Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

3/5

El Janah

283, Galle Road, Mount Lavinia

Serving a wide range of cuisines, El Janah is a popular spot at Mount Lavinia. Their food isn't super authentic, but quite worth the affordable price tag.

එපා කියද්දි කරනවට, හොඳ වැඩේ මට!

ඇයි අප්ප යන මගක්ම විශ්වි කිව්වෙ, “කන්න තැනක් නැත්නම් ආපහු එන්න.. එතනට නම් ගොඩවෙන්න එපා’ කියල. කොහෙද, ඔය ඇහුවද?

නෑනෙ නෑනෙ. ඒකත් වෙලාව කියන්නෙ හතර මායිමේ වෙන කඩයකුත් නැති වුණානෙ.

“මොකෝ බං කරන්නෙ. මෙච්චරමයි තියෙන්නෙ. ඔන්න ඔහෙ ඕන දෙයක් කියල යමුද? මොනව හරි කන්න පුළුවන්, එක දෙයක් හරි ඇතිනෙ”

“ඔව් ඔව් බං. ඔන්න ඔහෙ යමං. ගිණි කාස්ටකේ එහේ මෙහේ ඇවිදිනවට වැඩිය හොඳයි තියෙන මොන මළදානයක් හරි කනව”

කියල දෙන්න ගොඩවුණා කඩේට.

ගොඩවෙලා අඩිය දෙක ඉස්සසරහට යන්න හම්බවුණේ නෑ. මෙන්න.. සුදුම සුදු නෝනා කෙනෙක් අපේ ඉස්සරහ!

“හායි.. ගුඩ් ආෆ්ටනූන්. වෙල්කම් සර්. යූ කැන් සිට් හිඅර්.. ඕ යූ කැන් ගෝ අප්ස්ටෙයා ඉෆ් යූ ලයික්”

“ආ.. අප්ස්ටෙයාර්. යස් යස්, අප්ස්ටෙයාර් ඊස් ගුඩ්. වී ලයික්. විල් ගෝ දෙයාර්” කියල, ඔන්න එයා ඉස්සරහින්, අපි පිටිපස්සෙන්.

“ඒහ්..” යාලුව ඇඟිල්ලෙන් අනිනව.

“පිස්සු !@#$%^&පා.. බිම බලන් පලයන්. ගිහින් පාඩුවෙ වාඩිවෙයන්”

එච්චරයි, කතාව ඉවරයි. නෝනා දුන්න මෙනියු එක, අපි තේරුව කෑම ටික. බීෆ් බිරියානි එකයි (රු. 695), ස්පැගටි කාබොනාරා එකයි (රු. 795) , සීෆුඩ් සැලඩ් (රු. 895) එකයි. බොන්න කැෆේ මොකා (රු. 495) එකයි, ලයිම් ජූස් එකයි (රු. 395).

ඕඩර් කරල ඉතින් ඉන්නව. ඉන්න අතරට යාළුව..

කියන්න ඕන නෑනෙ නේ…

කොහොමහරි විනාඩි 10ක් විතරම, ඕක අහගෙන ඉඳල මට එපා වෙලා.. වෙලාවට කෑම ටික මේසෙට ආවෙ. ඒකත්, සියල්ලම එකපාරම. ආයෙ ඉතින් ලැබිච්ච චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න එපැයි කියල, යාළුවගෙ කට වැහිච්ච වෙලේ මම බැස්ස සනික බිරියානි එකට.

