩ් පොටේටෝ එකත් සිරා. මොකද නියම බටරි ටෙක්ස්චර් එකක්නේ තිබුණේ. ඔය පිඟානේ කෙළවරේ තියෙන තම්බපු කැරට්, ගෝවා මල්, බෝංචි ටිකත් නියමයි. ස්වභාවික ක්‍රන්චි ගතිය නැති නොවෙන විදියට තමයි ඒවා තම්බලා තිබුණා.

සේරමත් හරි, මේකත් එක්ක පිළිගැන්වුණු පෙපර් සෝස් එක තමයි නැගල ම ගියේ. හප්පේ! ඒකෙ තිබුණු රස. ස්පයිසි, ටැන්ජි ගතිය හරි හරියට ගැළපුණු මේ සෝස් එක සුපිරි. අපට මේක කොච්චර අල්ලලා ගියාද කිව්වොත් අර ඉතුරු වුණු එළවළු, මෑෂ්ඩ් පොටේටෝ සේරම ටික අපි කෑවේ මේ සෝස් එක වත් කරගෙන.

ෂෝ කේස් එකේ තිබුණු ඩෙසර්ට් ජාති ටික දැක්කට පස්සේ අපට හදිසියේම කැරමල් පුඩින් බඩගින්නක් ආවා. හැබැයි පළමුවෙනි කට කෑවම තමයි ගත්ත මෝඩකම කියලා හිතුණේ. මේක පුඩිමක් නෙවෙයි, ගනකම කේක් එකක් වගේ. කොටින්ම කිව්වොත් කෝප්පේ තිබුණු කැරමල් ටිකත් මේකට උරාගෙන. සෑහෙන්න පරණ රසක් ආවේ.

සර්විස් එක

සාමාන්‍යයෙන් කෑම ටික මේසෙට එන්න විනාඩි 15 - 20ක් වගේ යන බවක් තමයි පේන්න තිබුණේ. අපි මෙතැනට යද්දී ඉඳපු සෙනඟ ගොඩත් එක්ක, ඒ වෙලාව ගතවෙන එක අවුලක් නැහැ. අනික ස්ටාෆ් එකේ අයත් හරි ම මිත්‍රශීලියි. කෑම බීම ගැන රෙකමදාරු ඇති තරම් ඒ අයගෙන් ගන්න ඇහැකි.

අවසාන වශයෙන්

ලෝකල් අය අතරේ විතරක් නෙවෙයි, මේ අවට තියෙන හෝටල්වල නැවතිලා ඉන්න සංචාරකයන් අතරේ සෑහෙන්න ප්‍රසිද්ධ රෙස්ටෝරන්ට් එකක් විදියට El Janah එක හඳුන්වන්න පුළුවන්. මොකද මේක අතේ මිටේ තියෙන පොඩි ගාණකට වුණත් හොඳ කෑමක් කන්න පුළුවන් තැනක්නේ. අනික වෛවාරණ කෑම බීමත් තොගයක් ම තියෙන නිසා සිලෙක්ෂන් එකත් හොඳයි.  

Artwork for Frimi Shoutout banner
Similar Places

User Reviews
Avatar for Shayne Brad
2

5/5

0

Shayne Brad

It's an amazing place as the location is very convenient since it's in Mount Lavinia.

The place is really nice with great staff,
the first floor was busy and crowded but the 2nd floor was really relaxing so we decided to go to the second floor.

I started with a Mango juice which was really fresh and tasted natural. my friend had el janah blast which was better.

We ordered their specialty which was the Portuguese chicken and let me tell you I have never tasted chicken like that before, it was amazing. the taste the flavor. My friend had Fish & Chips, they made it perfectly.

They bought the food pretty soon as well, and told us the roof top was also available if we would like to go, we actually went upstairs and checked it out, It was amazing. You can see the whole of Mount Lavinia from there. So we decided to have our food on the roof top. They allow to bring your own booze too, It's a good place to have parties and to chill with your friends. after our Lunch we had some coffee. It wasn't that good as I wanted it more blackish. but all together enjoyed the food and the place, will definitely go there one evening with my friends to chill with booze of course, and they said they have the BBQ on Friday to Sunday.

See 1 Comment