‘සුවඳ නං හොඳයි.. බීෆුත් හොඳහැටි තියෙයි.. බලමු කාලා’

ෂැහ්! ටොප්නෙ අනේ මංද බඩගින්න නිසාවත්ද කියල, මට නම් රසයි ඈ.. බාග වෙලාවට කටේ අවුලක්ද කියල මම තව කටක් කාලා බැලුව. නෑ.. එහෙම අවුලක් නෑ. ඇත්තටම බිරියානි එක රසයි. ඊටත් බීෆ් දාලා තියෙනවා.. තඩි කෑලි 8, 10ක් විතරම. ඒකත් නිකම් නෙවෙයි, හොඳහැටි මිරිස් තුනපහ එක්ක රසපදමට තැම්බිච්ච. හැබැයි බතේ රස නම් ඇත්තටම පොඩ්ඩක් මදි. මොකක්ද අවුල කියල හිතාගන්න බෑ, කොහොමහරි මුද්දරස්පලම්, කජු, එනසාල්, කරාබු නැටි පවා දාල තියෙනව. අනික බැදපු බිත්තරෙත් තියෙනවනෙ බ්‍රෝ.. කෙසේවෙතත් ඒකට ආපු මීකිරි සලාදයයි, මින්චි සම්බෝලෙයි එකතු වුනාම නම්.. ඒ අඩු පාඩු සියල්ලත් ඕකේ වගේ..

ඒත් අර පැස්ටා එක නම් හරි නෑ අප්ප. ඒක තනිකර වේලිච්ච ගතියයි. කට දෙක කද්දි හිතෙන්නෙ නිකම් කලින් හදල තියල රත් කරල අරගෙන වගේ. හැම්, චීස් එහෙම පදමට තිබ්බට මොකද ෆ්‍රෙෂ් ගතියක් නම් ලඟින්වත් ගියපු නැති පාටයි.

ම්.. ඒකට සැලඩ් එක, තිබ්බ නියමෙට. හොඳටම හොඳයි නොවුණට, රසයි හොඳ හැටියට. මොකද ඒකෙ සලාද, බ්ලැක් ඔලිව්, ලූණු.. එතකොට දෙහි ඇඹුල් ගතියත් තියෙනවනෙ නියමෙට. ඔක්කොමත් හරි පදමට තම්බපු ඉස්සො, දැල්ලො, මාලු ටිකනෙ! අර.. ඔලිව් ඔයිල් අඩුම කුඩුම දාලා නැතිවුණාට, මට නම් රසයි සැලඩ් එක මරුවට…

ඒත් යාළු ලයිම් එකයි, කැෆේ මොකා එකයි ගැන නම් කතා කරල වැඩක් නෑ. ලයිම් එකේ තනිකරම ලයිමෝල් හරි මොනව හරි එසන්ස් එකක්. බොරුවට පේන්න දෙහි බෑයක විතර රේණු දාලා.

කැෆේ මොකා එකේ.. නිවිච්ච කිරියි, වතුරයි, සීනියි, නිකම්ම නිකම් කෝපියි. හරියට නිකම් කිරි කෝපි එකක් බිව්ව වගේ. චැහ්, අර කාපු ටිකත් එක්ක පජාත වෙලා ගියා… 

ඇත්තටම එවෙලෙ තමයි මට හිතුනෙ, ඇයි විශ්වි එහෙම කිව්වෙ කියල!

TIP

Try Biriyani

Similar Places

User Reviews
Avatar for Shayne Brad
2

5/5

0

Shayne Brad

It's an amazing place as the location is very convenient since it's in Mount Lavinia.

The place is really nice with great staff,
the first floor was busy and crowded but the 2nd floor was really relaxing so we decided to go to the second floor.

I started with a Mango juice which was really fresh and tasted natural. my friend had el janah blast which was better.

We ordered their specialty which was the Portuguese chicken and let me tell you I have never tasted chicken like that before, it was amazing. the taste the flavor. My friend had Fish & Chips, they made it perfectly.

They bought the food pretty soon as well, and told us the roof top was also available if we would like to go, we actually went upstairs and checked it out, It was amazing. You can see the whole of Mount Lavinia from there. So we decided to have our food on the roof top. They allow to bring your own booze too, It's a good place to have parties and to chill with your friends. after our Lunch we had some coffee. It wasn't that good as I wanted it more blackish. but all together enjoyed the food and the place, will definitely go there one evening with my friends to chill with booze of course, and they said they have the BBQ on Friday to Sunday.

See 1 Comment